IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


‘කොවිඩ්-19’නීති කඩ කළොත් දඩය පවුම් 10,000 යි

නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය නැවැත්වීම සඳහා ක්‍රියාත්මක කර තිබෙන නීතිරීති මෙන්ම විශේෂයෙන්ම ස්වයං-නිරෝධායන නීති කඩ කරන්නන්ට බ්‍රිතාන්‍ය පවුම් 10,000 (ඇමෙරිකානු ඩොලර් 13,000 - රුපියල් විසිහතර ලක්ෂයකට ආසන්න මුදලක්) දඩයක් පැනවීමට එංගලන්ත බලධාරීන් තීරණය කර ඇත.

එංගලන්තය තුළ නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ලක් ඇති වීමේ අවදානමක් හටගෙන තිබෙන අතර එම නිසා නව සහ දැඩි රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට එරට බලධාරීන් තීරණය කර ඇත.

මෙම නව රෙගුලාසි සැප්තැම්බර් 28 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත ය. නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි හඳුනාගත් තැනැත්තන් සහ ඔවුන් ඇසුරු කරන ලද සමීපතම පුද්ගලයන් ඔවුන්ගේ ආශ්‍රිතයන් ආදී පුද්ගලයන්ට මෙම නව නීති ක්‍රියාත්මක වේ.

“මේ නීති රෙගුලාසි නොසලකා හරින අයට සැලකිය යුතු දඩයක් ගෙවන්න වේවි” යැයි අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් නිවේදනයක් නිකුත් කරමින් සෙනසුරාදා සඳහන් කළේය.

ස්වයං-නිරෝධායනය ඇතුළු ‘කොවිඩ්-19’ වයිරස වසංගතය පැතිර යෑම වැළැක්වීම සඳහා පනවා තිබෙන පළමු මට්ටමේ නීතියක් හෝ රෙගුලාසියක් කඩ කළහොත් එසේ කරන පුද්ගලයන්ට පවුම් 1,000 (ඇමෙරිකානු ඩොලර් 1,300) දඩයක් නියම වේ. එකම වරද දිගින් දිගටම හෝ ඊට පසුත් නීති රෙගුලාසි කඩ කරන්නේ නම් හෝ සහ ඒවායේ බරපතළකම අනුව ගෙවීමට සිදුවන දඩ මුදල්වල වටිනාකම පවුම් 10,000 දක්වා ඉහළ යයි.

එමෙන්ම සිය රාජකාරීවලට නොගොස් ස්වයං-නිරෝධායනයට යොමුවන සේවකයන්, සේවයෙන් නෙරපන බවට තර්ජනය කරන සේවා යෝජකයන් හා හාම්පුතුන්ට ද එසේ දඩ ගෙවීම්වලට යටත් වේ.

ස්වයං-නිරෝධායනයට යොමුවීම හේතුවෙන් ආදායම් අහිමි වන අඩු ආදායම්ලාභීන්ට අනෙකුත් ප්‍රතිලාභවලට අමතරව පවුම් 500 (ඇමෙරිකානු ඩොලර් 650) ක සහාය  දීමනාවක් ද හිමිවන අතර ඔවුන්ට අසනීප ගෙවීමක් ද ලැබෙනු ඇත.

“මූල්‍ය තත්ත්වය, ආදායම් සැලකිල්ලට ගත්තාම බොහෝ පිරිසකට මේ නීතිරීති පිළිපදින්න අමාරුයි. ස්වයං-නිරෝධායනය වෙන්න ඔවුන්ට මූල්‍යම හැකියාවක් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ” යැයි අග්‍රාමාත්‍ය ජොන්සන් කීය.

දැනට පවතින නීතිරීති හා රෙගුලාසිවලට අනුව ‘කොවිඩ්-19’ රෝග ලක්ෂණ පෙන්නුම් කරන සහ වයිරසය ආසාදනය වී ඇතැයි හඳුනාගත් ගත පිරිස්වලට දින 10ක් ස්වයං-නිරෝධායනයට යොමු වන්නැයි උපදෙස් දී තිබේ. රෝග ලක්ෂණ ඇති සහ හෝ මෙන්ම වයිරසය ආසාදනය වූ පුද්ගලයන් සමඟ ජීවත් වන අය දින 14ක් නිරෝධායනය විය යුතු ය.

ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ 42,000කට වැඩි පිරිසකට ජීවිත අහිමි වී තිබේ. එම ගණන යුරෝපයේ රටකින් වාර්තා වන වැඩිම නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන ද වේ.

ගිම්හාන සමයෙන් පසු වයිරස ආසාදිතයන් වාර්තා වීමේ වැඩි වීමක් ඇතැයි ද එබැවින් නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ලක් ඇතිවීමේ අවදානමක් ඇතැයි ද අගමැති ජොන්සන් සිකුරාදා අනතුරු ඇඟවීය.

රොයිටර්

055

 

 



අදහස් (0)

‘කොවිඩ්-19’නීති කඩ කළොත් දඩය පවුම් 10,000 යි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 667 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1113 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site