කෙස් සහිත විශ්මිත කෘමියෙක් දකුණු ඇමෙරිකා වැසි වනාන්තරයකින් සොයාගත් බව පරිසරවේදීන් පවසයි. දිගින් මිලි මීටර හතක් පමණ උපරිම වර්ධනයක් පෙන්වන මේ කෘමියාගේ සිරුර රන්වන් පැහැතිය. සිරුරේ තැඹිලි පැහැති තිත් හා ඉරි දක්නට ඇත. නිම්ෆ් යන නමින් හඳුන්වා ඇති කෘමියාගේ පිහිටි කෙස් රොද වර්ණවත්ය. පිහාටු නැත. තණකොළපෙත්තා, කැරපොත්තා සහ බත්කූරා වැනි සතුන්ගේ ලක්ෂණ ද දරන මේ සත්ත්ව විශේෂ සතු වර්ණවත් කෙස් ඉටි වැනි ද්‍රව්‍යයකින් සෑදී තිබේ. මේ කෙස්රොද සිය සතුරන් මගහැරීමට භාවිතා කරන බව ද පර්යේෂකයන් සොයාගෙන ඇත.
මෙතෙක් ලොව වාර්තා වී ඇති කෘමීන් අයත් කිසිදු ඝනයකට (සත්ත්ව කාණ්ඩයකට) වර්ගීකරණය කළ නොහැකි බව ආචාර්ය ලාසන් පවසයි. පර්යේෂකයන් පෙන්වාදෙන්නේ බිත්තර දමා සිය වර්ගයා බෝකරන මේ කුඩා කෘමි විශේෂය පරිනාමය වීමේ වේගය ඉතා අවම බවයි.
1990 වර්ෂයේ දී පමණ ලොව ඉතා ජනප්‍රිය වූ කෙස් සහිත බෝනික්කකු මෙන් මේ කෘමියා දිස්වෙයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මධු නම් මවල තියෙන්නේ දෙවියෙක් කියල පේනවා..(නදී)
අනේ ඇත්තද මධූ පව් ඔයා.(නදී)
ඇයි දන්නේ නැහැ නේද මේ සතාව වෙනත් විදියකට මැව්වේ.(නදී)
තිලිණ, මිනිසුන් පරිණාමය උන බවට සාක්ෂි ඕන තරම් තිබෙනවා. අතරමැද පුරුක් වල පොඩි ප්‍රශ්නයක් තියෙන බව පේනවා.ඒත් ඔය කියන විදියේ අතරමැද පුරුක් ලංකාවේ තවමත් ජීවත් වෙනවා. (ස)
මධු, මේ තරම් විද්‍යාව දියුණු ලෝකේ ඔයා තාමත් හිතන්නේ මිනිසා මැව්වේ දෙවියෝ කියලද? අනේ අපොයි.(නදී)
දෙවියන් මවන ලද්දේ කවුද? (නි)
http://www.lankadeepa.lk/index.php/articles/192290 මෙය කියවන්න ඇත්ත දැනගන්න (නි)
පොතේ නම - බුද්ධාස් බ්‍රෛන්: ද ප්‍රැක්ටිකල් නියුරෝසයන්ස් ඔප් හැපිනස් ලවු ඇන්ඩ් විස්ඩම් (ස)
මධු , දෙවියෝ ඔයාව මවද්දී තර්කන ශක්තිය සහ මොලය දෙන්න අමතක වෙලාද කොහෙදෝ? (නදී)
නිසංසලා විද්‍යාව දියුණු වෙච්ච හින්ද තමයි මේ ලෝකේ මැව්වේ දෙවියෝ කියල කියන්න පුළුවන් වෙන්නේ. ඔයා නම් තාම ඉන්නේ ඉතාම ගැඹුරු වලක. ඒ නිසා නිසංසලා දැන්වත් පරිස්සමින් එන්නකෝ එලියට.(නදී)
කරුණාකරලා අදහස් දමන සමහරු මිනිස්සුන්ගේ විශ්වාස වලට අපහාස කරන්න එපා. (නි)
ඇල්බට් අය්න්ස්ටයින් කියන්නේ බුදු දහම පිළිගත් කෙනෙක් (ස)
මෙයා රතු ඉන්දියානුවන්ගෙන් පැවත එන්නෙක්. (ස)
