චීනයේ ප්‍රාථමික මාසලකින් එක් 'කොවිඩ් 19' ආසාදිතයකු වාර්තාවීමත් සමඟ එම පාසල කඩිනමින් වසා දැමීමට සෞඛ්‍ය අංශ සහ බලධාරීහු පියවර ගත්හ.
ඒ සමඟ පාසලේ දරු දැරියන් කිහිප දෙනකු සහ ඔවුන් බාර ගුරුවරුන් පාසලේ කොටුවුණු බවත්, දරුවන්ගේ මාපියන් පාසල ඉදිරියේ කලහකාරීව හැසිරුණු බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
දරුදැරියන්ට එදින රාත්‍රියේ ගත කිරීමට සිදුවූයේ ද පාසලේය.
පාසල තුළ සිරවුණු දරුවන් සහ ගුරුවරුන් කොරෝනා පරීක්ෂණවලට යොමු කරන තුරු ඔවුන් මුදා හැරීමට නොහැකි බව සෞඛ්‍ය අංශ පවසා තිබුණි.
මෙසේ පාසලේ සිරවුණේ අවුරුදු 7 ත් 12 ත් අතර වයසේ දරු දැරියන් පිරිසකි. දරුවන්ගේ මාපියන්ට උපදෙස් දී තිබුණේ දරුවන්ට රාත්‍රියට ඇදුම් රැගෙන එන ලෙසටය.
පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු දරුවන් 35 දෙනකු නිරෝධායන මධ්‍යස්ථානයකට ගෙන ගියේ යැයි චීන පුවත් සේවා වාර්තා කර ඇත. මේ වනවිට පාසල තාවකාලිකව වසා දමා ඇතැයි ද පැවැසෙයි.
(බීබීසී)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
එක් ආසාදිතයයි: පාසලක් වැසෙයි