යුරෝපයේ විහාරස්ථානයක ප‍්‍රථම වරට පවත්වන ලද කිරි අම්මා දානය පැරීසියේ විල්නෙව් සෙන්ට් ජෝර්ජ් හී සමාධි විහාරයේදි පැවැත්විණි.
මෙයට සමගාමීව පොසොන් පෝය වෙනුවෙන් පෙහෙවස් සමාදන් වීමේ පිංකමක් ද සිදු කැරිණි.
විහාරාධිපති තලංගල්ලේ සුමංගල , විලච්චියේ ධර්ම විජය , බෝපේ චන්දානන්ද , කිරින්දේ ධම්මාලෝක යන හිමිවරුගේ ප‍්‍රධානත්වයෙන් පිංකම් පැවැත්විණි.්
ඉතාලියේ මෙස්සිනා බෞද්ධ විහාරයේ විහාරාධිපති විලච්චියේ ධර්ම විජය හිමියෝ ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා ආදි වැඩසටහන් මෙහෙයවමින් පොසොන් පෝය වැඩසටහනක් ද සිදු කළහ.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුමංගල හාමුදුරුවෝ බෞද්ධ කටයුතු හරි ලස්සනට කරනවා . අනෙක් අය වගේ ලෝකෙට පරකාසේ වැඩ නැහැ .අනෙක් අය කට්ලට් එකෙනුත් සල්ලි ගරන්න තමයි ෆුල් ට්‍රයි එක . අර ඩේ ,මේ ඩේ කියලා නම් දා ගෙන කරන්නේ බැංකුව තර කරන එකනේ . (අ)
අනේ අපේ වීරෝදාර මහින්ද ජනපති තුමාට නැවත බලයට එන්න සෙත් පතන්නකෝ (නදී)
සාදු සාදු උතුම් පින් කමක්. (ස)
මේ කිරි මුට්ටිය නේද . කිරි අම්මාවරු මහින්දගේ ඔලුවේ ඇතිල්ලුවේ. මෙතන එහෙම දෙයක් නැහැනේ. දේශ පාලුවන් නැති පින්කමක් දැක්කේ ගොඩක් දවසකින්. (ස)
උතුම් මාතෘත්වයට කරන ගෞරවයක්. ගරු ස්වාමින් වහන්සේලා සමඟ දායක පිරිස මෙවන් කටයුතු සිදු කිරීම ප්‍රසංසනීයයි. සියලු සිත් තුල මෙත් කරුණා මුදිතා ගුණ වර්ධනය වේවා ! (අ)
පැරිසියේ විල්නව් සෙන්ට් ජෝර්ජ්හි සමාධි බෞද්ධ මධ්‍යස්ථානය උගත් බුද්ධිමත් බොහෝ බෞද්ධ ජනතාවකගේ ගෞරවයට හා ප්‍රසාදයට පත් පන්සලකි. ස්වාමින් වහන්සේගේ පවතින කරුණාවන්තකම එයට ප්‍රධාන හේතුවයි. මෙවන් ගරුකටයුතු දේ සිදු කිරීම වෙනුවෙන් ගරු ස්වාමින් වහන්සේ ඇතුළු දායක පිරිසට සෙත් පතමි. (නදී)
හරීම පියකරු දසුනක්. මෙවැනි දේ දැකීමෙන් අපේකම්, අපේ සිරිත් විරිත් , අපේ පැරණී බොදු චාරිත්‍ර තවමත් ලොව පුරා නොනැසී පවතින බව මනාලෙස පෙනීයයි. (නි)
මම නිවාඩුවකට ප්‍රංශයට ගිය විට, එහෙ තියෙන ලංකාවේ හාමුදුරුවන් වහන්සේලා වැඩ ඉන්න පන්සල් හතරටම ගියා, ඉන් මගේ සහ අප පව්ලේ හැම දෙනාගේම හිත ගත්තු පන්සල තමයි , මේ පන්සල. මෙහි පිළිවෙල, පිරිසිදු කම, සිත් නිවන සුළුයි. දකින්න ප්‍රසන්නයි. වැඩ ඉන්න ලොකු හාමුදුරුවොත්, හරීම මිත්‍රශීලියි (නදී)