කෙන්යාවේ මසායි මාරා ජාතික රක්ෂිතයේ සිටින මේ අප්‍රිකානු ගවයන් විශේෂය එහි ගංඟාවක් හරහා මාරාන්තික ගමනක යෙදෙන්නේ කෑම සොයා ගැනීමේ අපේක්ෂාවෙනි.
මේ ගඟේ කිඹුලෝ බහුලව වෙසෙති. මේ අප්‍රිකානු ගවයන් රංචු පිටින් ගඟට බැස දිය තරණය කරද්දී ඉන් කිහිප දෙනකු පහසුවෙන් කිඹුලන්ගේ ගොදුරු බවට පත්වෙති.
වැසි අවසන් වීමෙන් ඇතිවන ආහාර හිඟය හේතුවෙන් සෑම වර්ෂයක ම මේ ගවයෝ මේ ගමන යති. යළි වැසි ලැබෙන විට ආපසු එති. මොවුන් විශාල රංචු වශයෙන් එක්ව ගමන් කරන්නේ ද හැකිතාක් කිඹුලන්ගෙන් බේරීමේ අපේක්ෂාවෙනි. කුඩා පැටවුන්, වයස්ගත ගවයන් හා දුර්වල වූ ගවයන් මැදි කරගෙන ජව සම්පන්න ගවයෝ ඔවුන් වටා යති.
ප්‍රංශ ඡායාරූප ශිල්පීන් වන ලෝරන්ට් රෙනෝඩ් හා ඩොමිනික් හෝර්ටන් පවසන්නේ ගවයන් මේ ආකාරයට සෑම වර්ෂයක ම පර්යටනය සිදුකරන බවයි. ඔවුන් දෙදෙනා මේ දසුන් ඡායාරූපයට නගා ඇත.














COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙන්යාවේ රක්ෂිතයේ ගවයින්ටත් වෙලා තියෙන්නේ අපේ රටේ හරකුන්ට වෙච්චදේමයි !ගොඩ හිටියොත් කොටි කනවලු.ගඟට බැස්සොත් කිඹුල්ලු කනවලු ! ස්වභාව ධර්මයේ දඬු වම්! (දී)
කුසගින්න කාහටත් පොදුය . වනාන්තරයේ සිටියත් ජීවත් වෙන්න මොන තරම් දරුණු සටනක් කරන්න වෙලාද.(දී)
සන්සාරේක හැටි. මේ වගේ දේවල් හොඳයි පාසැල් යන ළමයින්ට (නදී)
මෙහෙම යද්දි මේ ගංගාවල ඉන්න මාරාන්තික යෝද කිඹුල්ලු මේ ගැමියන්ව අල්ලාගෙන කනවා (නදී)