IMG-LOGO

2024 මැයි මස 30 වන බ්‍රහස්පතින්දා


කඳු නගින ලස්සනම තැන් දහයක්

කඳු තරණය කිරීම දුෂ්කර මාර්ග ඔස්සේ ගමන් කිරීමට ලොව ජනපි‍්‍රය ත‍්‍රාසජනක කාර්යයකි. බොහෝ රවටල එය කී‍්‍රඩාවක් සේ ප‍්‍රගුණ කරන්නෝ ද සිටිති. මේ සඳහා භාවිතා කරන ලොව දුර්ග මාර්ග රැසක් තිබේ. ඒ අතරින් වඩාත් ජනපි‍්‍රය දුර්ග මාර්ග දහය පසුගිය දා තෝරා නම් කැර ඇත.

 

ප‍්‍රංශයේ ජීආර් 20 නමැති මාර්ගය

මෙම මාර්ගයේ විශේෂත්වය වන්නේ භූ දර්ශන විවිධත්වය වැඩිම මාර්ගය ලෙස පිළිගැනීමයි. වනාන්තර, ග‍්‍රැනයිට් නිධි, විල්, වගුරු බිම් ඔස්සේ වැටී ඇති මෙම මාර්ගය පයින් ගමන් කරන්නකුට එහි ගමන අවසන් කිරීමට දින 15 ක් පමණ ගතවේ.

පේරු රාජ්‍යයේ ඉන්කා මාර්ගය

මෙම මාර්ගයේ දිග කිලෝ මීටර 33කි. පෞරාණික ඉන්කා ශිෂ්ඨාචාරය පිහිටි ස්ථානය හරහා මේ මාර්ගය වැටී ඇත.

මාලි රාජ්‍යයේ පේස් ඩොගොන් මාර්ගය

මේ මාර්ගයේ යාමට දින දහයක් පමණ ගතවේ. ඩොගොන් ගෝත‍්‍රිකයන්ගේ පුරාණ වාසස්ථාන ඔස්සේ වැටී ඇති මේ මාර්ගය කඳුකර දුෂ්කර මාර්ගයක් ලෙස ප‍්‍රකටය.

නේපාලයේ එවරස්ට් මූළික කඳවුර

අඩි 18,193ක් ඉහලින් පිහිටා ඇති ස්ථානයකි. මෙම ස්ථානයට ලඟාවීමට ගතවන කාලය සති තුනකි. ලොව උසම කන්ද වන එවරස්ට් තරණය කරන පිරිස් මේ ස්ථානයෙන් කඳු මුදුනට ගමන් ආරම්භ කරයි.

ඉන්දියාවේ හිමාලය

ලොව විශාලතම කඳුවැටියේ ඉන්දියා බෑවුමේ පිහිටා ඇති මාර්ගයකි. මාර්ගය තරණය කිරීමට ගතවන කාලය දින 24කි. දුර්ග මාර්ග තරණය කරන්නන්ට වැඩිම අභියෝගයක් ඇති මාර්ගයක් ලෙස සැළකෙයි.

ඕස්ටේ‍්‍රලියාවේ උස්බිම් මාර්ගය

 ඕස්ටේ‍්‍රලියාවේ කැඩ්ලි කඳුවැටිය මතින් වැටි ඇති මාර්ගයකි.  ඕස්ටේ‍්‍රලියාවේ විශාලත ම මිරිදිය ජලාශය වන ශාන්ත ක්ලෙයාර් අසළින් ද මේ මාර්ගය ගමන් කරයි. දින පහකින් පමණ ගමන අවසන් කිරීමේ හැකියාව තිබේ.

නවසීලන්තයේ රවුටබර්න් මාර්ගය

නවසීලන්තයේ දකුණු දූපතේ පිහිටි මාර්ගයකි. ජාතික වනෝද්‍යාන හා වෙරළ ආසන්නයෙන් ද ගමන් කරයි. මෙම මාර්ගය කිලෝ මීටර 32 කි තරණය කිරීමට ගතවන කාලය දින තුනකි.

