IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


උතුරු කොරියාවේ විරෝධය මැද ජනපති ඔබාමා දකුණු කොරියාවට

උතුරු කොරියාවේ දැඩි විරෝධය මැද, ඇමෙරිකා ජනපති බැරැුක් ඔබාමා පෙරේදා (24) දකුණු කොරියාවේ සෝල් නුවරට පැමිණියේය. ජනපති ඔබාමා දකුණු කොරියාවට පැමිණියේ අද (26) සහ හෙට (27) සෝල් අගනුවර ආරම්භ වන න්‍යෂ්ටික ආරක්ෂක සමුළුවට සහභාගීවීම සඳහාය. රටවල් 53 ක් සහභාගී වන එම සමුළුවේ මෙවර තේමාව වී ඇත්තේ ‘න්‍යෂ්ටික අවි ත‍්‍රස්තවාදය පිටුදකිමු’ යන්නය. න්‍යෂ්ටික අවි, ත‍්‍රස්තවාදීන් අතට පත්වීම වැළැක්වීමට මෙන්ම එවැනි අවි ත‍්‍රස්තවාදීන් අතට පත්වීමේදී සිදුවිය හැකි ඵලවිපාක ගැන ද න්‍යෂ්ටික ආරක්ෂක සමුළුවේදී සාකච්ඡා කිරීමට නියමිතය. උතුරු කොරියාව හෝ ඉරානය හෝ මෙම සමුළුවට සහභාගී නොවන අතර, ඔබාමා දකුණු කොරියාවට පැමිණීම ගැන විරෝධය පළ කරමින් උතුරු කොරියා රජය පවසා ඇත්තේ ලෝකයට අනතුරක් ඇත් නම් ඒ වෙන කිසිවකුගෙන් නොව ඇමෙරිකාවෙන් බවය. ඇමෙරිකා ජනපතිවරයා ආසියාවේ සිය හමුදා බලය තහවුරු කර ගැනීමට උත්සාහ ගන්නා බවට ද උතුරු කොරියා රජය චෝදනා කරයි. ඇමෙරිකා ජනපතිවරයාට අමතරව සෙසු රාජ්‍ය නායකයෝ ද දකුණු කොරියාවට පැමිණියහ. සමුළුව පැවැත්වෙද්දී ඊට සමගාමීව, ලෝක නායකයන් ඉරානයේ න්‍යෂ්ටික අර්බුදය ගැනත් උතුරු කොරියාවේ න්‍යෂ්ටික කටයුතු ගැනත් සාකච්ඡුා කිරීමට නියමිතය. ඇමෙරිකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා සංගමය, බි‍්‍රතාන්‍යය සහ ඊශ‍්‍රායලය තරයේ කියා සිටින්නේ ඉරානය ඔවුන්ගේ බලශක්ති වැඩසටහනට මුවාවී පරමාණු බෝම්බ නිපදවන බවත්, එය ලෝකයට තර්ජනයක් බවත්ය. එහෙත් ඉරානය එම චෝදනා තරයේ ප‍්‍රතික්ෂේප කරයි. ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති කටයුතුවලට සහාය දෙන්නේ රුසියාවයි. ඉරානය ලොවෙන් හුදෙකලා කිරීමේ අරමුණ ඇතිව එරටට එරෙහිව ආර්ථික සහ වෙළෙඳ සම්බාධක පැනවීමටද බටහිර බලවතුන් කටයුතු කර ඇත. ඉරානය මෙන් නොව උතුරු කොරියාව ඔවුන්ගේ න්‍යෂ්ටික කටයුතු එළිපිට සිදුකරයි. උතුරු කොරියාවට ඒ සඳහා සහාය දෙන්නේ චීනයයි. උතුරු/දකුණු කොරියා අතර පවතින මතභේදවලදී මැදහත්කරු ලෙස කටයුතු කරන්නේ ද චීනයයි. ඇමෙරිකාව, ආසියාවේ බලය අල්ලා ගැනීමට සැරසෙනවා යැයි  චීනය ද චෝදනා කරයි. කිම් ජොංග් ඉල්ගේ පාලන සමයේදී උතුරු කොරියාව, නිරන්තරයෙන් අධි බලැති දිගු දුර සහ කෙටි දුර මිසයිල අත්හදා බැලීය. උතුරු කොරියාව හිතුවක්කාර අන්දමින් න්‍යෂ්ටික කටයුතු සිදු කරන බවට ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවලින් චෝදනා එල්ල වීමත් උතුරු කොරියාවට එරෙහිව සම්බාධක පැනැවීමත් සමඟ එරට ලෝකයෙන් හුදෙකලා විය. නමුත් කිම් ජොංග් ඉල්ගේ මරණින් පසු බලයට පැමිණි ඔහුගේ පුතු කිම් ජොංග් උන් න්‍යෂ්ටික වැඩකටයුතු තාවකාලිකව නැවැතීමටත් යළිත් බටහිර රටවල් සමඟ න්‍යෂ්ටික සාකච්ඡුා පැවැත්වීමටත් අදහස් කර ගෙන සිටියි. සෝල් නුවරට පැමිණි ඔබාමා දකුණු කොරියා ජනපති ලී මියුන් බක් හමුවී සාකච්ඡුා කිරීමෙන් අනතුරුව, උතුරු සහ දකුණු කොරියා දේශසීමාවේ පිහිටි බොනිපාස් සහ සෙසු ඇමෙරිකන් හමුදා කඳවුරු නිරීක්ෂණයට ගියේය. එහිදී ඇමෙරිකන් හමුදා සෙබළුන් හමුවී ඔවුන් දකුණු කොරියාවේ සිදු කරන කාර්යභාරය අගැයීමට ලක් කිරීමට ද අමතක නොකළේය. දකුණු කොරියාවේ ඇමෙරිකා හමුදා කඳවුරුවල ඇමෙරිකන් සෙබළු 28,500 දෙනෙක් සිටිති. ඇමෙරිකන් ජනපති ඔබාමා දකුණුකොරියාවේ අමෙරිකන් හමුදා කඳවුරුවල සංචාරය කරමින්...



අදහස් (0)

උතුරු කොරියාවේ විරෝධය මැද ජනපති ඔබාමා දකුණු කොරියාවට

ඒ.චන්දවිමල හිමි. Tuesday, 27 March 2012 07:04 AM

උතුරු කොරියාව හරි. එම මතයට ආසියානු රටවල්ද එක්විය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 136 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 221 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1079 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site