ඊශ්‍රායල ස්නයිපර් තුවක්කුකරුවන් එල්ල කරන ලද ප්‍රහාර වලින් පලස්තීන ජාතිකයන් 12 දෙනකු මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
ජෙරුසලමේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය අද (14) විවෘත කිරීමට නියමිතව තිබියදී ඊශ්‍රායල පලස්තීන දේශසීමාවේ විරෝධතා මෙලෙස ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් ගෙන තිබේ.
ගාසා දේශසීමාවට පලස්තීන වැසියන් දහස් ගණනක් එක්රැස් වී ඇතැයි ද මියගිය පිරිස අතර 14 වියැති අයකු සහ විසි හැවිරිදි වියේ පසුවන දෙදෙනකු සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ගැටුම් හේතුවෙන් 700කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි බොහෝ දෙනකු තුවාල ලබා ඇත්තේ වෙඩි උණ්ඩ වැදීමෙන් යැයි ද ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.
ආරක්ෂක වැට දෙස පැමිණෙන ඕනෑම අයකු තමන්ගේ ජීවිතය අනතුරු දමාගන්නා බව ඊශ්‍රායල ආරක්ෂක අංශ අනතුරු අඟවා තිබේ.
ජෙරුසලමේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීම සඳහා ධවල මන්දිර නියෝජිත පිරිස පැමිණීමත් සමඟ ගාසා තීරයේ විරෝධතා වැඩි වී අතර ඒවා ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ද ගත්තේය.
ඩේලිමේල් ඇසුරිනි.
055
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ඊශ්‍රායල ස්නයිපර් තුවක්කුකරුවන්ගේ ප්‍රහාරයකින් 12 ක් මරුට