ඇමෙරිකාවේ පටු මාවත

වෙනත් කිසිම මාර්ගයකට නොදෙවෙනිය. ඇමරිකාවේ සියෝන ජාතික උද්‍යානය හරහා වැටී ඇත. වර්ජින් ගංගා නිම්නයේ පිහිටා ඇති මේ මාර්ගය තරණයට ගතවන කාලය දින තුනක් හතරකි.

ස්විට්සර්ලන්තයේ හියුටේ මාර්ගය

ඉතා සුන්දර ප‍්‍රදේශයක් හරහා වැටී ඇති මේ මාර්ගය තරණය කිරීමට ගතවන කාලය සම්පූර්ණ සතියකි. එහි ගමන් කිරීමට ඉහළ සෞඛ්‍ය තත්ත්වයකින් සිටීමත් සවි ශක්තියෙන් අනූන වීමත් ඉතා වැදගත් බව පැවසේ.

පාකිස්ථානයේ බැල්ටොරෝ ග්ලැසියර

අඩි 28,251 ක් උසැති ග්ලැසියර ආසන්නයෙන් මේ මාර්ගය වැටී ඇත. තරණය කිරීමට අති දුෂ්කර මාර්ගයකි.



අදහස් (0)

කඳු නගින ලස්සනම තැන් දහයක්

ජයරංග සුරවීර Friday, 06 December 2013 10:40 PM

ලංකාවේ අපිට මොන කඳුද? කඳු පෙනිලයි තියෙන්නේ.(නදී)

:       0       0

සිත්ති මනිලා Friday, 06 December 2013 10:47 PM

සම්පත් වීරසිංහ ඒ වුනාට ඔයා යුද්දෙට ළමයි හදල නෑනෙ? අපට නං වැඩ වැඩ වැඩ.. ඕවාට වෙලාවක් නෑ...(නදී)

:       0       0

තරූ Sunday, 08 December 2013 09:59 AM

මමත් හරිම ආසයි කදු නගින්න වගේම කැළේ ඇවිදින්න.(නදී)

:       0       0

චූලක Friday, 06 December 2013 10:50 PM

කදු නගින්න ආසයි. නමුත් මට වාසනාවක් නෑ

:       0       0

කුමාර Friday, 06 December 2013 02:48 PM

මම ඉස්සර ඉස්කෝලේ යන කාලේ ඉඳලම කඳු නගින්න හරි ආසයි. ගොඩක් කඳු නැගල තියෙනවා ලංකාවේ. දැන් ඉන්න කොල්ලෝ කඳු නගින්න කැමැති නෑ. අපි නිවාඩුවක් ලැබුන ගමන් ඉස්සර කැලේ ඉන්නවා දවස් තුන හතරක්. දැන් ඉන්න කොල්ලන්ට කෙල්ලන්ට එහෙම විනෝදාංශයක් නෑ. (ස)

:       0       0

සම්පත් වීරසිංහ Saturday, 07 December 2013 01:53 PM

සින්ති සහෝදරි, පිටරටවලින් ලැබෙන අපි වගේ අහිංසකයන්ගේ සල්ලි තමයි ඒ දවස්වලත් අදත් පලවෙනි තැන ගත්තේ. කොරියාවට ලංකාව සාපේක්ෂ කරන්න බැහැ. මෙයාලා පරිසර පද්ධතිය හොදින් ආරක්ෂා කරනවා. මොකක් උනත් ඒවාට ගරු කරන්න ඕනේ. දවසක අපිට පුලුවන්වේවි අපේ පරිසරයත් දියුණු කරන්න. ඒවාට මුදල් අවශ්‍යයි. ඒ වගේම අපි ඔලුව හරියට පාවිච්චි කරන්න ඕනේ.(නදී)

