ගොවි බිම්වලට හා ගුවන් තොටුපොළවලට ඇතුළුවන කෘමි සතුන් හා පළිබෝධකයින් පළවාහැරීමට සමත් රොබෝ පක්ෂියකු නෙදර්ලන්තයේ ක්ලියර් ෆ්ලයිට් සොලූෂන් නම් ආයතන නිපදවා ඇත.
රාජාලියන් හෝ උකුස්සන්ගේ හැඩයට තැනූ රොබෝ කුරුල්ලන් දුරස්ථපාලකයක් මගින් ක්‍රියා කරවයි. රොබෝ කුරුල්ලන්ට අනිත් කුරුල්ලන් පහසුවෙන් ප්‍රදේශයෙන් ඉවත්කිරීමට හැකියාවක් ඇති බව නිෂ්පාදකයෝ කියති. ස්වභාවික හැඩයෙන් නිපදවා ඇති මේ සතුන් අනිත් කුරුල්ලන් රැවටීමට සමත්ය.
උකුස්සකුගේ හැඩයට තනා ඇති රොබෝ පක්ෂියා අඟල් 23ක් දිගැතිය. පියාපත් අතර දිග අඟල් 47කි. පැයට කිලෝ මීටර 80ක වේගයෙන් පියාසර කිරීමේ හැකියාව ඇත. රාජාලි හැඩයට තනා ඇති පක්ෂියාගේ දිග අඟල් 46කි. තටු අතර දිග අඟල් 86කි. සාමාන්‍ය කුරුල්න්ගේ මෙන් මේ රොබෝ කුරුල්ලාගේ ද තටු දෙපසට වැනෙන ආකාරයෙන් නිපදවා තිබේ.
දැනට දුරස්ථ පාලකයක් මගින් හැසිරවුව ද ඉදිරියේ දී මේ පක්ෂීන් ස්වයංක්‍රීයව පාලනය කළ හැකි ආකාරයෙන් නිපදවීම නිෂ්පාදකයන්ගේ අපේක්ෂාවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙන් නෙදර්ලන්තෙට සල්ලි දීල තමයි මේක කරල තියෙන්නේ මත්තල කුරුල්ලො එලවන්න. මන් කිව්වට බලන්න තව ටික දවසකින් ආපහු මේ වගේම ප්‍රවෘතියක් එනවා අලි බය කරන්න රොබෝ අලි එනව කියලා. ඒකත් මත්තලටම තමයි (අ)
මම ආවේ මේකට දාල තියන කොමෙන්ට්ස් බලන්න (නදී)
රොබෝ කුරුල්ලට ලැගල ඉන්න ටැලිපෝන් කම්බි සොයා ගන්න එක තමා ප්‍රශ්නේ මේ වය් ෆය් සිස්ටම් එක නිසා (අ)
අපේ කුරුල්ලෝ බයවෙයි උන්ට. (නදී)
මත්තල ගුවන්තොටුපොළේ මොණරු එලවන්න හොඳයි (නදී)
නියමයි! මත්තලට දාන්නත් නියම කුරුල්ලා (නි)
ඡන්දදායකයෝ හැමදාම රැවැට්ටුවාට කුරුල්ලන්ව නම් රවට්ටන්න බැරිවෙයි. (නි)
අපේ මත්තල පැත්තටත් මේවා පාවිච්චි කරන්න ගත්තොත් නම් නියමයි (නි)
අනේ හොඳයි (නි)
මේක නම් මම හිතන්නේ අපේ මත්තල ගුවන් තොටුපළ වෙනුවෙන්ම කළ සොයාගැනීමක් වෙන්න ඕනෑ (නි)
හම්බන්තොටට 10ක් විතර එවන්න පුලුවන්ද? (නි)
ෂා නියමයිනේ! මේක හොඳයි මත්තල ගුවන් තොටුපොළ පැත්තේ කරක් ගහනවය කියන කුරුල්ලන් බයකරලා එලවා ගන්න.. (නි)