ඊජිප්තු අධිකරණ තීන්දුවකට එරෙහි වෙමින් එරට කයිරෝ අගනුවර ඊයේ (10) යළිත් වරක් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ආරම්භ විය.
ප‍්‍රචණ්ඩ ඇවිළී ගියේ ඉකුත් වසරේ කයිරෝ නුවර පා පන්දු කී‍්‍රඩාංගණයේ පැවැති ගැටුම්වලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව ලබා දුන් තීන්දුවට විරෝධය දක්වමිනි.
කී‍්‍රඩා ලෝලීන් අතර හටගත් එම ගැටුම්වලින් 77 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම ගැටුමට මුල් වූ පා පන්දු ලෝලීන් 21 දෙනාට කයිරෝ අධිකරණය මරණ දඬුවම් නියම කර ඇත.