සජිත්, සත්‍යය වටහා ගන්න බැරි ඔයාලා වගේ අහසින් වැටුණු අයව නම් කෝමත් දෙවියන් මවන්න ඇති කියලා හිතෙනවා. විද්‍යාව කියල වෙන මොනවා හරි ඉගෙන ගන්නවා ඇති. ඔයා නම් ඉන්නේ වලක නෙවෙයි. ඊටත් එහායින් ගිය අන්ධකාර ගුහාවක. ඔය මොළය සෝදන් ඇස් දෙකත් ඇරලා ලෝකය බලන්න. පරිණාමවාදය අවිශ්වාස නම් මෝඩ තර්ක නොකර වැඩක් බලා ගන්න. අනික් අයවත් ඔය වලටම ඇදල අරන් මොළ නරක් කරන්නෙ නැතුව. (ස)
සජිත් අයියේ මම වෙනත් නිසංසලා කෙනෙක්. මමත් ඒ නිසංසලාගේ අදහසට එකග නැහැ. හැබැයි විද්‍යාව දියුණු වුනාට පස්සේ ලෝකෙ දෙවියො මැවුවා කියලා හොයා ගත්තෙ කවුද? මම නම් කියන්නේ කවුරු වුනත් දේවවාදයයි අදේවවාදයයි ගැන තර්ක කරන්න වුවමනා නැහැ කියලා. (නදී)
අනේ! ඔය දෙවියෝ ඉන්න තැන මටත් කියන්නකෝ. ඔය කියන විදියට මුළු විශ්වයම මවන්න දෙවියන් බලගතු වුණා නම්, මේ දෙවියන්ව මවන්න තරම් බලගතු වුණේ කව්ද ? ඔය බලගතු දෙවියන් අදහන කට්ටියටම දෙවියන්ම නුවණ දෙත්වා. (නි)
දෙවියෝ ඉන්නවා. එක්කෙනෙක් නෙමෙයි තිස්තුන් කෝටියක්. (නි)
හුඟක් සත්තු තමන්ගේ ආරක්ෂාවට පාට වෙනස් කිරීම හැඩය වෙනස් කිරීම ආදිය කරනවා .මෙවුවා කවුරුන්වත් මැව්වද කියන්න පුලුවන්ද? (ස)
ඇත්තටම පුදුමයි (නි)
දෙවියන් මවන ලද්දේ මිනිසා විසිනි. ලෝකයේ පහල වූ සුපිරිතම ජීවියා වන මිනිසාට පමණක් එය කල හැකිය. මිනිසා ඔහුගේ මනසින් දෙවියන් නිර්මාණය කර එම සුපිරි මනසින්ම තමා තමන් විසින් නිර්මාණය කරන ලද සංකල්පයේ මැවුමක් යයි විශ්වාස කිරීම ප්‍රහේලිකාවකි. (මිනිසා විසින් මවන ලද අවසන් දෙවියා වන "සචින් ටෙන්ඩුල්කාර් දෙවියා" හෝ ඔහුගේ දේවාලය වෙනම කතා කල යුතු සිදුවීමකි.) (ස)
සැමදේම දෙයියන්ටම භාර දීලා හිටියාම හරි. (නි)
හැමදේම දෙයියෝ....... හොදක් කළත් දෙයියෝ...... වැරැද්දක් කළත් දෙයියෝ......... හැබැයි මොකක් හරි තමන් ළග තියෙන දෙයක් මගේ.එතකොට දෙයියෝ අමතකයි. (නි)
කොණ්ඩ කටුවක් වගේ ගහන්න හොඳයි මූ. විස වුණාට ලස්සනයි. (නි)
සජිත් විද්‍යාව දියුණු වුන නිසා ලෝකේ මැවුවේ දෙවියෝ කියල කියන්නේ කවුද අපිටත් දැනගන්න කියන්නකෝ ඔයා ඉතින් වලේ ගොඩ නේ ඉන්නේ .(ස)
මෙන්ඩිස් මහත්තයෝ,ඩාවින්ට පසු කාලීනව වර්ධනය වූ පරිණාමවාදයයි, විද්‍යාවයි බුදු දහමයි කියන්නේ වෙනත් මං දෙකක් ඔස්සේ යන කාරණා. විද්‍යාවට අනුකූල කරන්න බුදු දහම උත්සාහ කළොත් ඒකෙන් වෙන්නෙ විද්‍යාවේ සප්‍රමාණවාදී නිගමනයන් විනා සත්‍යයක් බුදු දහමට නොලැබී යාමයි. (නි)
