IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


කැරලිකරුවන්ට වෙඩි තැබු ගඩාෆිගේ සුරූපිනියෝ

දකින කාගේත් නෙත් මුලින්ම යොමුවන්නේ ඇගේ දුඹුරු පැහැ දෑසට සහ රෝස පැහැති  දෙතොල්වලටය. ලිබියාවේ ටි‍්‍රපොලි අගනුවර මැටීගා හමුදා රෝහලේ දැඩි ආරක්ෂක රැුකවල් මැද රෝස පාට සළුවක් හිස දවටා ගෙන සිටින ඇයගේ දෑත් සහ දෙපාවලට විලංගු දමා ඇත. ඇය 19 හැවිරිදි යුවතියකි. ඇගේ නම නස්රීන් මන්සූර්ය. ඇය ලිබියා නායක කර්නල් ගඩාෆිගේ ‘සුරූපී කාන්තා ආරක්ෂක බළඇණියේ’ සෙබළියකි. සැඟවී සිට පහර දීමට පුහුණුව ලැබූ ස්නයිපර් තුවක්කුකාරියකි. එපමණක් ද නොව ඇය ගඩාෆිගේ අළුගෝසුවෙකි. අද ඇයගේ ඉරණම තීන්දු වී ඇත. කැරැලිකරුවන්ගේ ග‍්‍රහණයට පත්ව සිටින ඇය මරණ බියෙන් පසුවන්නීය. ඇය කැරැලිකරුවන් අතට පත්වූයේ ඇයගේ උසස් නිලධාරීන් අතින් පවා අතවරයට ලක්වීමෙන් අනතුරුවය. නිස්රීන් මන්සූර් සමඟ පිළිසඳරකට එක්වුණු විදෙස් මාධ්‍යවේදීන්ට ඇය කියා සිටියේ ලිබියා කැරැලිකරුවන් ටි‍්‍රපොලි නුවර අත්පත් කර ගනිමින් සිටි අවස්ථාවේදී ලිබියා හමුදා අත්අඩංගුවට හසුවූ කැරැලිකරුවන් යැයි සැක කළ පුද්ගලයන් 19 දෙනකුට ඇය වෙඩි තබා මරා දැමූ බවය. ඔවුන් මට කීවා මා ඒ පිරිසට වෙඩි තැබුවේ නැතිනම් මට මැරෙන්න සිදුවේවි කියලා” යැයි ඇය කඳුළු සලමින් කියයි. මුලින් මට මරන්න කීවේ එක්කෙනයි. ඊට පස්සේ තව කෙනෙක් අරගෙන ආවා. ඔහු බියෙන් තැති ගත්තා මා මරා දමා තිබුණු පුද්ගලයා දැකලා. ඔහුට දැනෙන්න ඇති ඔහුට අත්වන ඉරණම මොකක්ද කියලා. මා ඔහුටත් වෙඩි තැබුවා” යැයි නිස්රීන් කියයි. නිස්රීන් මෙන්ම ‘ගඩාෆි කාන්තා බලඇණියේ’ සාමාජිකාවෝ කිහිප දෙනෙක් මේ වන විට කැරැලිකරුවන්ගේ අත්අඩංගුවේ සිටිති. කැරැලිකාර පාර්ශ්වයේ අත්අඩංගුවේ සිටින නිස්රීන්, ඇගේ ජීවිතයට අනතුරක් වේවි යැයි මරණ බියෙන් පසුවන්නීය. ගඩාෆිගේ ඝාතකයකු වුවත් ඇයගේ දුක්බර කතාව අසන කාහටත් ඇය ගැන අනුකම්පාවක් ඇති වෙයි. නිස්රීන් පවසන්නේ ගඩාෆිට ආරක්ෂාව සැපැයීමට විශේෂයෙන් ස්ථාපිත කළ හමුදා බළඇණියේ ජේ්‍යෂ්ඨ හමුදා නිලධාරීන් කිහිප දෙනකු අතින් ඇය දුෂණයට ලක් වූ බවය. ඒ බව මැටීගා හමුදා රෝහලේ වෛද්‍යවරුන් පමණක් නොව කැරැලිකරුවෝ ද සනාථ කරති. කැරැලිකරුවන් ටි‍්‍රපොලි නුවරට කඩා වැදී අප අල්ලා ගත් අවස්ථාවේදී මා කළ දේ මා ඔවුන්ට කීවා. ඔවුන් ඉන්නේ මා සමග වෛරයකින්. මාගේ ඉරණම කුමක් වේවි දැයි මා දන්නේ නැහැ.” යැයි නිස්රීන් මන්සූර් කඳුළු සළයි. ටි‍්‍රපොලි නුවර සිය මව සමඟ ජීවත් වූ, තවමත් යොවුන් විය ඉක්ම නොගිය සංගීතයට හුඟක් ඇළුම් කළ මේ සුරූපී තරුණිය අළුගෝසුවකු වූයේ කෙසේද යන්න ඇය සමඟ පිළිසඳරේ යෙදුණු මාධ්‍යවේදීන්ට පවා ගැටලූවක් විය. නිස්රීන් පවසන පරිදි ඇයගේ පවුලේ කිසිවකු ගඩාෆි පාලනයට සහාය දැක්වූවන් නොවේ. ඇයගේ මාපියන් ඇය කුඩා කාලයේදී ම වෙන් වී ඇත. පියා වෙනත් විවාහයක් කර ගත් අතර අලූත් කුඩම්මා කෙරෙහි නිස්රීන්ගේ කැමැත්තක් නොතිබුණි. ඒ නිසා ම ඇය ඇගේ අම්මා සමඟ ජීවත් වීමට ගියාය. ෆාතිමා අල් ඩ්‍රේබී ඇයගේ මවගේ යෙහෙළියකි. ෆාතිමා ලිබියා නායක ගඩාෆිගේ කාන්තා බලඇණියේ නායිකාව වූවාය. නිස්රීන්ගේ ඉරණම තීන්දු කළේ ඇයයි. නිස්රීන් සෙබළියක් ලෙස ගඩාෆිගේ කාන්තා බලඇණියට බඳවා ගත්තේ ෆාතිමාය. ඒ වන විට නිස්රීන් සමඟ ලිබියාවේ නන්දෙසින් තවත් තරුණ තරුණියන් 100 දෙනකු එම බලඇණියට තෝරා ගෙන තිබුණි. ටි‍්‍රපොලි නුවර හමුදා පුහුණු කඳවුරට යොමු කිරීමෙන් පසු නිස්රීන්ට අවි පුහුණුවක් ද ලැබුණි. ඇය පුහුණුව ලැබුවේ ස්නයිපර් තුවක්කුකාරියක ලෙසිනි. ඇය සහ තවත් තරුණියන් පිරිසක් ගඩාෆිගේ අල් අසීසායා මන්දිරය සහ බළකොටුවේ ආරක්ෂාවට යෙදවිණි. කැරැලිකරුවන් යැයි සැකපිට අල්ලා ගන්නා අය ඝාතනය කිරීමේ කාර්යය නිස්රීන්ට පැවැරුණේ මේ අවස්ථාවේදීය. ඇයත් සෙසු තරුණියනුත් ඔවුන්ගේ හමුදා ප‍්‍රධානීන් කිහිප දෙනකු අතින් අතවරයට ලක්වූයේ කැරැලිකරුවන් ටි‍්‍රපොලි නුවරට කඩා වැදී පහර දෙන්න පටන් ගත් අවස්ථාවේදීය.

