'කොවිඩ් 19 ඔමික්‍රෝන්' විකෘති වයිරස ප්‍රභේදයේ සැබෑ ස්වරූපය ලොවට අනාවරණය කිරීමට දකුණු අප්‍රිකා බෝවන රෝග පිළිබඳ ජාතික ආයතනයේ වයිරස විශේෂඥයන් පියවර ගෙන තිබේ. ඒ අනුව, අනුමාන කළ අන්දමට, 'ඔමික්‍රෝන්' විකෘතිය, 'ඩෙල්ටා' විකෘතිය තරම් බිහිසුණු නොවන බව තහවුරු වී ඇත.
කෙසේ නමුත්, 'ඩෙල්ටා' මෙන් නොව, 'ඔමික්‍රෝන්' ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානය මාධ්‍ය හමුවේ පෙන්වා දී ඇත්තේ ඒ බව තහවුරු කිරීමට තවත් සති කීපයක් බලා සිටීමට සිදුවනු ඇති බවය. මේ වනවිට 'ඔමික්‍රෝන්' විකෘතිය රටවල් 86 කට ව්‍යාප්තවී අවසන්ය. වැඩියෙන්ම ඔමික්‍රෝන් ව්‍යාප්තිය සිදුවන්නේ යුරෝපා රටවලය. ජපාන සෞඛ්‍ය අංශ ඊයේ (22) නිවේදනය කළේ එරට සමාජයේ 'ඔමික්‍රෝන්' ව්‍යාප්තිය ආරම්භ වී ඇති බවය.
දකුණු අප්‍රිකා බෝවන රෝග පිළිබඳ ජාතික ආයතනයේ වයිරස විශේෂඥයන් 'ඔමික්‍රෝන්' සම්බන්ධයෙන් ඔවුන්ගේ සවිස්තරාත්මක වාර්තා සියල්ල ලෝක සෞඛ්‍ය සංවිධානයට යොමු කර ඇත. ''දකුණු අප්‍රිකාවේ ඔමික්‍රෝන් මරණ වාර්තා වෙලා නැහැ. දකුණු අප්‍රිකානුවන් අතරේ ඔමික්‍රෝන් වේගයෙන් ව්‍යාප්ත වුණත්, කිසිවකුට බරපතල රෝගී තත්ත්වයක් ඇති කළේ නැහැ.'' යැයි දකුණු අප්‍රිකා බෝවන රෝග පිළිබඳ ජාතික ආයතනයේ මහාචාර්ය ෂෙරිල් කෝහන් පැහැදිලි කර තිබේ.
'ඔමික්‍රෝන්' විකෘතිය පළමුවෙන් හඳුනා ගැනීමට සමත් වූයේ ද දකුණු අප්‍රිකා වයිරස විශේෂඥයන්ය. ඒ, පසුගිය නොවැම්බරයේය. මේ අතර දකුණු අප්‍රිකාවේ 'කොවිඩ් 19' ආසාදිතයන් යළි අඩුවීමට පටන්ගෙන ඇති බව හරට සෞඛ්‍ය අංශ පවසයි. පසුගිය සති කීපයේ දකුණු අප්‍රිකාවේ දෛනික 'කොවිඩ්' ආසාදිතයන් 27,000 සීමාව ඉක්මවා වාර්තා වූ නමුත් දැන් එය 15,000 තෙක් පහත වැටී ඇත. දකුණු අප්‍රිකාවේ ආසාදිතයන් වැඩි වුයේ 'ඔමික්‍රෝන්' විකෘතියේ බලපෑම නිසා යැයි පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 04
554
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
489
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
’ඔමික්‍රෝන්’ විකෘතියේ සැබෑ ස්වරූපය හෙළිවෙයි