අනේ මට ලොකු ගැටළුවක්, මේ ඔක්කොම කෘමියාගේ කෙස් පිළිබඳව කෙස් පැලෙන අදහස් දලා තියන්වා. නිසංසලා,වීර, දාස්, මධු, රූපවතී අක්කේ අනේ කව්රුහරි කියලා දෙන්නකෝ මේ සතාගේ කෙස් තියෙන්නේ හරියටම ඔලුවේමද කියලා (ස)
මෙන්ඩිස් විසින් දී ඇත්තේ ඉතාමත් සුගම පිළිතුරක්. මිනිසා මවන ලද්දේ දෙවියන් විසින් නම් මෙන්ඩිස් වන්නෙකු පහළ වීමට දෙවියන් කිසිසේත්ම ඉඩ තබන්නේ නැත. ඇරත්, ඉපදුනත් ජීවත් වෙන්න දෙන්නේ නැත. මෙන්ඩිස් ගේ දෙමව් පියන්ට පින් සිද්ධ වෙන්න ඔහු ඉතාමත් නිරෝගී මනසක් ඇතිව ඉපදී ලෝකයාගේ ඇස් ඇරවීමට කරන උත්සාහය ප්‍රසංශනීයි. (ස)
විශ්වාසයන් ගැන තර්ක කිරීම තරම් නුගත්කමක් තවත් නැහැ. ආගම දහම එකිනෙකාට අදහගන්න ඉඩ දීලා තම දහම පිළිපදින එක හොඳ දෙයක්. හැම දහමකම ඔප්පු කළ නොහැකි දේ බොහෝ තිබෙනවා. ආගම් ගැන තර්ක කරන වෙබ් අඩවියකට ගිහින් බලන්න. මම දෙවියන් වහන්සේව විශ්වාස කරන්න මට ඇති තරම් සාක්ෂි අත්දැකීම් තියෙනවා. ඒවා තර්ක වලින් බිදින්න බැහැ. 21 වැනි ශතවර්ෂය කිසිම ආගමක් ඔප්පු කරලා නැහැ. පාපය, පින, සහ තව බොහෝ දේ විද්‍යාව අනුමත කරන්නේ නැහැ. ඒ නිසා එකිනෙකාව හෑල්ලුවට පත් නොකර තම ආගම අදහන්න! (නි)
දෙවියෝ මැව්වා වෙන්න ඇති (නි)
මෙන්ඩිස් පරිණාමවාදය මොකක්ද කියන එක තමුන්නාන්සේ දන්නේ නැති එක ගැන මම දුක් වෙනවා. නිකන් ඔයාට ඕනෑ දේවල් විතරක් අන්තර්ජාලෙන් අරන් බලන්නේ නැතුව නිකන් හිත පොඩ්ඩක් ඇරලා බලන්න මෙන්ඩිස් (නි)
පරිණාම වාදය නිවැරදියි කියන අය කියන්න බලන්න. මනුෂ්‍ය වානරයාගෙන් පරිණාමය වුණා නම් අතරමැදි පුරුක් වලට මොකද වුණේ? වානරයා ඇයි තවදුරටත් පරිණාමය නොවන්නේ? (නි)
පරිණාමවාදය මම විශ්වාස නොකරමි (නි)
දෙවියන්වහන්සේ තමු එසියාලු දේ මවල තියන්නේ. පිටසක්වල ජීවියෙක් හොයාගන්න. එතකොට පලුවන් ඔය කයන හැමෝටම දෙවියන්වහන්සේ බොරු කියල කියන්න. දෙවියන්වහන්සේ ජීවමානයි.(ස)
නෝනා කෙනෙකුට ඇදුම් මෝස්තරයක් හදමුකෝ මෙයාව බලාගෙන (නි)
ඒ වුණාට පවු අනේ (නි)
වීර, දෙවියන් කියන නාමය අර්ථය දැනගෙන කතා කරන්න. නිසංසලා, ඔයා ඇයි අන්තර්ජාලය හොඳ දේවල් වලටත් යොදවන්නේ නැත්තෙ. පරිනාමවදාය පට්ටපල් බොරුවක් වගේම ඒක කවුරුත් සත්‍යයක් කියල පිලි අරන් නැහැ. ඒ වගේම ඒක නිකම්ම නිකම් ඩාවින්ගේ වාදයක් වගේම විද්‍යාඥයන්ට වදයක්. (ස)
ඉස්සරහ පස්ස අදුරගන්න බැරි පාටයි (නි)
