IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


කුරුල්ලන් බය කරන්න රොබෝ කුරුල්ලා එයි

ගොවි බිම්වලට හා ගුවන් තොටුපොළවලට ඇතුළුවන කෘමි සතුන් හා පළිබෝධකයින් පළවාහැරීමට සමත් රොබෝ පක්ෂියකු නෙදර්ලන්තයේ ක්ලියර් ෆ්ලයිට් සොලූෂන් නම් ආයතන නිපදවා ඇත.

රාජාලියන් හෝ උකුස්සන්ගේ හැඩයට තැනූ රොබෝ කුරුල්ලන් දුරස්ථපාලකයක් මගින් ක්‍රියා කරවයි. රොබෝ කුරුල්ලන්ට අනිත් කුරුල්ලන් පහසුවෙන්  ප්‍රදේශයෙන් ඉවත්කිරීමට හැකියාවක් ඇති බව නිෂ්පාදකයෝ කියති. ස්වභාවික හැඩයෙන් නිපදවා ඇති මේ සතුන් අනිත් කුරුල්ලන් රැවටීමට සමත්ය.

උකුස්සකුගේ හැඩයට තනා ඇති රොබෝ පක්ෂියා අඟල් 23ක් දිගැතිය. පියාපත් අතර දිග අඟල් 47කි. පැයට කිලෝ මීටර 80ක වේගයෙන් පියාසර කිරීමේ හැකියාව ඇත. රාජාලි හැඩයට තනා ඇති පක්ෂියාගේ දිග අඟල් 46කි. තටු අතර දිග අඟල් 86කි. සාමාන්‍ය කුරුල්න්ගේ මෙන් මේ රොබෝ කුරුල්ලාගේ ද තටු දෙපසට වැනෙන ආකාරයෙන් නිපදවා තිබේ.

දැනට දුරස්ථ පාලකයක් මගින් හැසිරවුව ද ඉදිරියේ දී මේ පක්ෂීන් ස්වයංක්‍රීයව පාලනය කළ හැකි ආකාරයෙන් නිපදවීම නිෂ්පාදකයන්ගේ අපේක්ෂාවයි.

1409822097097_wps_1_1_png - Copy 1409822834810_wps_2_falcon_top_png 1409823163828_Image_galleryImage_Robird_vid_PNG



අදහස් (0)

කුරුල්ලන් බය කරන්න රොබෝ කුරුල්ලා එයි

සිරිපාල Monday, 08 September 2014 02:51 PM

ලංකාවෙන් නෙදර්ලන්තෙට සල්ලි දීල තමයි මේක කරල තියෙන්නේ මත්තල කුරුල්ලො එලවන්න. මන් කිව්වට බලන්න තව ටික දවසකින් ආපහු මේ වගේම ප්‍රවෘතියක් එනවා අලි බය කරන්න රොබෝ අලි එනව කියලා. ඒකත් මත්තලටම තමයි (අ)

:       0       0

ජයනන්ද Monday, 08 September 2014 03:42 PM

මම ආවේ මේකට දාල තියන කොමෙන්ට්ස් බලන්න (නදී)

:       0       0

හේවාවිතාරණ Monday, 08 September 2014 04:31 PM

රොබෝ කුරුල්ලට ලැගල ඉන්න ටැලිපෝන් කම්බි සොයා ගන්න එක තමා ප්‍රශ්නේ මේ වය් ෆය් සිස්ටම් එක නිසා (අ)

:       0       0

කල්ප Monday, 08 September 2014 06:12 AM

අපේ කුරුල්ලෝ බයවෙයි උන්ට. (නදී)

:       0       0

වජිරා Saturday, 06 September 2014 05:12 PM

මත්තල ගුවන්තොටුපොළේ මොණරු එලවන්න හොඳයි (නදී)

:       0       0

සුගත් Monday, 08 September 2014 09:00 AM

නියමයි! මත්තලට දාන්නත් නියම කුරුල්ලා (නි)

:       0       0

ආනන්ද Sunday, 07 September 2014 02:21 AM

ඡන්දදායකයෝ හැමදාම රැවැට්ටුවාට කුරුල්ලන්ව නම් රවට්ටන්න බැරිවෙයි. (නි)

:       0       0

කසුන් Monday, 08 September 2014 10:30 AM

අපේ මත්තල පැත්තටත් මේවා පාවිච්චි කරන්න ගත්තොත් නම් නියමයි (නි)

:       0       0

සුසිත Monday, 08 September 2014 10:34 AM

අනේ හොඳයි (නි)

:       0       0

සිසිර Monday, 08 September 2014 11:22 AM

මේක නම් මම හිතන්නේ අපේ මත්තල ගුවන් තොටුපළ වෙනුවෙන්ම කළ සොයාගැනීමක් වෙන්න ඕනෑ (නි)

:       0       0

අචිනි Sunday, 07 September 2014 06:19 AM

හම්බන්තොටට 10ක් විතර එවන්න පුලුවන්ද? (නි)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 08 September 2014 03:01 AM

ෂා නියමයිනේ! මේක හොඳයි මත්තල ගුවන් තොටුපොළ පැත්තේ කරක් ගහනවය කියන කුරුල්ලන් බයකරලා එලවා ගන්න.. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 183 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 251 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1132 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site