දොළොස් හැවිරිදි නිකොලායි ක‍්‍රයිගලියචෙන්කෝට පට බැඳී ඇති නාමය ‘‘කාන්දමාය‘‘. ඒ ලෝහ වස්තූන් තමන් වෙත ඇදගැනීමටත් ඒවා තම ඇගෙහි අලවාගෙන සිටීමටත් ඔහු සතුවන අද්භූත හැකියාව නිසාය.

රුසියා ජාතික නිකොලායි පවසන්නේ මග වැටී තිබුණු විදුලි රැුහැනක් වැරදීමකින් පෑගී අධි විදුලි සැරක් වැදීමෙන් පසු මෙසේ ලෝහ ද්‍රව්‍ය තම ඇෙඟ් ඇලෙන්නට පටන්ගත් බවයි.

දැන් ලෝහ ද්‍රව්‍ය පමණක් නොව ප්ලාස්ටික්,කොළ කැබලි වැනි දේ පවා තම ඇෙඟහි අලවාගෙන සිටීමට හැකි බව ඔහු කියයි.

මේ හැකියාව නිසාම දැන් පාසලේ ජනපි‍්‍රයම කොලූ ගැටයා නිකොලායිය.

නිකොලායි වැනි මිනිස් කාන්දම් ගැන තොරතුරු ලොව දස දෙසින් ඇසෙන අතර එවන් පුද්ගලයින්ටම වෙන්වූ සංවිධානයන්ද ඇත.

නිකොලායි සේම ඔවුන් බහුතරයද විශ්වාස කරන්නේ එම හැකියාව ඔවුන් ලද විශේෂ වරප‍්‍රසාදයක් ලෙසය.

නමුත් විද්‍යාඥයින් දරන්නේ වෙනත් මතයකි.සිරුරින් කාන්දම් බලයක් උපදීමට හැකියාවක් කිසිසේත්ම නොමැති බව කියන ඔවුන් ඔය කියන පුද්ගලයින්ගේ සම සාමාන්‍ය පුද්ගලයෙකුගේ සමට වඩා වෙනස් වීමේ ඉඩක් තිබෙන බවත් එනිසා ඔවුන්ට අනෙක් අයගේ සමට වඩා හොද ග‍්‍රහණ හැකියාවක් පිහිටිය හැකි බවත් පවසයි.

234BA4A400000578-0-Nikolai_pictured_with_his_classmates_who_he_says_constantly_ask_-104_1416401955279 234BA4C100000578-0-image-97_1416401459148 234BA4D200000578-0-image-98_1416401464325 234BA4E500000578-0-image-103_1416401948466