මැක්සිකෝ බොක්කේ මෝරුන් 750ක් යොදා ගනිමින් කරන ලද පර්යෙෂණයකින් සනාථ වී ඇත්තේ සාගරයේ ඇතිවන සුළි සුළං තත්ත්ව සම්බන්ධයෙන් මෝරුන්ගෙන් පැහැදිලි අනාවැකි ලබාගත හැකි බවයි.
මැක්සිකෝ බොක්කේ පිහිනමින් සැරිසරණ මේ මෝරුන 750ගේ සිරුරුවල චන්ද්‍රිකා සංවේදී චිපයක් සවිකැර ඇත. මේ චිපය මගින් සැපයෙන දත්ත විශ්ලේෂණයෙන් සුළි සුළං තත්ත්වය පැවසිය හැකි බව ද විද්‍යාඥයෝ කියති.
මියාමි විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පසුගිය දසවසර තුල මෙම සතුන්ගේ ශරීර තුල චන්ද්‍රිකා සම්බන්ධක පතුරු සවිකරණු ලැබුවේ මෙම සාගරයේ විවිධ ගැඹුරු වලදී ජලයේ උෂ්ණත්වය සහ ලවණතාවය පටිගත කර ගැනීමේ අපේක්ෂාවෙනි.
මෙම මත්‍යසයන් ක්‍රියා කරණ්නේ ජෛව සංවේදක ලෙස බව සමුද්‍ර ජීව විද්‍යාඥ ජෙරල්ඩ් ඔල්ට් මාධ්‍යයට පවසා ඇත. මොවුන් කිමිදෙමින් ජලයේ උෂ්ණත්වය දැක්වෙන ලම්බාකර චිත්‍රයක් නිර්මානය කරයි.
මෙම ලම්බාකාර චිත්‍රය මගින් විද්‍යාඥයන්ට සාගරයේ තාප අන්තර්ගතය ක්‍රමාංකනය කිරීමට හැකි අතර අවදානම් සංඛ්‍යාතය මගින් කුනාටුවේ වේගයේ ප්‍රබලතාවය පිලිබඳ අනාවැකි පලකළ හැකිය.
මෝරුන්ගේ මෙම සම්බන්ධක මගින් චන්ද්‍රිකා උපයෝගී කැර ගනිමින් ලබාගත නොහැකි ඉතා සියුම් දත්ත වලට ප්‍රවිෂ්ට වීමට කාලගුණ විද්‍යාඥයන්ට හැකියාව ලැබී ඇත.
මෝරුන් ගේ සම්බන්ධක පතුර සවිකොට ඇත්තේ පිටේ ඇති වරලට පහළින් වන අතර එහි රුධිර සෛල ස්වල්පයක් ඇත. ස්නායු පටක මෙම ස්ථානයේ ඇත්තේ සුළු වශයෙනි.
මෝරුන් ජලය මතුපිටට පැමිණෙන විට හෝ ජලය දෙබෑකර යනවිට මෙම සම්බන්ධක පතුරු ආරෝපණය වේ. එවිට එහි පටිගත වී ඇති දත්ත චන්ද්‍රිකා වලට සම්ප්‍රේෂණය වේ.
මෙම දත්ත පරිශීලනයෙන් සැඩ කුණාටු මගින් විනාශ විය හැකි ජීවිත ආරක්ෂා කරණ බව ජෙරාල්ඩ් පවසයි. මෙම මත්‍ස්‍යයන් මගින් අසීමිත තොරතුරු ප්‍රමාණයක් ලබාදෙන බවත් ඇත්ත වශයෙන්ම එමගින් උද්දීපන අවකාශයක් නිරූපනය කරණ බවත් කාලගුණ හා සාගර විද්‍යාව පිලිබඳ මහාචාර්ය හා ඇමරිකානු පුවත් පත් මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ නික් ෂේ කියයි.
2025 දෙසැම්බර් මස 18
69
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
137
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
935
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කාලගුණයට මෝරුන්ගෙන් අනාවැකි
රන්ජිත් Monday, 02 June 2014 09:38 PM
මෙම සොයාගැනීම සාර්ථක වේවා! (නි)
දීප්ත Tuesday, 03 June 2014 01:32 PM
මෙම සොයාගැනීම සාර්ථක වේවා. බොහොම හොඳ පර්යේෂණයක් (නදී)
ගිහාන් Monday, 02 June 2014 08:00 AM
බොහොම හොඳ පර්යේෂණයක්. සාර්ථක ප්‍රයත්නයක්. මෝරුන්ට බලපෑමක් නොවේ නම් ඉතාමත් හොඳයි. මේ වගේ සාර්ථක වැඩක් ගැන අපට දැනුම් දුන්නාට "ලංකාදීපයටත්" ස්තුතියි. (නි)