IMG-LOGO

උතුරු කොරියාවෙන් තවත් මිසයිලයක්

උතුරු කොරියාව ජපානයට ඉහලින් තවත් මිසයිලයක් යවා ඇතැයි වාර්තා වේ. මෙය සති දෙකක කාලයක් ඇතුලත උතුරු කොරියාව විසින් ජපානයට ඉහලින් යවන ලද දෙවන මිසයිලය  වේ. 
දකුණු කොරියානු ආරක්ෂක අංශ පවසන්නේ කිලෝමීටර් 770ක පමණ උසකින් ගමන් කල මිසයිලය කිලෝමීටර් 3700ක් දුර ගමන් කර ජපානයේ හොකයිඩො දූපත් වලට එපිටින් ශාන්තිකර සාගරයට පතිත වී ඇති බවයි. මෙය මැදි දුර මිසයිලයක් බවත් කලින් එල්ල කරන ලද මිසයිලයට වඩා වැඩි උසකින් හා වැඩි දුරක් ගමන් කර ඇති බවත් පැවසේ. උතුරු කොරියාව විසින් පහරදෙන බවට අනතුරු ඇඟවූ ඇමරිකාවට අයත් ගුවෑම් දූපත් පිහිටා තිබෙන්නේ ද මෙවැනි දුර ප්‍රමාණයක් ඇතුලත කලාපයකය.
මේ සම්බන්ධව සිය බලවත් විරෝධය පල කර ඇති ජපාන අගමැති ශින්සුවා අබේ පවසා ඇත්තේ උතුරු කොරියාව මෙවැනි භයානක ක්‍රියාදාමයන් දිගින් දිගටම අනුගමනය කරන්නේ නම් ඔවුන්ගේ අනාගතය අඳුරු වනු ඇති බවයි. 
උතුරු කොරියාවේ ප්‍රධාන තෙල් සැපයුම්කරුවා වන චීනයත් උතුරු කොරියානු ශ්‍රමිකයන් මත යැපෙන රුසියාවත් උතුරු කොරියාවේ මෙම සාහසික ක්‍රියා සම්බන්ධව සෘජු ක්‍රියාමාර්ගයක් ගත යුතුව ඇතැයි ඇමරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලේසන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.
මේ අතර දකුණු කොරියාව සිය ආරක්ෂක මණ්ඩලය කැඳවා හදිසි සාකච්ඡාවක් පවත්වා ඇතැයි ද වාර්තා වේ.

(සීඑන්එන් පුවත් ඇසුරිණි - 085)
 



අදහස් (2)

උතුරු කොරියාවෙන් තවත් මිසයිලයක්

RD Friday, 15 September 2017 06:53 AM

දැන්නම් ඉවසන්න බැහැ. ප්‍රකාශන නිකුත් නොකර අපේ යුද්ධ ප්‍රකාශ කරන විදේශ ඇමැතිතුමනි...

:       0       62

Don Sunday, 17 September 2017 09:08 AM

චීනේ සහ රුසියාවට කරන්න කොන්දක් නැති දේවල් ඔක්කොම කරගන්න හදන්නේ... මේ අනුවණ, තකතීරු ඒකාධිපති පාලකයා ඉන්න රට මගින්. පව් ඒ රටේ සාමාන්‍ය මිනිස්සු එදා වේල හොයාගන්න දුක් විඳිනවා. පාලකයා පිස්සු කෙලිනවා.. කොහොමද වසර 50 කට කලින් එකම ස්ථානයේ සිටපු දකුණු සහ උතුරු කොරියාවේ දැන් වෙනස. දකුණු කොරියාව ඇමරිකාව සහ ජපානය සමග එකතු වීමෙන් අධිසංවර්ධිත රටක් බවට පත්වී හමාරයි. උතුරු කොරියාව චීනය සහ රුසියාව සමග එකතුවීමෙන් අගාධයට ගිහින් හමාරයි ..

:       356       156

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 161 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 683 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 132 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site