IMG-LOGO

2024 සැප්තැම්බර් මස 13 වන සිකුරාදා


ගඩාෆිට පක්ෂ බානී වාලිඩ් නගරය අල්ලා ගැනීමේ මහ සටන ඇරඹේ

ලිබියා නායක මුවම්මාර් ගඩාෆිට පක්ෂපාතී නගරයක් ලෙස සැලකෙන ටි‍්‍රපොලි අගනුවරට කිලෝ මීටර් 140 ක් දුරින් පිහිටි ‘බානී වාලීඞ්’ අත්පත් කර ගැනීමේ මහ සටන ඊයේ (05) ආරම්භ විය. කැරැලිකරුවන්ට සහාය පළ කරමින් නේටෝ ගුවන් හමුදාව බානී වාලීඞ් නගරයට බෝම්බ හෙලීම ආරම්භ කළේය. ලිබියාවේ ටි‍්‍රපොලි අගනුවර ඇතුළු ප‍්‍රධාන නගර රැසක් අත්පත් කර ගැනීමට ආයුධ සන්නද්ධ කැරැලිකරුවන් සමත්ව සිටියත් නගර හතරක බලය තවමත් ඇත්තේ ගඩාෆි හමුදා අතේය. එම නගර හතරින් දෙකක් වන්නේ බානී වාලිඞ් සහ ගඩාෆිගේ උපන් ගම ලෙස සැලකෙන සර්තේය. කැරැලිකරුවන් මේ වනවිට බානී වාලිඞ් මෙන්ම සාර්තේ නගරය ද වට කර ඇති අතර එම නගරවලින් පිටවන සියලූම මාර්ග අවහිර කර තිබේ. කැරැලිකරුවෝ බානී වාලිඞ් නගරය වට කිරීමෙන් පසු නගරයේ ගෝති‍්‍රක නායකයන් සමඟ ද සාකච්ඡා කළහ. එහිදී ගෝති‍්‍රක නායකයන් කිහිප දෙනකු කැරැලිකරුවන්ට පක්ෂව කටයුතු කිරීමට කැමැත්ත පළ කර ඇත. බානී වාලීඞ් නගරයේ බහුතරය වර්ෆාලා නමැති ගෝති‍්‍රක ජනයාය. ඔවුහු ගඩාෆි හිතවාදීහුය. එම නිසා බානී වාලිඞ් නගර වැසියන් අතරේ ද බෙදීමක් හට ගෙන තිබෙන බව කැරැලිකරුවන්ගේ පාර්ශ්වය නියෝජනය කරමින් බානී වාලිඞ් නගරයට ගිය නියෝජිත මොහොමඞ් අබ්දෙල් අසීස් පවසයි. සාමකාමී අයුරින් බානී වාලිඞ් නගරය අත්පත්කර ගැනීමේ කටයුත්ත විසඳා ගැනීමට හැකිව තිබුණු අතර ගඩාෆි පාක්ෂිකයන් ඊට විරෝධය එල්ල කිරීමෙන් පසු ඊයේ (5)සිට නගරයට පහර දීම ආරම්භ කළ බව ලිබියා අන්තර්වාර පාලක මණ්ඩලය නිවේදනය කළේය.

ගඩාෆිගේ අඹු දරුවනට රැකවල් දෙන්නේ මානුෂික හේතු මත

ඇල්ජීරියා අගමැති කියයි

ලිබියා නායක කර්නල් මුවම්මාර් ගඩාෆිගේ බිරිය සහ දරුවන්ට තම රටට ඇතුළු වීමට අවසර දී ඔවුන්ට රැකවරණ ලබා දුන්නේ මානුෂීය හේතු සැලකිල්ලට ගෙන යැයි ඇල්ජීරියා අගමැති අවධාරණය කරයි. ගඩාෆිගේ පවුලේ සාමාජිකයන්ට රැකවරණ දීම සම්බන්ධයෙන් ලිබියා කැරැලිකාර පාර්ශ්වය නියෝජනය කරන ‘ජාතික අන්තර්වාර පාලක මණ්ඩලය’ ඇල්ජීරියා රජයට දොස් පවරයි. ගඩාෆිගේ බිරිය සෆීයා, දියණිය අයීෂා සහ පුතුන් දෙදෙනකු වන මොහොමඞ් සහ හැනිබල් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද සමඟ දේශසීමා හරහා ඇල්ජීරියාවට පලා ගියේ ඉකුත් 29 වැනිදාය. ඒ, වසර 42 ක් තිස්සේ පැවැති ගඩාෆි පාලනය බිඳ වැටීමෙන් පසුවය. ගැබිනියකව සිටි ගඩාෆිගේ දියණිය අයීෂා ඇල්ජීරියාවට පැමිණීමෙන් පසු දරුවකු ප‍්‍රසූත කළාය. ”ගඩාෆිගේ පවුලේ සාමාජිකයන් සිටින්නේ අපගේ ආරක්ෂාව යටතේයි. ඔවුන් ආරක්ෂා කිරීම අපේ වගකීමක්. කැරැලිකාර පාර්ශ්වයට ඔවුන් හසුවුණා නම් ඔවුන් මරා දමන්නත් ඉඩ තිබුණා. අප ඔවුන්ට රැකවරණ ලබා දෙන්නේ මානුෂීය හේතු සැලකිල්ලට ගෙන” යැයි ඇල්ජීරියා අගමැති අහ්මෙඞ් ඔහියා පවසයි. එම පිරිස ලිබියාවට ලබා දෙන ලෙසත් ඔවුන්ට එරෙහි නීති මගින් කටයුතු කිරීමට අවශ්‍ය බවත් ලිබියා අන්තර්වාර පාලක මණ්ඩලය ඇල්ජීරියා රජයට දැනුම් දී ඇතත් ඇල්ජීරියා රජය පවසා ඇත්තේ ගඩාෆිගේ බිරිය සහ  දරුවන් ආරක්ෂාකාරීව ඇල්ජීරියාවේ රැඳී සිටින බවය. ගඩාෆිගේ බිරිය, දියණිය සහ පුතුන් දෙදෙනාට රැකවරණ ලබා දුන්නත්, ගඩාෆි රැකවරණ ඉල්ලා සිටියහොත් ඒ ගැන දෙවරක් සිතා බලන බව ඇල්ජීරියා විදේශ කටයුතු අමත්‍යාංශය ඉකුත් සතියේ වැඩි දුරටත් කියා සිටියේය. ගඩාෆි බිරිය සහ දරුවන් ඇල්ජීරියාවට පැමිණි අවස්ථාවේදී ගඩාෆි ද ලිබියාවේ සිට ඇල්ජීරියාවට පැමිණීම සඳහා ඇල්ජීරියා ජනපතිගෙන් අවසර ඉල්ලා සිටීමට උත්සාහ ගෙන ඇති නමුත් එය අසාර්ථක වී ඇතැයි ඇල්ජීරියානු පුවත්පත් වාර්තා කර තිබුණද ඇල්ජීරියා රජය ඒ බව තහවුරු කර නැත.



අදහස් (0)

ගඩාෆිට පක්ෂ බානී වාලිඩ් නගරය අල්ලා ගැනීමේ මහ සටන ඇරඹේ

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පේරු හිටපු ජනපති ඇල්බර්ටෝ ෆුජිමෝරි මියයයි
2024 සැප්තැම්බර් මස 12 77 0

පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපතිවරයකු වන ඇල්බර්ටෝ ෆුජිමෝරි අභාවප්‍රාප්ත විය. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 86 ක් බව පැවැසෙයි.


පාප්තුමා සිංගප්පූරුවට
2024 සැප්තැම්බර් මස 12 46 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා, සිය අග්නිදිග ආසියානු සංචාරයේ අවසානය සනිටුහන් කරමින්, සිංගප්පූරුව බලා පැමිණියේය. පාප්තුමන් උණුසුම් ලෙස පිළිගනු ලැබ


යුක්රේන රුසියන් යුද්ධය: මෝදිගෙන් සැම සැලැස්මක්
2024 සැප්තැම්බර් මස 12 122 0

රුසියන් යුක්රේන අර්බුදය අවසන් කිරීමට, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැදිහත් වී, සාම සැලැස්මක් සකස් කර ඇති අතර, එම සාම සැලැස්ම, ඉන්දීය ආරක්ෂක උපදේ


සැප නැවක් අයිස් කැබැල්ලක හැපිලා
2024 සැප්තැම්බර් මස 12 126 0

ඇලෙස්කාවේ, ‘කානිවල් ස්පිරිට්’ සුඛෝපබෝගී නෞකාව, ඇලෙස්කාවට ඔබ්බෙන්, මුහුදේ යාත්‍රා කරමින් තිබියදී, අයිස් කුට්ටියක හැපී ඇත. විදෙස් මාධ්‍ය මෙම පුවත වාර්ත


යුක්රේනයට පහර දෙන්න ඉරානයෙන් මිසයිල
2024 සැප්තැම්බර් මස 11 357 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී, යුක්රේනයේ ඉලක්කවලට පහර දීමට ඉරානය රුසියාවට කෙටි දුර බැලැස්ටික මිසයිල ලබා දී ඇතැයි ඇමෙරිකාව චෝදනා කරයි.


පාකිස්තානයට යන්නේ බලාගෙනයි
2024 සැප්තැම්බර් මස 11 256 0

ත්‍රස්තවාදී ක්‍රියා උත්සන්න වීමේ අවදානමක් ඇති බැවින්, පාකි්සතානයට යෑමෙන් වළකින්නැයි ඇමෙරිකන් රජය එරට වැසිය්නගෙන් ඉල්ලීමක් කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 12 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2037 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 943 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site