කැරලිකරුවන් 11,000 ක් මුදා ගනිති

ලිබියා කැරැල්ල හට ගත් අවස්ථාවේදී නායක ගඩාෆිට එරෙහි විරෝධතා දැක්වීමේ වරදට අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් 11,000 ක් බේරා ගැනීමට ටි‍්‍රපොලි අගනුවර අත්පත් කරගත් කැරැලිකරුවන් සමත් ව ඇතැයි ලිබියා අන්තර්වාර පාලක මණ්ඩලය නිවේදනය කරයි. එම සිවිල් වැසියන් පිරිස ටි‍්‍රපොලි නුවර පොලිස්, හමුදා මෙන්ම අබු ස්ලිම් බන්ධනාගාරයේ ද රඳවා සිටි බව බෙන්ගාසි නුවර මූලස්ථානය කොටගත් ලිබියා අන්තර්වාර පාලක මණ්ඩලය වැඩිදුරටත් කියා සිටියි. එහෙත් ගඩාෆිගේ රජය විසින් අත්අඩංගුවට ගනු ලැබූ තවත් 50,000 ක් පමණ අතුරුදන්ව ඇති බවත් කැරැුලිකාර පාර්ශ්වය කියා සිටියි. අතුරුදන් එම පිරිස ගඩාෆි හමුදා අතින් ඝාතනයට ලක්වන්නට ඇතැයි කැරැලිකරුවෝ සැක කරති.

