ලිබියාවේ හිටපු නායක මුවම්මර් ගබඩාෆිගේ දියණිය අයිෂා ඇල්ජීරියාවේ රෝහලකදී පෙරේදා (30) දරුවකු ප‍්‍රසූත කළාය. ගඩාෆිගේ බිරිඳ පුතුන් දෙදෙනා හා දියණිය වන අයිෂා කැරලිකරුවන්ගෙන් බේරීම සඳහා අසල්වැසි ඇල්ජීරියාවට පලා ගිය බව පසුගිය සඳුදා හෙළිවිය. ගඩාෆිගේ දියණිය, දියණියක බිහිකළ බව ඇල්ජීරියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවය කරන නම හෙළි කිරීමට අකමැති නිලධාරියෙක් පැවසීය. 30 වැනි වියෙහි පසුවන අයීෂා වෘත්තියෙන් නීතිඥවරියකි. ඇය 2004 වසරේ සිට පුණ්‍යායතනයක් පවත්වාගෙන යයි. දේශපාලන කටයුතුවලින් මිදී කටයුතු කළ අයිෂා පසුගිය පෙබරවාරි මාසයේ සිට සිය පියා සංවිධානය කළ රැස්වීම්වලට ද සහභාගි වූවාය. ඊට හේතුව ඇයගේ පියාට එරෙහිව කැරලිකරුවන්ගෙන් තර්ජන එල්ල වීමට පටන් ගැනීමත් සමගය. නේටෝ සෙබළුන් ලිබියාවේ දරුවන් මරා දමන්නේ යැයි ඇය ප‍්‍රචාරක ව්‍යාපාරයක් ද ගෙන ගියාය.
1
දරුණු එල්නිනෝවක් අත ළඟ ජුනි සිට ලබන අප්‍රේල් දක්වා අවදානමක් - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd