IMG-LOGO

ගූගල් සමාගම දරුවන් රකී

ළමුන් අපයෝජනයට ලක්කෙරෙනා අන්තර්ජාල දර්ශනයන් ඇතුළත් ඡායාරූප හා වීඩියෝ අන්තර්ජාලයෙන් ඉවත් කිරීම ගූගල් සමාගමේ ඉලක්කය වී ඇත.

 ඒවා හදුනාගැනීම සදහා අලූත්ම තාක්ෂණයක් හදුන්වාදීමටද ගූගල් සමාගම සැරසේ. එහිදී එවන් ඡායාරූප හා වීඩියෝ වහා හදුනාගැනීමට ගූගල් සමාගමට හැකිවන අතර අනතුරුව ඒවා අන්තර්ජාලය පරිශීලනය කරන්නන්ගෙන්‘‘සගවා‘‘ තබා ගැනීමට හා ඉවත් කිරීමට හැකියාව ගූගල් සමාගමට ලැබෙනු ඇත.

මේ ව්‍යාපෘතිය සදහා නිදහස් මෘදුකාංග සංවර්ධනය කරන්නන්ගේද සහය ගූගල් සමාගම අපේක්ෂා කරයි.වෙන්කර ඇති මුදල පවුම් මිලියනයකටත් අධිකය.

2008 වසරේ සිටම ගූගල් සමාගම ළමයින් හා ලිංගික කි‍්‍රයාකාරකම් ඇතුළත් ඡායාරූප හා වීඩියෝවන් ගැන විමසිල්ලෙන් සිටියද එය පැහැදිලි දැක්මක් ඇතිව සිදුකළ දෙයක් නොවීය. මෙනිසා බොහෝ විවේචන සමාගම වෙත එල්ල වුවද බළධරයෝ ඒවා නොසළකා සිටියහ.

තත්ත්වය වෙනස් වූයේ පසුගිය වසරේදී මාක් බි‍්‍රජර් නම් බි‍්‍රතාන්‍ය ජාතිකයෙකු එයිප‍්‍රල් ජෝන්ස් නම් දොළොස් හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් වදදී මරා දැමූ සිද්ධියෙන් පසුවයි.

මාක් බි‍්‍රජර්ගේ පරිගණකය පරීක්ෂා කළ අපරාධ පරීක්ෂකයන්ට ළමා අපයෝජන ඇතුළත්ව තිබූ ඡායාරූප හා වීඩියෝ රාශියක් හමුවූ අතර ඒ එකක්වත් මාක් පෞද්ගලිකව ගත් ඒවා නොව අන්තර්ජාලයෙන්ම ලබා ගත් ඒවා බව හෙළිවිය.

නඩුවේදී මාක් එම ඡායාරූප හා වීඩියෝ නරඹා ඒවායින් මනස දුෂිත වී මේ අපරාධය කළේයැයි පැවැසුණු අතර එනිසාම ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම විය.

යළිත් එවන් සිදුවීමක් සිදුනොවීමට කටයුතු සම්පාදනය කිරීම ගූගල් සමාගමේ අභිප‍්‍රායයි.



අදහස් (0)

ගූගල් සමාගම දරුවන් රකී

මහින්ද Wednesday, 19 June 2013 04:26 AM

වැරදි අඩුපාඩු හදාගෙන හොද සේවයක් කරන ගූගල් සමාගමට ප්‍රණාමය! ගූගල් වර්ජනය කරන්න කියපු මන්ත්‍රීට දැන් ඒ අදහස අයින් කර ගන්න හොද වෙලාව (නි)

:       0       0

ලසන්ත Wednesday, 19 June 2013 09:33 AM

ඒවා එහෙම වෙන්නේ ඇයි දන්නෙ නැහැ. ඒවා ලේවල තියන දේවල්. අනික එහෙම අයින් කලොත් වේදිකාවේ බෙරිහන් දෙන්නේ මොනවා කියලද? අපේ රටේ උදවියට ඔල්වරසන් දෙන්න මාතෘකා කොයින්ද එතකොට? (නි)

:       0       0

සාගර Wednesday, 19 June 2013 11:40 AM

යමෙකු දෙයක් කියූ පමණින් එය කළා වන්නේ නැත. මහින්ද වගේ කට්ටිය තමයි මම අරක කරන්නම් මේක කරන්නම් කියලා දේශපාලකයො කිව්වම දුවලා ගිහිල්ලා කතිරෙ ගහන්නෙ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 157 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 681 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 132 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site