මෙතන ප්‍රතිචාර දක්වල තියෙන බහුතරයක් අඩුම තරමේ මේ ලිපියේ අන්තර් ගත දේ ගැන අදහස් දක්වන්න තරම් උනන්දුවක් දක්වල නෑ. මෙතැන තියෙන කොමෙන්ටු දැක්කම මට නම් හිතෙන්නේ අපි ජාතියක් විදියට වෙනස් අදහස් වලට කිසිම වෙලාවක අවස්ථාවක් දෙන්න තරම් ශික්ෂණයක් ලබල නෑ කියල. අපි විද්‍යාව කියල සුද්දෝ උගන්නපු මොනා හරි දෙයක් කටපාඩමින් මතුරනවා හැර අපේම දැනුමක් කවදාවත් ලෝකයට නිර්මාණය කරන්න කවදාවත් උත්සහ කරන බවක් පේන්නේ නැහැ. හෙට සුද්දෝ කිව්වොත් මිනිහා පරිණාමය උනේ වදුරගෙන් නෙමේ හරකෙක් ගෙන් හරි ඌරෙක්ගෙන් හරි කියලා, අපේ සෙට් එක දොහොත් මුදුන් දීල පිළිගනී කිසිම ප්‍රශ්න කිරීමක් නැතුව. (නදී)
සමහර අයගේ දැනුම විශ්වාස තාම ගල් යුගයේ. ඔබතුමන්ලාගේ ඔය මනකල්පිත මැවුම්කරුට තියෙන ගෞරවය, භක්තිය වදපු දෙමාපියන්ට ජීවත්වෙන තම පවුලට දුන්නොත් කොච්චර වටිනවාද. ඔබ සැමට තෙරුවන් සරනය්!.(ස)
බලු මැක්කෙක් නේද මේ චන්ඩියා වගේ ඉන්නේ ...? (ස)
මෙච්චර දීයුනු ලෝකයේ දෙවියෝ මැව්වා කියල පිලි ගන්න කොටසකුත් ඉන්න වනේ ? එත කොට කව්ද දෙවීයෝ මවල තියන්නේ ? සෝභා දහමේ අපුරු නිර්මානයක් ! (ස)
ස්ටැන්ලි, ඔබ ඔය තරම් දෙවියන් ගැන දන්නවා නම් දෙවියන්ගේ ආරම්භය කුමක්ද?දෙවියන්ට පෙර සිදුවුයේ කුමක්ද?දෙවියන් කල දේවල් විද්‍යානුකූලව තහවුරු කරන්න. දෙවියන් යක්ෂයා මැව්වේ ඇයි? දෙවියන්ට වරදීමකින්ද බින්ලාඩන් මැව්වේ? කුරුස යුද්ද වලින් කිතුනුවන් පරාජය කලේ දෙවියන්ද? (නදී)
තිළිණ, තරහ වෙන්න එපා කිව්වට. අනාගත වානරයින් පරිණාමය වීම ලංකාවේ වර්තමාන දුෂිත දේශපාලන අඥානයින්ගෙන් ඇරඹුන බවක්ද මේ දිනවල සංවාදයට ලක්ව තිබෙනවා. මේ අසා කම්පා වන්න එපා! (නි)
මොලේ තියන ටික දෙනෙක් මෙතන ඉන්න නිසා සතුටුයි. මොන තරම් බුද්ධිය ගැන කිව්වත් තම මරණය නවත්වන්න බෙහෙත් හොයාගෙන නෑ. මොන ආගමෙන් බැලුවත් නිවන් දැක්කා කියල කවුරුත් ඔප්පු කරල නෑනේ. ගිය කෙනෙකුට කියන්නත් බෑනේ. ඔය කියන පණ්ඩිතයනට විද්‍යාවෙන් ඔප්පු කරල පෙන්නන්න වෙයි. (ස)
සජිත්,මධු,ස්ටැන්ලි අපි නම් නුඹලා වගේ අපේ ජාතිය ආගම සුද්දන්ට පාවලා දුන්නේ නැහැ කියලා අභිමානයෙන් කියනවා. (නි)
දෙවියෝ ඉන්නවා මට කියන්න තියෙන්නේ එච්චරයි ඕවා අනික පරිණාමවාදය නිකම්ම නිකම් ඩාවින්ගේ වාදයක් විතරයි සත්‍ය නොවේ (දිල්)
මෙන්ඩිස් එහනම් කියන්නකෝ ඔය කියපු පහළවීම කොහොමද උනේ කියල (මිනිසා) ඒ වගේම ඔය මිනිසාට පුළුවන් උනාද මැරෙන්නෙම නැතුව ඉන්න මේ ලෝකේ ? නිකන් මෝඩ අදහස් දාන්න එපා හලෝ, මේක විසි එක වන ශතවර්ෂය ඇල්බර්ට් අය්න්ස්ටයින් උනත් පිළිගත්තා දෙවියෙක් ඉන්න විත්තිය . (ස)
