දත්ත ආරක්ෂණ නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් පවුම් ලක්ෂ පහක් හෙවත් අමෙරිකානු ඩොලර් හයලක්ෂ හතළිස්හතර දහසක දඩ මුදලක් බ්‍රිතාන්‍යයට ගෙවීමට ෆේස්බුක් ආයතනය එකඟ වී තිබේ.
දේශපාලන අරමුණු වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම එම පුද්ගලික දත්ත ලබා ගැනීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ තොරතුරු කොමසාරිස් කාර්යාලය විසින් මෙම දඩ මුදල පනවා ඇත.
අමෙරිකානු ඩොලර් බිලියන 540 කට අධික වත්කමක් සහිත ආයතනයකට ඩොලර් හයලක්ෂයක් පමණ වන දඩයක් සුළු මුදලක් වුවද තොරතුරු කොමසාරිස් කාර්යාලයට නියම කළ හැකි උපරිම දඩය මෙය වෙයි.
තව ද කේම්බ්‍රිජ් ඇනලිටිකා සිදුවීම සම්බන්ධයෙන් නියාමන ආයතනයක් ෆේස්බුක් ආයතනයට දඩමුදලක් පැනවූ ප්‍රථම අවස්ථාව ද මෙයයි.
ෆේස්බුක් පරිශීලකයින් මිලියන 87 කගේ පුද්ගලික දත්ත දේශපාලන කටයුතු සඳහා ලබාගැනීම සම්බන්ධයෙන් ෆේස්බුක් ආයතනයේ නිර්මාතෘ හා ප්‍රධාන විධායක නිලධාරී මාක් සකර්බර්ග් අමෙරිකානු සහ යුරෝපීය නීති සම්පාදකයින් හමුවේ ප්‍රශ්න කිරීම්වලට ද ලක්වුණි.
අවම වශයෙන් බ්‍රිතාන්‍යයේ ෆේස්බුක් පරිශීලකයින් මිලියනයකගේ පුද්ගලික දත්ත දේශපාලන අරමුණු වෙනුවෙන් යොදාගෙන තිබීම හේතුවෙන් ෆේස්බුක් ආයතනයට මෙම දඩමුදල පැනවීය.
-226-
(රොයිටර්ස් ඇසුරෙනි)
2025 දෙසැම්බර් මස 18
612
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1095
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගමෙන් පුද්ගලික දත්ත රැස්කිරීමට එරෙහිව ෆේස්බුක් ආයතනයට දඩයක්