IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


‘කොරියාව න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් කරනවා’


 
 
බීජිංහිදීය/සෝල්හිදීය (රොයිටර්)
 
ඇමෙරිකා එක්සත් ජනපද නිලධාරීන් හමුවීමටත් කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් කිරීමටත් උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් පොරොන්දු වූ බව චීන මාධ්‍ය අද (28) වාර්තා කළේය.
 
ජපාන සහ දකුණු කොරියානු මාධ්‍ය උතුරු කොරියානු නායකයා විශේෂ දුම්රියකින් චීනයට පැමිණි බව වාර්තා කළේය. ඉන් පැය කිහිපයකට පසු පැමිණියේ උතුරු කොරියානු නායකයා යැයි චීන මාධ්‍ය වාර්තා කළේය. 
 
ජපාන මාධ්‍ය උතුරු කොරියානු නායකයා පැමිණි බව වාර්තා කළේ පෙරේදා (27)ය. එදින රාත්‍රිය වනවිට පැමිණියේ උතුරු කොරියානු නායකයා බව චීන රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග ඇතුළු විශ්වාසනීය ආරංචි මාර්ග රැසක් විසින් තහවුරු කරනු ලැබ තිබිණි. 
 
උතුරු කොරියානු නායකයා චීනයට පැමිණි බවත් කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීමට ඔහු පොරොන්දු වූ බවත් චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය. 
 
වසර 2011 දී බලයට පත්වීමෙන් අනතුරුව උතුරු කොරියානු නායකයා විදෙස් සංචාරයක නිරත වූ පළමු අවස්ථාව මෙය බව පැවසේ. චීන ජනාධිපති ෂී ජින්පින්ග් සහ උතුරු කොරියානු නායකයා අතර ඓතිහාසික හමුවක් පැවැති බව ද චීන ජනාධිපතිවරයා අඛණ්ඩුව උතුරු කොරියාව සමඟ මිත්‍රත්තවයෙන් කටයුතු කරන බව පොරොන්දු වූ බව චීන මාධ්‍ය වාර්තා කළේය.

කෙසේ නමුත් උතුරු කොරියානු නායකයාගේ චීන සංචාරය නිල සංචාරයක් නොවන බව චීන මාධ්‍ය වාර්තා කර තිබිණි. 

කෙසේ වෙතත් කොරියානු මධ්‍යම පුවත් ආයතනය උතුරු කොරියානු නායකයා කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීමට පොරොන්දු වූ බවක් වාර්තා කර නොතිබිණි. 

චීනය උතුරු කොරියාවේ සාම්ප්‍රදායික සහ එකම මිතුරා වූ අතර දෙරට අතර මිත්‍ර සම්බන්ධය තරමක් දුරට ලෝකයට රහසක් ද විය. කෙසේ නමුත් පසුගිය කාලයේදී දෙරට අතර මිත්‍රත්තවය තරමක් දුරට පළුදු විය.

උතුරු කොරියාව චීනයටද කන් නොදෙමින් දිගින් දිගටම මිසයිල හා න්‍යෂ්ටික අත්හදා බැලීම්වල නිරත වීමත් ඊට ප්‍රතිචාර ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය උතුරු කොරියාවට පැන වූ දැඩි සම්බාධකවලට චීනය සහාය දැක්වීමත් එලෙස මිත්‍රත්වය පළුදු වීමට හේතුවිය. 
 
 
055



අදහස් (0)

‘කොරියාව න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් කරනවා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 410 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 571 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 235 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site