IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


උතුරු කොරියාව යළිත් හයිකාරකම් පෙන්වයි

උතුරු කොරියාව මහාද්වීපික මිසයිල කිහිපයක් ඊසාන දිග වෙරළ තීරයේ දී අත්හදා බලා ඇතැයි දකුණු කොරියාවේ ආරක්ෂක අංශ පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය උතුරු කොරියාවට න්‍යෂ්ටික හා මහද්වීපික මිසයිල තාක්ෂණය වැඩි දියුණු කිරීම තහනම් කිරීමේ නියෝග ද පනවා තිබේ. එහෙත් පසුගිය මාස කිහිපයේදී උතුරු කොරියාව වරින් වර මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා විය.

ජපාන අගමැති ෂින්සෝ අබේ පවසන්නේ මේ සම්බන්ධව තදින්ම විරෝධය පළ කරන බවයි. මෙම තත්වය ජපානයේ ආරක්ෂාවට බලවත් තර්ජනයක් බවත් ඔහු කියයි.

ඇමරිකාවද ඊට විරෝධය පළකර සිටින බව ප්‍රකාශ කර ඇත.

උතුරු කොරියාව ආසන්න රටවලට ප්‍රහාර එල්ල කිරීමට ඇති සූදානම පිළිබඳව මෙයින් අනතුරු අඟවන බව විචාරකයෝ පවසති.



අදහස් (0)

උතුරු කොරියාව යළිත් හයිකාරකම් පෙන්වයි

හිමල් Friday, 05 August 2016 02:31 PM

කොන්දේ පණ කොච්චරද කියනවා නම් රටේ වැසියෝ හාමතේ.උතුරු කොරියාව රතිඤ්ඤා පත්තු කරාම දකුණු කොරියාවේ ඉන්න ලාංකිකයින්ටත් කොන්දෙ පණෙන් හොඳ කලක් යන්නෙ නැතෑ.(අ)

:       0       0

මහාදේව Sunday, 07 August 2016 05:19 AM

උතුරු කොරියාවේ මිනිස්ස්සු ගැන නොදන්නවා උනත්, අපිට වඩා දියුණු පහසුකම් තියෙන නගර තියෙනවා, දකුණු කොරියාවේ මිනිස්සු ගොඩක් දියුණු බව ඇත්ත, වෙන රටවලට මේවාගේ අත්හදා බැලීම් කරන්න, යුද්ද කරන්න, එම යුද්ද වලදී මානව හිමිකම් කඩවෙන්න බැරි සහ තහනම් උනාට, ඇමෙරිකාව වගේ රටවල් න්‍යෂ්ටික අවි හොයන්න ඉරාකේ වගේ රටවලට ගහල නිරායුද මිනිස්සු දහස් ගනන් මරල, අවසානයේදී හොයාගත්ත අවියකුත් නැති උනත්, ඒවාට මානව හිමිකම් කඩවීම් නෑ, යූ.එන් එක ඒවා දන්නෙත් නෑ, තුන්වෙනි ලෝක යුද්දයක් ඇති නොවීම ගෙන පුදුමයි.(රේ)

:       0       0

යෝනක Wednesday, 03 August 2016 04:05 PM

ප්‍රශ්න ප්‍රශ්න හැමතැනම ප්‍රශ්න! (නි)

:       0       0

රිචි බාලසුරිය Thursday, 04 August 2016 06:51 PM

උතුරු කොරියාව ගැන අපි ආඩම්බර වෙන්න ඕනෑ. අපි එය ආදර්ශයට ගන්න ඕනෑ. ඒ ලෝකේ බලවත් රටවල් වලට හිස නොනමා, බලවත් රටවල බෝම්බයට ඔවුන්ගේ රතිඤ්ඤා කරලක් හරි පුපුරුවා පෙන්වා, කොන්ද පන ඇතුව සිටීම ගැන (නි)

:       0       0

ලලිත් Wednesday, 03 August 2016 10:54 PM

බලන්න උතුරු කොරියාව ‘කොස් ඇටයක්‘ පුපුරවපු ගමන් අහළ පහළ ඔක්කොම කෙළිකාරයෝ බයවෙලා කුලප්පු වෙන හැටි. අපිත් ඔය වගේ උඩ යවන්න පුළුවන් රතිඤ්ඤා කරලක් හරි ගත්තොත් අල්ලපු රටේ ගෙම්බර් වලට බය නොවී ඉන්න පුළුවන්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 414 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 582 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 235 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site