උතුරු කොරියාව තවත් මිසයිල දෙකක් ගුවන් ගතකර ඇති බව දකුණු කොරියානු ආරක්ෂක අංශ පවසයි.
මිසයිල දෙක උතුරු කොරියාවේ නැගෙනහිර සොන්ඩොක් නගරයෙන් අද(24) ගුවන් ගතකර ඇති ඒවා කෙටි දුර මිසයිල බව සඳහන් වේ.
කිලෝමීටර් 97ක් උසින් කිලෝමීටර් 380ක් ගමන් කල මිසයිල නැගෙනහිර මුහුදට වැටී ඇත.
දකුණු කොරියාව හා ඇමරිකාව එක්ව සිදුකල යුධ අභ්‍යාස අවසන්වී දින කිහිපයකින් පසු මෙම මිසයිල අත්හදා බැලීම සිදුවී ඇති අතර මෙය උතුරු කොරියාව විසින් මෑත කාලයේ සිදුකරන ලද හත්වන මිසයිල අභ්‍යාසය ලෙස වාර්තා වේ.

(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි කිම් ජොන්ග් උන්... අපේ හමුදා පත්වීමට ලොක්කෝ කියලා හිතාගෙන ඉන්න අයවලුන් බාල්දි අදිනවා. බලමුකෝ මෙයාටත් අදින බාල්දි...