මේවනවිට අත්අඩංගුවේ පසුවන 35 හැවිරිදි හමුදා නිලධාරියෙකු විසින් ඝාතනය කළ කාන්තාවන් කිහිපදෙනකුගේ සිරුරු සොයා සයිප්‍රස් පොලිසිය සෝදිස මෙහෙයුම් ආරම්භ කර ඇත.
නිකොසියා අගනුවරට බටහිරින් පිහිටි ස්ථාන කිහිපයක් මේ වනවිට සෝදිසි කර ඇති අතර එහි තිබී කාන්තාවන් තිදෙනකුගේ සිරුරු සොයාගත් බව පොලිසිය පවසයි.
මෙම පුද්ගලයා විසින් කාන්තාවන් හත්දෙනකු සහ ගැහැණු දරුවන් කිහිපදෙනකු ඝාතනය කළ බව පිළිගෙන ඇත.
සිරුරු දෙකක් පතලක තිබී සොයාගෙන ඇත. ඔවුන් දෙදෙනා පිලිපීන ජාතික කාන්තාවන් වන බවද අනෙක් කාන්තාව ඉන්දියානු හෝ නේපාල ජාතික වියහැකි බවද පොලිසිය සඳහන් කරයි.
පොලිසිය වැඩිදුරටත් පවසන්නේ දැරියන් දෙදෙනකු ඇතුළු තවත් හතර දෙනකුගේ සිරුරු සොයා සෝදිසි කරන බවයි.
(බීබීසී ඇසුරිණි - 085)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කාන්තාවන් හත්දෙනකු හා දැරියන් ඝාතනය කරලා