ප්යොන්ග්චැන්ග්හිදීය (ඒ.එෆ්.පී)
විශේෂ අවස්ථා කිහිපයක් ද සමගින් දකුණු කොරියාවේ ප්යොන්ග්චැන්ග්හිදී ශීත ඍතු ඔලිම්පික් උලෙළ අද (9) ආරම්භ විය.
සමාරම්භක උත්සවයේදී උතුරු සහ දකුණු කොරියානු ක්‍රීඩික ක්‍රීඩිකාවෝ එක්ව ආචාර පෙළපාලියේ යෙදුණු අතර දකුණු කොරියානු ජනාධිපතිවරයා උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ සහෝදරියට අතට අත දී සුබ පැතුම් එක් කිරීම මෙහිදි වඩාත්ම වැදගත් සිදුවීම විය. ඔවුන් දෙදෙනා අතට අතට දීම ඓතිහාසික සිදුවීමක් යැයි විදෙස් මාධ්‍ය වාර්තා කළ අතර ඔවුන් දෙදෙනා අතට අත දෙන ඡායාරූපය මේ වනවිටත් ලෝක මාධ්‍යයේ සහ සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධියට පත්ව තිබේ.
සුදු පැහැති පසුබිමක කොරියානු අර්ධද්වීපය නිරූපණය වන, උතුරු හා දකුණු කොරියාව නියෝජනය කරන දෙරටේ ඒකාබද්ධ ධජය යටතේ දෙරටේ ක්‍රීඩකයන් එක්ව ආචාර පෙළපාලියේ යෙදුණු අතර එය ක්‍රීඩාංගනයේ රැස්ව සිටි ප්‍රේක්ෂක ජනතාව අසුන්වලින් නැගී සිටීමට ද හේතුවක් ද විය.
එම අවස්ථාවේදී දකුණු කොරියානු ජනාධිපති මූන් ජායි ඉන් උතුරු කොරියාවේ බලසම්පන්න නායක කිම් ජොන් උන්ගේ සොහොයුරිය වන කිම් යෝ ජොන්ග්ට අතට අත දුන්නේය. ඔවුන් දෙදෙනාම සිනා මුසු මුහුණින් පසුවූහ.
මාස ගණනක තර්ජන ගර්ජන, අර්බුද සහ මතභේදවලින් පසුව දෙරට අතර සුහදතාව වර්ධනය වෙමින් තිබේ.
කොරියානු යුද්ධයෙන් පසු දකුණු කොරියාවේ සංචාරයක නිරත වන උතුරු කොරියානු පාලන වංශයේ පළමු සාමාජිකයා කිම් යෝ ජොන්ග්ය. උතුරු කොරියාව සහ දකුණු කොරියාව 2006 වසරේ ටියුරින් හි පැවති ශීත ඍත ඔලිම්පික් උලළේදී එක්ව ආචාර පෙළපාලියේ ගමන් කළහ. එමෙන්ම උතුරු කොරියාව හා දකණු කොරියාව 2000 වසරේ සිඞ්නිහිදීත් 2004 වසරේ ඇතැන්ස්හිදීත් පැවැති ඔලිම්පික් උලෙළුවලදී සංකේතාත්මක අභිනයක් නිරූපණය කළේය.
055
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ඓතිහාසික හමුවීමක් මැද ශීත ඔලිම්පික් උලෙළ ආරම්භ වෙයි
Perakum Saturday, 10 February 2018 07:57 AM
හරිම වින්දනීය පුවතක්. නොබෝ දිනකින්ම ඒකීය කොරියාවක් බිහි වේවායි ඉතා සිතින්ම පතමු.
ashoka Monday, 12 February 2018 09:03 AM
නොබෝ දිනකින්ම ඒකීය කොරියාවක් බිහි වේවායි එක සිතින්ම පතමු.
ashoka Monday, 12 February 2018 09:04 AM
නොබෝ දිනකින්ම ඒකීය කොරියාවක් බිහි වේවායි ඉතා සිතින්ම පතමු