IMG-LOGO

2025 ජනවාරි මස 19 වන ඉරිදා


එකිනෙකාට මඩ ගසාගත් ඇමෙරිකානු ජනාධිපතිවරණ විවාදය

ඇමෙරිකන් ජනාධිපතිවරණයට පෙරල ඊට ඉදිරිපත් වන ප්රතධාන අපේක්ෂකයන් දෙදෙනා වන වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ප්‍රතිවාදී අපේක්ෂක ජෝ බයිඩන් අතර පළමු රූපවාහිනී විවාදය ඊයේ පැවැත්විණි.

එම විවාදය ආරම්භ වූ අවස්ථාවේ සිටම එය එකම ගාලගෝට්ටියක් වූ අතර වසර ගණනාවකට පසු පැවැති වඩාත් ව්‍යාකූලම සහ අමිහිරිධවල මන්දිර’ විවාදය එය වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විවාදය පටන් ගත් අවස්ථාවේ සිට ජෝ බයිඩන්ට බාධා කළ අතර දෙදෙනා එකිනෙකාට දරුණු වාග් ප්‍රහාර එල්ල කරගත්හ.

ඇතැම් අවස්ථාවලදී දෙදෙනා පෞද්ගලික කරුණු පෙන්වාදෙමින් එකිනෙකාට චෝදනා එල්ල කරගත්හග ඇමෙරිකාවට අවශ්‍ය වූයේ මඩ ගසා ගැනීම් නොව ඇමෙරිකානු ජනාතවට අත්‍යවශ්‍ය කරුණු ගැන කතා කරන ජනාධිපතිවරණ විවාදයක් බව එරට මාධ්‍ය පෙන්වා දී තිබි.

ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ එලැඹෙන නොවැම්බර් 3 වැනිදායග ඊට පෙරල ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා සහභාගී වන සජීවී රූපවාහිනී විවාද තුනක් පැවැත්වෙයිග ඊයේ පැවැත්වූයේ එහි පළමු විවාදයයි.

ඔහියෝ ප්‍රාන්තයේ ක්ලීව්ලන්ඩ් නුවර දී විවාදය පැවැත්විණි. විවාදය සජීවීව ඇමෙරිකානු රූපවාහිනී නාළිකා හරහා විකාශය වූ අතර විවාදය මෙහෙයවූයේ ෆොක්ස් නාළිකාවේ මාධ්‍යවේදී ක්‍රිස් වෙලෙන්ස් ය.

තමන්ගේ පෞද්ගලික කරුණුවලින් බැහැරව ඇමෙරිකානු වැසියන්ට වැදගත් මාතෘකා සම්බන්ධයෙන් අදහස් දක්වන්නැයි අවධාරණය කිරීමට ද වෙලෙන්ස් ට සිදුවිය. ට්‍රම්ප් සහ බයිඩන් එකිනෙකාට චෝදනා කරමින් ඔවුන් දෙදෙනා පාලනය කිරීමට උස් හඬින් අදහස් දැක්වීමට වෙලෙන්ස්ට සිදුව.

අවස්ථා ගණනවාකදීම විවාදය නිසි ලෙස පවත්වා ගැනීමට මැදිහත් වීමට මාධ්‍යවේදී ක්‍රිස් වෙලෙන්ස් ට සිදුවිය.

එක් අවස්ථාවකදී ඩිමොක්රයටික් අපේක්ෂක ජෝ බයිඩන්ල ජනාධිපති ඩොනල්ඩ් ‘‘කටවහගන්න’ යැයි ද කීවේය.

මෙම විවාදය පැය එකහාමාරක් මුළුල්ලේ පැවැත්විණි. එහිදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් , ජෝ බයිඩන් ද බාධා කළ වාර ගණන 73ක් යැයි විදෙස් මාධ්‍ය  වාර්තා කර තිබිණි. මීට වසරක හතරකට පෙර පැවැති ජනාධිපතිවරණයේ පළමු විවාදයේදී ජනාධිපති ට්‍රම්ප් එම අවස්ථාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඩිමොක්රිටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් බාධා කළ අවස්ථා ගණන 37ක් යැයි ද වාර්තා විය.

