උතුරු කොරියාවේ ‘හිතුවක්කාර’ න්‍යෂ්ටික කටයුතු දැක දැකත් ඒවා නොදුටු අයුරින් සිටිනවා යැයි ඇමෙරිකා ජනපති බැරැුක් ඔබාමා ඊයේ (26) චීනයට දොස් පැවරුවේය. ජනපති ඔබාමා මෙසේ කියා සිටියේ දකුණු කොරියාවේ සෝල් නුවර පැවැත්වුණු ‘න්‍යෂ්ටික ආරක්ෂක’ සමුළුවේදීය. දෙදිනක් තිස්සේ සෝල් නුවර පැවැත් වුණු එම ‘න්‍යෂ්ටික ආරක්ෂක’ සමුළුවට රටවල් 56 ක රාජ්‍ය නායකයෝ සහභාගී වූහ. සමුළුවේදී වැඩි අවධානය යොමු වූයේ උතුරු කොරියාවේ සහ ඉරානයේ න්‍යෂ්ටික කටයුතු කෙරෙහිය. සමුළුවට ඉරානයට හෝ උතුරු කොරියාවට හෝ ආරාධනා කර නොතිබිණි. උතුරු සහ දකුණු කොරියා අර්බුදයේදී මැදහත්කරුව සිටින්නේ චීනයයි. උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහනට ආධාර ලබා දෙන්නේ ද චීනයයි. උතුරු කොරියාව තව නොබෝ දිනකින් රොකට්ටුවක් ගුවන් ගත කිරීමට සූදානමින් සිටියි. ඇමෙරිකාව පවසන්නේ ඔවුන් දිගු දුර බැලැස්ටික මිසයිලයක් අත්හදා බැලීමට සැරසෙන බවය. එහෙත් උතුරු කොරියාව පවසන්නේ තමන් උත්සාහ ගන්නේ චන්ද්‍රිකාවක් කක්ෂගත කිරීමට බවය. උතුරු කොරියාව විටින් විට නිකුත් කරන තර්ජන සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනපති ඔබාමා කියා සිටියේ තර්ජන කිරීමෙන් කිසිවක් අත්කර ගැනීමට නොහැකි බවය.
1
රාජකාරි කළ පොලිස් නිලධාරියෙක් හප්පා මරලා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරු කොරියාවෙන්වත් ඇමරිකාව පාඩමක් ඉගෙනගනියි වගේ.
ඇමරිකාව ලබ්බට තියපු අත පුහුලට නොතියයි කියලා කාටද කියන්න පුළුවන්. කාගෙන් හරි බිම ඇණ ගත යුතුයි ආයෙ වංගියක්
ඇමරිකාවේ ඔබාමා දැන් හරි ගනන් කාරයෙක්.