IMG-LOGO

එචිඩ්නාගේ ස්වයංවරය

ඉත්තෑවකු මෙන් කටු සහිත එචිඩ්නා නමැති ඈන්ටීට වර්ගයේ මේ සතුන් සිය වර්ගයා බෝකිරීමට අපූරු ක්‍රමයක් අනුගමනය කරයි. ඕස්ට්‍රේලියාවේ ටොරොංගා සත්ත්වෝද්‍යානයේ දී එචිඩ්නා සතුන්ගේ දර්ශන ඡායාරූපයට නැගිමෙන් පසු ඒ බව හෙළිවී ඇත.

එචිඩ්නා සතුන් එකා පසු පස එකා ගමන්කරන ආකාරය ඉතා සුලබ දසුනකි. එසේ වුව ද මෙයට හේතුවක් මෙතෙක් අනාවරණය වී තිබුණේ නැත. ටොරොංගා සත්වෝද්‍යානයේ සේවකයන් පවසන්නේ මේ සතුන් පේළියේ සැමවිටම ඉදිරියෙන් ගමන් කරන්නේ ගැහැනු සත්ත්වයකු බවයි. ඒ පසුපස පිරිමි සතුන් එකිනෙකාට අතිශයින් සමීපව ඉතා දුෂ්කර ගමණක යෙදෙන බව ද ඔවුහු කියති. එයට හේතුව සොයා බැලීමේ දී පෙනීගොස් ඇත්තේ ගැහැනු සතුන් සිය ප්‍රජනක කාලයේ දී පිරිමි සතුන් ආකර්ශනය කරගැනීමට ලිංගික හෝමෝනයක් නිකුත් කරන බවයි. එයට ආකර්ෂණය වන පිරිමි සතුන් ගැහැනු සතා පසුපස උගේ අඩිපාරේ ගමන් කරයි.

මෙය අපූරු දසුනකි. උද්‍යාන සේවකයන් පවසන්නේ එය එචිඩ්නා කෝච්චිය යනුවෙනි. මෙලෙස තමා පසුපස වැටී සිටිනි පිරිමි සතුන් අතරින් එකකු ගැහැනු එචිඩ්නා සිය සහකරු ලෙස තෝරාගනී. මෙවැනි අසීරු චාරිකාවක පිරිමි සතුන් යෙදවිමෙන් පසු ස්වකීය වල්ලභයා තෝරාගැනීම ප්‍රහේලිකාවක් බව සත්ත්ව විද්‍යාඥයෝ කියති. ගැහැනු සතා විඩාපත් වූ විට තමා පසුපස මුලින්ම සිටින පිරිමි සතා සමග එක්වන බව නිරික්ෂණය කැර තිබේ.

ස්වභාවික වනයේ දී නම් මෙවැනි ගැහැනු සතකු පිටුපස පිරිමි සතුන් 10ක් පමණ ගමන් කරන බව සත්ත්ව විද්‍යාඥයෝ කියති. අවුරුදු 40ක පමණ කාලයක් ජීවත්වන මේ සත්ත්වයකු තම වර්ගයා බෝ කරන්නේ බිත්තර දැමීමෙනි. ජුනි සිට සැප්තැම්බර් දක්වා කාලයේ ඔවුන් අභිජනනය කරයි. 1411691846473_wps_22_Trailing_success_for_Taro 1411691858934_wps_24_Trailing_success_for_Taro 1411691873454_wps_26_Trailing_success_for_Taro 1411691884353_wps_27_Trailing_success_for_Taro 1411698303382_Image_galleryImage_Trailing_success_for_Taro



අදහස් (0)

එචිඩ්නාගේ ස්වයංවරය

රුෂාන් Friday, 03 October 2014 01:24 AM

බොහොම හොඳයි සෑම් මහත්තයා (නි)

:       0       0

ගමගේ Friday, 03 October 2014 02:24 AM

සැම්, ඔබ හරි. (නි)

:       0       0

සරත් Thursday, 02 October 2014 08:37 AM

සත්ව ලෝකය කොහොමත් ඔය වගේ තමයි. හරිම සුන්දරයි. ප්‍රබලයා ජයගන්නවා. (නි)

:       0       0

රූපවතී Thursday, 02 October 2014 08:50 AM

මම ඉන්න රටේ මේ සතුන් නිතර වාහන වලට යටවෙලා මැරෙනවා. මේ සතා සුළු දෙයකටත් තම ආත්ම ආරක්ෂාවට තම ශරීරය බෝලයක හැඩයට රවුම් කරගෙන ඔලුව හංගාගන්න නිසා, වාහන වලට ගොදුරු වෙලා මැරෙනවා. සෑම දිනකම උදේට වැඩට යනවිට පාරේ 3,4 දෙනෙක් වාහන වලට යටවී මැරිලා ඇති සැටි මා දකිනවා. හරිම අහිංසක සතෙක් ..!! (නි)