:       0       0

සම්පත් වීරසිංහ Saturday, 07 December 2013 02:06 PM

රන්ජිත් ඔය හරි.අද හරි වේගයෙන් වැඩ සිදුවෙනවා.තව අව්රුදු20කින් අපි ළමයින්ට කීවොත් අපේ ළමයි පුදුමයෙන් අහගෙන ඉදිවේ අපි කඳු නැන්ග බව. (අ)

:       0       0

ටිරල් Friday, 06 December 2013 04:44 PM

කුමාර, කොහොමද දන්නෙ. (ස)

:       0       0

සෑම් Saturday, 07 December 2013 03:07 AM

මීට අවරුදු 25/30 කට පෙර දිනපතා කොළඹට වැඩට එන මිතුරන් දෙදෙනෙකු ගැන මතක් උනා. දිනපතා සැතපුම් හතරක් පහක් උදේ හවස කඳු පල්ලම් නගිමින් බසීමින් ජීවිත සටනට මුහුණ දුන් ආකාරය. එක් අයෙක් අයගම ගවරගිරියේ. අනිත් කෙනා අමිතිරිගල ඉදුරානේ.(නදී)

:       0       0

සාලිය Sunday, 08 December 2013 01:46 PM

ලංකාවේ ඔය වගේම කඳු පන්තියක් තමයි නකල්ස් රේන්ජ් එක. සති දෙක තුනකින් වත් බෑ ඉවර කරන්ඩ. ලෝකන්තම තුන හතරක් තියනවා. හිම විතරයි අඩු මේකේ දාල තියන ඒවා බැලුවහම. ලස්සනින් නම් දෙවෙනි වෙන්නේ නෑ. (ස)

:       0       0

සමන්ති Saturday, 07 December 2013 08:11 PM

කොරියාවේ ගසක් හිටෙව්වොත් ආධාරක කිහිපයක් තබනවා .අවුරුද්දට ලබෙන මීටර 1.5ක වර්ෂාපතනය මුලුවසර පුරාම ප්‍රයෝජනයට ගන්නවා .පරිසරය තුල ලංකාවේ වගේ දැන්වීම අලවා විනාස කරන්නේ නැත . තිබෙන ගස් වර්ග කිහිපය හොදින් කරගන්නවා . නිතරම පිරිසිදුව තියෙනවා . ප්‍රතිචක්ක්‍රීය කරනවා හොදින් කරනවා. වැලි මඩ පවා අරන් යන්නේ වසාගෙනයි .(දිල්)

:       0       0

පියුමි Sunday, 08 December 2013 02:07 PM

මමත් ආසයි. (ස)

:       0       0

සමන්ති Saturday, 07 December 2013 05:45 AM

මේ වගේ තැන් ලංකාවෙත් තියෙනවා. අයි.ටී.එන් ටවර් එක තියෙන යටියන්තොට "ලිෆ්ටන් වත්ත, " බණ්ඩාරවෙල පුනගල "ලිෆ්ට්ටන් සීට් ",පිහිටීම , බලන්ගොඩ පැත්තෙන් ලෝකාන්තය හෝ කලපහන ,"ඹර කන්ද ඇල්ල" හරහා ලෝකාන්තයට (මීදුම නිසා පාර නොපෙනේ ) (නදී)

:       0       0

රංජිත් සිල්වා Saturday, 07 December 2013 06:23 AM

ඉස්සර නම් අපිත් ලංකාවේ කඳු සහ වන ජීවිත හරහා ගමන්යනවා. ඒත් දැන් ඒ පළාත් අපිට තහනම්. ආරක්‍ෂිත කලාප කියල තහනම් කරලා. ඒ වගේම සත්තුන් දඩයම් කරන අයගෙන් බේරෙන්ඩත් ඕනේ. අපේ ලංකාව අපිට නැති වේගෙන යනහැටි බලන් ඉන්නවා. කැලයකට යන්න බය හිතෙනවා. වෙඩි බැඳලා. නැත්නම් ත්‍රස්තවාදීන් කියල අල්ල ගන්නවා. සිංහරාජය විතරක් ඉතුරුවෙලා තියනවා. (නදී)