ගඩාෆි සෙවිල්ල

ලිබියානු නායක ගඩාෆි තවමත් ලොවින් අතුරුදන්ව සිටියි. ඔහු ගැන කිසිදු ආරංචියක් මෙතෙක් දැනගන්න ලැබී නැත. අතුරුදන් වූ ලිබියානු නායකයා සෙවීමට තමන් ද පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි අංශය පවසා ඇති අතර දශක කිහිපයක් තිස්සේ ගඩාෆි ගැන විමසිල්ලෙන් සිටි නිසා ගඩාෆි ආ ගිය තැන් ගැනත් ගඩාෆිගේ මිතුරන් ගැනත් තමන් හොඳින් දන්නා බව සී.අයි.ඒ. පරීක්ෂකවරු වැඩිදුරටත් කියා සිටිති. ‘ජාතික අන්තර්වාර මණ්ඩලය’ නිවේදනය කර ඇත්තේ අතුරුදන්ව සිටින ගඩාෆි ජීවග‍්‍රහයෙන් හෝ මරා හෝ අල්ලා දෙන කෙනකුට ඇමෙරිකන් ඩොලර් ලක්ෂ 17 ක ත්‍යාගයක් පිරිනමන බවය. මේ අතර ගඩාෆිගේ බිරිය, දියණිය සහ පුතුන් දෙදෙනෙක් කැරැලිකරුවන්ගෙන් බේරී රැකවරණ පතා අසල්වැසි ඇල්ජීරියාවට පළා ගියහ. -ලිබියා නායක ගඩාෆිගේ බිරිය සයිෆා, දියණිය අයීෂා, පුතුන් දෙදෙනකු ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද සමඟ පෙරේදා රාතී‍්‍ර 8.45 ට ලිබියා/ඇල්ජීරියානු දේශසීමාව හරහා ඇල්ජීරියාවට පැමිණියා” යැයි ඇල්ජීරියානු විදේශ කටයුතු අමත්‍යාංශය මාධ්‍ය හමුවක් පවත්වමින් නිවේදනය කරයි. ඒ බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන්ට මෙන්ම ලිබියා අන්තර්වාර පාලක මණ්ඩලයේ කැරැුලි නායක මොහොමඞ් ජිබ්රිල්ට ද තමන් දැනුම් දුන් බව ඇල්ජීරියානු රජය වැඩිදුරටත් කියා සිටියි. ලිබියාවේ අසල්වැසි රාජ්‍යයක් වන ඇල්ජීරියාව කැරැලිකාර පාර්ශ්වයට සහාය නොදක්වන අතර කැරැුලිකරුවන් විසින් පිහිටුවූ රජය ලිබියාවේ සැබෑ රජය ලෙස තවමත් පිළිගෙන නැත. ලිබියා අන්තර්වාර පාලක මණ්ඩලය ඇල්ජීරියානු රජයට දන්වා ඇත්තේ ගඩාෆිගේ පවුලේ සාමාජිකයන් වහා ලිබියාවට පිටුවහල් කරන ලෙසටය. එහෙත් ඇල්ජීරියා රජය තවමත් ඊට පිළිතුරු දක්වා නැත. මේ අතර ලිබියානු කැරැලිකාර පාර්ශ්වය පවසන්නේ ගඩාෆි පවුලේ අයට ඇල්ජීරියාවේ සිට වෙනත් රටකට පලා යෑමට ඇල්ජීරියානු රජය සහාය දක්වන්න සූදානමින් සිටින බවය. ගඩාෆිගේ පවුලේ සාමාජිකයන්ට රැුකවරණ නොදිය යුතු බවත් ඔවුන්ට එරෙහිව නඩු පවරා නීති මගින් දඬුවම් කළ යුතු බවත් ලිබියානු කැරැලිකාර පාර්ශ්වය අවධාරණය කරයි. මේ අතර ගඩාෆිගේ තවත් පුතකු වන කමීස් කැරැලිකරුවන් එල්ල කළ ප‍්‍රහාරයකින් මියගිය බව ලිබියානු අන්තර්වාර පාලක මණ්ඩලය නිවේදනය කර තිබෙන නමුත් ඒ බව තහවුරු කිරීමට ඔවුන්ට නොහැකි වී තිබේ.



අදහස් (0)

කැරලිකරුවන්ට වෙඩි තැබු ගඩාෆිගේ සුරූපිනියෝ

සමුද්‍ර Wednesday, 07 September 2011 12:07 PM

මේ මිනිස් ඝාතකයිකයින්ට තමන් කරා මරණය පැමිණෙන තුරු එහි වේදනාව ‍නොදැනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 114 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2037 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site