සුදු අන්තවාදීන්ගෙන් ජනාධිපති ට්‍රම්ප්ට ලැබෙන සහාය සම්බන්ධයෙන් මෙහිදි විවේචන එල්ල ව. එවැනි අන්ත දක්ෂිණාංශික කණ්ඩායම් විවේචනය කිරීම ද ජනාධිපති ට්‍රම්ප් ප්‍රතික්ෂේප කළේය.

මේ වනවිට කර ඇති මත විමසුම්වලදී ජෝ බයිඩන්ල ජනාධිපති ට්‍රම්ප්ට වඩා සැලකිය යුතු ලෙස ඉදිරියට පැමිණීමට සමත්ව ඇත.

ඇමෙරිකානු ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 35ක් පමණි. කෙසේ නමුත් ඇතැම් ප්‍රාන්තවලදී දෙදෙනා අතර තියුණු තරගයක් ඇතිවනු ඇතැයි දැනටමත් අනාවැකි පළ වී ඇත

ඇමෙරිකානුවන් දස දෙනකුගෙන් එක් අයකු ඡන්දය දෙන්නේ කාටදැයි තවමත් තීරණය කර නැතැයි දැනට කර ඇති සමීක්ෂණවලදී අනාවරණය වී ඇත. පැවැති විවාදයේදී හෝ ඉදිරියේදී පැවැත්වෙන විවාද දෙකේ දී එම තීරණ වෙනස් කිරීමට තරම් ප්‍රමාණවත් දෙයක් සිදු නොවනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ මත පළ කරති.

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසාංගතය ඇමෙරිකාවේ අපරාධ රැල්ල වාර්ගික ගැටුම්ල සෞඛ්යව සහ අධ්‍යාපනය ආර්ථිකය සහ මැතිවරණය සාධාරණව පැවැත්වෙන්නේ ද යනාදිය විවාදයේ ප්‍රධාන මාතෘකා විය. ට්‍රම්ප් සහ බයිඩන් වේදිකාවට ගොඩ වූයේ එකිනෙකාට ඔරවා ගනිමිනි. දෙදෙනා අතරේ අතට අත දීමක් සිදුවූයේ නැත. මිලියන ගණනක් ඇමෙරිකානුවන් සජීවීව පැවැති විවාදය නැරැඹූ බව ඇමෙරිකන් පුවත් සේවා පසුව වාර්තා කළේය.

ජනපති ට්‍රම්ප් කතා කරද්දී බයිඩන් උපහාසාත්මක අයුරින් ඔහුට බාධා කරන්න වූ අතර බයිඩන් කතා කරද්දී ට්‍රම්ප් පෙරළා උපහාසයෙන් බයිඩන්ට බාධා කරන්න විය.

ට්‍රම්ප්ගේ බාධා කිරීම් හමුවේ ‘ඇති ඇති කට පියාගෙන ඉන්නවා’ යැයි බයිඩන්ල ට්‍රම්ප් පැවැසීය.

‘ඇමෙරිකාවේ අසාර්ථකම ජනාධිපතිවරයා ඔබ යැයි’ බයිඩන් ට්‍රම්ප්ගේ මුහුණටම පැවසුවේය. එවිට ට්‍රම්ප් පිළිතුරු දුන්නේ මා තරම් වැඩ කරන ජනාධිපතිවරයකු සහ දුන් පොරොන්දු ඉටු කළ ජනාධිපතිවරයකු ඇමෙරිකාවට පහළ වී නැහැ’ කියාය.