:       0       0

රම්සියා Thursday, 02 October 2014 08:54 AM

අපේ ලොකු ලොකු අයගේ සමහර පුතුන්ව මට මතක් වුණා (නි)

:       0       0

සෑම් Thursday, 02 October 2014 10:41 AM

හේමන්ත, ඔබ මොන රටේ ජීවත් වෙන කෙනෙක්ද කියන්න මම දන්නේ නැහැ. කුඩා රටක් වන ලංකාවේ අපිට ආවේනික සතුනුත් විශාල සංඛ්‍යාවක් ඉන්නවා. නමුත් ඕස්ට්‍රේලියාවෙත් ඊට ආවේනික සතුන් වන කැන්ගරුවන්, වොලබි ,කොවාලා , ප්ලැටිපුස්, තස්මේනියන් ඩෙවිල්,වැනි සතුන් විශාල සංඛ්‍යාවක් "හොඳින් "ඉන්නවා. මොකද මේ රටේ මඩේ එරුණ අලි පැටියාගේ වලිගය කපාගෙන ගිය මිනිහා වගේ නරක මිනිස්සු ඉතාම අඩුයි.(අ)

:       0       0

රුවන් Friday, 03 October 2014 01:52 PM

හේමන්ත කියන කෙනා මොන පුවතට ප්‍රතිචාර දැම්මත් එයාගේ අදහසම විතරක් නිවැරදියි කියන මතයේ ඉන්න කෙනෙක්. (නදී)

:       0       0

හේමාල් Friday, 03 October 2014 01:58 PM

හේමන්ත ඔබට මේ සතාව අල්ලන්නේ නැති වුනාට හැමෝටම එහෙම වෙන්න ඕන නැහැ නේද ? (නදී)

:       0       0

චාලි Friday, 03 October 2014 02:03 PM

ඇයි සෑම් දන්නේ නැද්ද, හේමන්ත ඉන්නේ බ්‍රහ්ම ලෝකයෙනේ. එයාට හැම පුවතකම වැරැද්දක්මයි පේන්නේ. (නි)

:       0       0

දාස් Saturday, 04 October 2014 01:03 PM

කොච්චර ලස්සන දසුනක්ද. මට නම් මේක විතරක් නෙමේ ස්වාබ ධර්මයේ වෙන හැම දෙයක්ම ලොකු දෙයක්. අද උදේ මම නැගිටලා ජීවත් වෙලා ඉන්න එකත් ලොකු දෙයක්. (නදී)

:       0       0

හේමන්ත Thursday, 02 October 2014 11:54 AM

සෑම්, ඔයා නිදි පැදුරෙන් අවදිවෙලා වගේ බෙරිහන් දෙන්න එපා. යන්නේ කොහේද මල්ලේ පොල් කිවුවලු. ඒවගේ හතරබීරි කතාවක් තමයි ඔයා කියන්නේ. අපි ඕනෑ තරම් දැකලා තියෙනවා සතුන් රැලේ යන කාලෙට ගැහැණු සතා පස්සෙන් යනවා. ඉතින් මේක අලුත් අත්දැකීමක් නොවෙයි ගොඩක් අයට. වෙනසකට තියෙන්නේ මේ සතා ලංකාවේ නැති එක තමයි. (නි)

:       0       0

සත්‍යයා Friday, 03 October 2014 03:44 PM

එචිඩ්නා නෙමෙයි එකීඩ්නා. (අ)

:       0       0

සෑම් Thursday, 02 October 2014 12:46 PM

මට මේ කතාවෙන් තේරෙන්නේ මේ පිටුපසින් යන සතුන්ටත් වෙන්නේ ඡන්දෙ කාලෙට අපේක්ෂකයින් පසුපස පෝළිමේ යන කට්ටියට වෙන දේම තමා (නි)

:       0       0

සෑම් Friday, 03 October 2014 07:16 AM

අපෝ මේ හෙමන්තගෙන් බැනුම් අහපු සෑම් මම නොවයි. රුෂාන් බොහොම හොඳයි කියපු සැම් මම. අනේ මන්ද අදහස් දාන නමට පේටන්ට් බලපත්‍රය ගන්න වෙයි වගේ. (ස)

:       0       0

හේමන්ත Thursday, 02 October 2014 04:41 AM

සතෙක් සිව්පාවෙක් දකින්න නැති සමහර රටවල ඉන්න අයට මේවා ලොකු දේවල් තමයි.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 15 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 351 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 823 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site