:       0       0

දොං සේතං Friday, 06 December 2013 08:41 PM

මමත් කදු නගිනවා. බොහෝ වෙලාවට.(නදී)

:       0       0

සුමංගල ඇල්පිටිය Friday, 06 December 2013 09:01 PM

කුමාර ,ඔයා ළඟකදිනම් කන්දකට ,කැලෑවකට, ගිය විදියක් පේන්න නෑ. (නදී)

:       0       0

සම්පත් වීරසිංහ Friday, 06 December 2013 09:19 PM

ගොඩක් වටිනා මානසික සහ ශාරීරික කැපකිරීමක්. මමත් හැම අවුරුද්දකම කොරියාවේ දුෂ්කර ලස්සන කදු නැගලා තියෙනවා. ලැබෙන තෘප්තිය මිළ කරන්න බැහැ.(නදී)

:       0       0

රජින්ද Saturday, 07 December 2013 10:23 AM

මිහිකත. මෙවැනි හෝ මනස් කාන්ත නිධානයන් සගවා නොගන්නට ඔබ කෙළෙසා බොහෝ කල්ය. අදත් ලංකාදීපෙට ස්තූති..(නදී)

:       0       0

සම් Friday, 06 December 2013 01:54 PM

මරු.... (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇමෙරිකන් බැංකුවක පිපිරීමක්
2024 මැයි මස 29 155 0

ඇමෙරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ බැංකු ගොඩනැගිල්ලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයෝ 7 ක් තුවාල ලැබූහ. පිපිරීමට හේතුව ගෑස් කාන්දුවක් බව ඇමෙරිකන් මාධ්‍ය පවසයි. ප


ඉන්දියාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ක්
2024 මැයි මස 29 1722 0

ඉන්දියාවේ ප්‍රාන්ත රැසක උෂ්ණත්වය අනතුරුදායක ලෙස සෙල්සියස් අංශක 50 ක් දක්වා ඉහළ ගියේය.


පාප්තුමා සමාව ඉල්ලයි
2024 මැයි මස 29 174 0

සමලිංගිකයන්ට අපහාස කළේ යැයි ශුද්ධොත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ට චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් පාප්තුමා සමාව ඉල්ලා සිටියේය.


පලස්තීනයට සාමය ගේන්න සූදානම්
2024 මැයි මස 29 84 0

පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමෙන් පසු, යුරෝපා රටවල් වන ස්පාඤ්ඤය, අයර්ලන්තය සහ නෝර්වේ රාජ්‍යය, ඊශ්‍රායල පලපස්තීන අර්බුදයටත්, ගාසා තීරයේ ඊශ්‍රා


නෙදර්ලන්ත අගමැති ධුරය හිටපු බුද්ධි අංශ ප්‍රධානියාට
2024 මැයි මස 29 52 0

යුරෝපා රාජ්‍යයක් වන නෙදර්ලන්තයේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා එරට හිටපු බුද්ධි අංශ ප්‍රධානී 67 හැවිරිදි ඩික් ස්කූෆ් නම් කිරීමට එරට සන්ධාන රජය තීරණය කර තිබේ.


රුසියන් යුක්රේන සාම සමුළුව ස්විට්සර්ලන්තයේ
2024 මැයි මස 29 70 0

රුසියන් යුක්රේන අර්බුදයට විසඳුම් සෙවීමේ සාම සමුළුවක් ස්විට්සර්ලන්තයේ දී පැවැත්වීමට නියමිත අතර, ඊට සහභාගී වෙන්නැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1026 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2600 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2218 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site