IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


‘උතුමාණන් ලෙස අගමැති හඳුන්වන්න‘

කාම්බෝජයේ අගමැති හුන් සෙන් හැදින්වීමේදී අගමැති උතුමාණන් ලෙස සහ ශ්‍රේෂ්ඨ යුද ආඥාපති ලෙස ගෞරව නාමයක් භාවිත කිරීම අනිවාර්ය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එරට තොරතුරු අමාත්‍යංශය මාධ්‍ය වලට මේ බව දැනුම් දුන් අතර එලෙස ක්‍රියා නොකරන මාධ්‍ය ආයතන වෙත පසුව අවසාන අනතුරු ඇගවිමක්ද නිකුත් කෙරිණි.

කෙසේ නමුත් මාධ්‍යවේදීන් අකමැති නම් එම ගෞරව නාමය සදහන් නොකලාට වරදක් නැති බව එරට අගමැතිවරයා තම ෆෙස්බුක් නිල පිටුවේ සදහන් කර තිබිණි. එහෙත් මාධ්‍යවේදීන් වශයෙන් රජයේ ආචාර ධර්ම සංග්‍රහයට ගරු කළ යුතු බව ඔහු සදහන් කර තිබිණි. එමෙන්ම සත්‍ය මුලාශ්‍ර පදනම් කරගෙන පුවත් වාර්තා කළ යුතු බව එහි සදහන් වේ.

පර්යේෂණ කණ්ඩායමක් වන ග්ලෝබල් විට්නස් ආයතනය විසින් ඔහුගේ පවුලේ විස්තර පිළිබද වාර්තාවක් නිකුත් කිරීමෙන් අනතුරුව මෙම තත්ත්වය ඇති විය. අගමැතිවරයාගේ පවුලේ සාමාජිකයින් විසින් බලය පවත්වාගැනීම වස් හමුදා තනතුරු වල බලය සහ රජයේ තනතුරු භාවිත කරගනිමින් ඇමෙරිකා  ඩොලර් මිලියන 200ක් වටිනා ව්‍යාපාර අධිරාජ්යක් බිහි කර ඇති බව එම වාර්තාවේ සදහන් විය.

ඔහුගේ පවුලේ සාමාජිකයෝ මෙම වාර්තාව ප්‍රතික්ෂේප කළහ. එය ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණය අලලා සැකසුණු මඩ ප්‍රචාරයක් පමණක් බව ඔවුහු පවසති.



අදහස් (0)

‘උතුමාණන් ලෙස අගමැති හඳුන්වන්න‘

නිරාන් Monday, 11 July 2016 08:45 AM

මේ ඇත්තටම කාම්බෝජයද නැත්නම් අර පුංචි දූපතේද කියලා මට පැටලිලා වගේ (බ)

:       0       0

මැටිපහන Sunday, 10 July 2016 08:47 AM

ආපස්සට යා! (බ)

:       0       0

ගුණසිරි Sunday, 10 July 2016 10:48 AM

ජේ ආර් උතුමාණන් ගේ උණ බෝවෙලාද කොහෙද මට හිතෙන්නේ (බ)

:       0       0

පුෂ්පකුමාර Monday, 11 July 2016 01:52 PM

අපි දන්නා රටක රජතුමෙක් හිටියා හැබැයි එතුමා කියන්නත් කලින්ම වන්දිබට්ටයෝ දෙකට නැමිලා වඳිනවා. ඒ විතරක් නෙමේ , ඒ කාලේ රජ කුමරයින්ව දැක්කත් සට්ටබියෝ ටික දෙකට තුනට නැමෙනවා කියල තමයි අපිට අපිට ආරංචි. (අ)

:       0       0

ටිකිරි Sunday, 10 July 2016 01:19 PM

ගුණසිරි ජේ ආර් ට උතුමාණන් කීවට කිසි වැරැද්දක් නෑ ඔය දැන් ඉන්න හරක් ලගින පාර්ලිමේන්තුව ජපානේ හදල දුන්නේ ඒ උතුමාණන්ට පින්සිදු වෙන්න තමයි, කොහොම වුනත් මෙරට පහල වුනා පවුල්වාදය නැති පියාගෙන් රජකම පුතාට රජකම නොදුන් එකම නායකයා ඔහු (බ)

:       0       0

සංජීව Sunday, 10 July 2016 02:29 PM

උතුමාණන්ලා රජතුමාලා අපේ නම් හිටියා... ඒ අයට යන්න වුන විදිහ අපිට මතකයි. (ර)

:       0       0

විද්‍යා Sunday, 10 July 2016 05:48 PM

තුන්වන ලෝකයේ සමහර රටවලට වැළඳී ඇති ලෙඩක් මේක (නි)

:       0       0

ගුණසිරි Monday, 11 July 2016 09:23 PM

ටිකිරි, හරිහැටි නොදන්නා නිසා මේ අසන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයන් තුළ රජවරු සිටිද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 241 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 74 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site