අවසානයේ අපේක්ෂකයන් දෙදෙනා එකිනෙකාට බැණ ගන්න පටන් ගත් අතරල ඔවුන් සන්සුන් කර ගැනීමට මාධ්‍යවේදී ක්‍රිස් වෙලෙන්ස්ට මහත් පරිශ්ර්මයක් දැරීමට සිදුවියග ට්රයම්ප් හෝ බයිඩන් හෝ අවනත කර ගැනීමට ක්‍රිස් වෙලෙන්ස්ට හැකියාවක් ලැබුණේ නැත.

පළමු විවාදය පැවැත්වූයේ කොවිඩ් 19’ හෙවත් කොරෝනා වයිරස වසංගතය මධ්‍යයේ ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සහ වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි වයිරස වසංගතය හේතුවෙන් රිපබ්ලිකන් සහ ඩිමොක්ර්ටික් පක්ෂ නියෝජනය කරමින් විවාදයට සහභාගී වූ නරඹන්නන් සීමා කෙරුණි.

සෞඛ්‍ය උපදෙස්වලට ගරු කරමින් රිපබ්ලිකන් පාක්ෂිකයන් විවාදය නැරැඹීමට පැමිණ සිටියේ මුහුණු ආවරණ සහිතවයග කෙසේ නමුත් ට්‍රම්ප්ගේ පවුලේ සාමාජිකයන් මුහුණු ආවරණ පැලඳ සිටියේ නැත. ට්‍රම්ප් බිරිඳ මෙලානියා මෙන්මල ජෝ බයිඩන්ගේ බිරිඳ ජිල් ද විවාදයට පැමිණ සිටියහ.

ජනපති ට්‍රම්ප් බදු ගෙවීම් පැහැර හැරියේ යැයි පසුගිය දා ඇමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත අනාවරණය කළේය. ඒ බදු වාර්තා ද උපුටා දක්වමිනි. ට්‍රම්ප් බදු ගෙවීම් පැහැර හැරීම විවාදයට බඳුන් වූ නමුත්ල ට්‍රම්ප්ට අවාසි වන අයුරින් ඒ ගැන දිගින් දිගටම වාද කිරීමට බයිඩන් අපොහොසත් විය. ට්‍රම්ප් තරයේ කියා සිටියේ තමන් මිලියන ගණනින් බදු ගෙවීම් කර ඇති බවත්ල කිසිදු අවස්ථාවක බදු ගෙවීම් පැහැර හැර නොමැති බවත්ය.

ජනමත සමීක්ෂණ අනුවල එලැඹෙන ජනාධිපතිවරණයෙන් වැඩි වාසි ඇත්තේ ප්‍රතිවාදී ජෝ බයිඩන්ටය ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය අඩු වීමට ප්‍රධාන හේතු දෙකක් බලපා ඇතැයි පැවැසෙයි. එයින් එකක් කොරෝනා වසංගතයයි. අනෙක කළු සුදු අරගලයයි. ඇමෙරිකාවේ කොරෝනා වසංගත තත්ත්වයක් හටගත්තේ ට්‍රම්ප් ඒ ගැන නොසකලා සිටි නිසා යැයි චෝදනා එල්ල වී තිබේ.

කොරෝනා වයිරස වසංගතයට එරෙහි ඇමෙරිකාවේ නිපදවන එන්නත ජනාධිපතිවරණයට පෙර නොවැම්බර් පළමු වැනිදා ඇමෙරිකානුවන්ට ලබා දීමට ජනපති ට්‍රම්ප් සූදානම් වෙයි. කෙසේ නමුත් ඇමෙරිකන් වෛද්‍ය පර්යේෂකයන් සහ ඖෂධ නිෂ්පාදන සමාගම් පවසන්නේ එසේ කළ නොහැකි බවත් අත්හදා බැලීම් අවසන් කර කොරෝනා මර්දන එන්නතක් සාර්ථකව එළිදැක්වීම සිදුවනු ඇත්තේ ලබන 2021 වසරේ බවත්ය.