නිවන යනු නිවී යාම යන අරුත දේ. ඒ කෙසේද යත් පහන් සිලක් නිවී යාම වැනිය. ඒ සදහා වැඩ පිළිවෙලක් තිබේ. එය නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එය නිවැරදිව පහුණු වූ කවර හෝ අයෙකුට නිවන් මාර්ගයේ දොරටු විවර වීම ඔහුටද හෝ නැවැත්විය නොහැක. මෙය සියලු බුදුවරයන්ගේ නිර්දේශයි. තෙරුවන් සරණ වේවා .....! (නදී)
තමුන් මේ විශ්වය ගැන හැම දෙයක්ම දන්නවා කියල හිතනවා තරම් මෝඩ කමක් තවත් නැහැ.(නදී)
මධු ඔයා මිත්‍යා මත විශ්වාස කරන්න එපා.(දිල්)
යන්නේ කොහෙද මල්ලේ පොල්.සුජිත් , ස්ටැන්ලි මොනවද මේ කියන්නේ? (නි)
සජිත්, මධු, ස්ටැන්ලි. මොඩයෝ වගේ හිතන්නෙපා. ඇස් දෙක ඇරලා ලෝකෙ දිහා බලන්න. (ස)
මේකේ ප්‍රතිචාර දාන ගොඩක් අය තමන් හරි බුද්ධිමත් අය කියලා පෙන්නනවා. ඒ උනාට ඕනෙම කෙනෙක්ට තේරෙනවා මේ අය මොන්ටිසෝරි තර්ක ඉදිරිපත් කරන්නේ තමන්ගේ මහ උගත්කම පෙන්නන්න විතරයි කියලා. කතාව කියවලා ඊට අදාල ප්‍රතිචාර දාන්නේ නැහැ. අනිත් කාරණාව තමයි මෙතන වැදගත් ප්‍රවෘත්තියකට හොද කතිකාවක් හදා ගන්න කවුරුත් ප්‍රතිචාර දාන්නේ නැහැ. (නදී)
දෙවියන් වහන්සේ විසින් මවන ලද මිනිසා විසින් නාෙසොයාගත් දේවල් තව ලොව බාෙහොමයක් අැත (නි)
කුරුමිනියෙක් කරපු දෙයක්(දිල්)
විද්‍යාවේ සොයා ගැනීම් සහ බුදු දහම ගැන ඇමරිකන් මහාචාර්ය වරු කීප දෙනෙක් ලියපු පොතක් තියෙනවා. ඒක කියවපුවම දෙවියෝ කවුද කියල තේරෙයි. (නදී)
සජිත් - පහළවීම කොහොමද උනේ කියල විද්‍යාත්මකව දැනගැනීමට අවශ්‍යනම් පරිණාමවාදය හදාරන්න. දාර්ශනිකව දැනගැනීමට අවශ්‍යනම් බෞද්ධ දර්ශනය (මේ වෙලාවේ මට එම සුත්‍රයේ නම මතක නැත) හදාරන්න. එහි ලෝකයේ 'ලා රසය' පහල වීමේ සිට ගොවි යුගය දක්වා විකාශනය පැහැදිලිව දක්වා තිබේ. විස්මයජනක කාරණය වන්නේ පසුකලෙක ඩාවින් ගේ පරිණාමවාදය විද්‍යාත්මකව කරනා විග්‍රහය එයට බෙහෙවින් සමාන වීමයි. ඇල්බට් අය්න්ස්ටයින් දෙවියෙක් ඉන්න විත්තිය පිළිගත් බවක් අසා නොමැත. නමුත් නුතන විද්‍යාවෙන් පවා බෞද්ධ දර්ශනයට අභියෝග කල නොහැකි බව අය්න්ස්ටයින් පැවසු බව අසා ඇත්තෙමි. ආතර් සී ක්ලාර්ක් විද්වතාද මීට සමාන මතයක් දැරූ බව අසා ඇත්තෙමි. (ස)
විශ්වාසයන් ගැන තර්ක කිරීම තරම් නුගත්කමක් තවත් නැහැ. කිසිම ආගමක් විද්‍යාවෙන් ඔප්පු කරලා තියෙනවා නම් එය පොතපතින් සාක්ෂි ඇතුව පෙන්වන්න, (නි)
නියමයි