2016 වසරේ දී ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත්වූයේ රුසියාවේ මැදිහත් වීමෙන් රුසියන් පරිගණක හැකර්වරුන් ජනපතිවරණයේ ප්‍රතිඵල වෙනස් කළ නිසා යැයි බයිඩන් විවාදය අතරතුරේ යළි චෝදනා කළේ. ට්‍රම්ප් රුසියන් ජනාධිපති පුටින්ගේ කීකරු බලු කුක්කකු යැයි කියමිනි. ඊට අමතරව ට්‍රම්ප් ‘කවටයකු’ ලෙස හඳුන්වා දීමට ද බයිඩන් කටයුතු කළේය.

මෙවර විවාදයේදී ජෝ බයිඩන් මිනිත්තු 43ක් අදහස් දක්වා තිබූ ජනාධිපති ට්‍රම්ප් අදහස් දක්වා තිබුණේ මිනිත්තු 38ක් පමණි. මිනිත්තු 20ක් දෙදෙනා නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් අදහස් දක්වා තිබූ අතර එය මෙවර විවාදයේ වැඩිම කාලයක් වෙන්වුණු මාතෘකාව ද විය.

ඒ.එෆ්.පී සහ රොයිටර් ඇසුරිනි

055



අදහස් (0)

එකිනෙකාට මඩ ගසාගත් ඇමෙරිකානු ජනාධිපතිවරණ විවාදය

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

ට්‍රම්ප් දිවුරුම් දෙන්නේ එළිමහනේ නෙවෙයි
2025 ජනවාරි මස 18 146 0

ලබන 20 වැනිදා ඇමෙරිකාවේ නව ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දිවුරුම්දීම වොෂින්ටන් අගනුවර කැපිටල් හිල් ගොඩනැගිල්ලේ ගෘහස්ථව සිදු කිරීමට තීරනය කර ඇත.


ඇමෙරිකාවේ ටික්ටොක් තහනම්
2025 ජනවාරි මස 18 94 0

ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවකට අනුව, හෙට (19) සිට ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ටික්ටොක් තහනම් කිරීමට නියමිතය. චීනයේ නිර්මාණය කළ ටික්ටොක් යෙදවුම හරහා චී


සිංගප්පූරු ජනපති ඉන්දියාවේ
2025 ජනවාරි මස 18 72 0

සිංගප්පූරු ජනාධිපති තර්මන් ෂන්මුගරත්නම් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතරේ හමුවක් නවදිල්ලියේදී පැවැත්විණි. ඒ, සිංගප්පූරු අගාමාත්‍යවරයා නව


ලොස් ඇන්ජලීස් ළැව් ගිනි අවසන් නෑ
2025 ජනවාරි මස 18 48 0

ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැතිරෙන ’ඊටන්’ සහ ’පැලිසේඩ්ස්’ යන ළැව් ගිනි තවමත් අවසන් වී නැති නමුත් වියළි සුළං වල අඩුවක් පෙන්වන බැවින්, ළැව් ගිනි කඩිනම


ඉලොන් මස්ක්ගේ අභ්‍යවකාශ යානයක් පුපුරා යයි
2025 ජනවාරි මස 17 247 0

බිලියනපති ව්‍යාපාරික ඉලොන් මස්ක්​ගේ ‘ස්පේස් එක්ස්’ සමාගම නිපදවූ ‘සාටර්ෂිප් ෆල්යට් 7’ අභ්‍යවකාශ යානය, අත්හදා බැලීමේ පියසැරියක් අතරතුරේ පුපුරා විනාශ


හමාස් සංවිධානය සටන් විරාම කොන්දේසි වෙනස් කරනවා
2025 ජනවාරි මස 17 161 0

හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටින ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීමටත්, සටන් විරාමයකට යෑමටත් ඊශ්‍රායල රජයේ නියෝජිතයන් සහ හමාස් සංවිධානයේ නියෝජ


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 366 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 596 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 324 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site