බටහිර ඉවුරේ පලස්තීන සරණාගත කඳවුරක දී ඊශ‍්‍රායල ආරක්ෂක අංශ සිදුකළ වෙඩි තැබීමකින් පලස්තීන ජාතිකයකු ජීවිතක්ෂයට පත් වීම නිසා වසර ගණනාවකට පසු ඇරැුඹුණු ඊශ‍්‍රායල පලස්තීන සාම කතාවලට බාධා එල්ල වී ඇත.
කඩාකප්පල් කි‍්‍රයාවලින් බාධා එල්ල වෙතැයි බියෙන් එම සාම සාකච්ඡා ආරම්භ වූයේ ජෙරුසෙලමේ රහස් ස්ථානයකදීය. එහෙත් ඉකුත් 26 වැනිදා සිදුවුණු එම වෙඩි තැබීම නිසා සාම කතා අත්හිටුවීමට පලස්තීන නියෝජිත පිරිස තීරණය කළහ.
සාම සාකච්ඡා ඇරැඹුණේ ඇමෙරිකා රජයේ මැදිහත් වීමෙනි. සාකච්ඡා සම්බන්ධයෙන් මැදහත්කරු ලෙස කි‍්‍රයා කරන්නේ ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරීය.
සාම කතා සාර්ථක කර ගැනීමේ අරමුණ ඇතිව තම අත්අඩංගුවේ සිටි පලස්තීන ජාතික දේශපාලන සිරකරුවන් 26 දෙනකු නිදහස් කිරීමට ද ඊශ‍්‍රායල රජය ඉකුත් 14 වැනිදා පියවර ගත්තේය. සිරකරුවන් 26 දෙනා නිදහස් කළේ ඊශ‍්‍රායල පලස්තීන සාම කතා ඇරැඹීමට පෙරය.
සාම කතා පලදායී කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකාවේ ඉල්ලීමට කන් දී, සිරකරුවන් නිදහස් කිරීමට ඊශ‍්‍රායල රජය තීරණය කළේ, ඉකුත් 12 වැනිදාය. එම තීරණය ගත් අවස්ථාවේදී ඔවුන් එම 26 දෙනාගේ නම් ලැයිස්තුව ප‍්‍රසිද්ධියට පත් කළේය.
ඊශ‍්‍රායල පලස්තීන මැදපෙරදිග සාම කතා ආරම්භ වන්නේ ඇමෙරිකාවේ මැදිහත් වීමෙනි. ඒ සඳහා පිඹුරුපත් සකස් කෙරුණේ මීට මාසයකට පමණ පෙරදීය. සාකච්ඡා සඳහා මැදහත්කරු ලෙස කි‍්‍රයා කරන්නේ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරීය.
පලස්තීන සිරකරුවන් නිදහස් කිරීමට ඊශ‍්‍රායල රජය තීරණය කළේ එරට ආරක්ෂක ඇමැති යේලෝන් සහ ආරක්ෂක අංශ ප‍්‍රධානීන් අතර දීර්ග වශයෙන් පැවැති සාකච්ඡාකින් ද පසුවය.
නිදහස ලැබුණේ ඊශ‍්‍රායල අත්ඩංගුවේ සිටින සිරකරුවන් 104 දෙනකුගෙන් 26 දෙනකුය.
සාම කතා පලදායී ආකාරයට සිදුවූයේ නම් සෙසු පිරිස ද මුදා හැරීමට කටයුතු සැලසෙනු ඇතැයි ඇමෙරිකානු දේශපාලන විචාරකයෝ අනුමාන කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහන්, පලස්තීන ඊශ්‍රායාල ඉතිහාසය කියවන්න. මේ පිලිබදව කුරානයේ සහ හදිස් ඉතා පැහැදිලිව පෙන්වාදී ඇත. අමාරු නම් හිට්ලර්ගේ ඉතිහාසය කියවන්න.(නදී)
පහන් ඔයා දන්නා දෙයක් නැහැ. ඊශ්‍රායල් පලස්තීනයට පැමිණි අය, ඉශ්‍රායලය අයිති පලස්තීනුවන්ට. චීනුන්ට ප්‍රතිචර දාන්න කලින් ඕක ගැන පොඩ්ඩක් හොයල බලන්න.(නදී)
ඊශ්‍රායලයට ජය ලැබේවා! (නි)
පලස්තීනුවන් යනු ඊශ්‍රායලයේ සිටින මුස්ලිම්වරුය.මෙච්චර ලෝකේ මුස්ලිම් රටවල් තියෙද්දී ඊශ්‍රායලයෙන් මස් රාත්තලම ඉල්ලා සිටින්නේ ඇයි?බටහිර ඉවුර ජෝර්දානයට එක්කරගෙන .ගාසා තීරය ඊජිප්තුවට එක්කරගෙන වුවද මුස්ලිම් ජනපද සිරියාවට එකතු කරගෙන ප්‍රශ්නය ඉවරකරගන්න පුළුවන් ,එත් ඒ මුස්ලිම් රටවල් පලස්තීනුවන්ව තමන්ගේ රටවල් වලට එක්කරගන්න කැමති නැහැ. (ස)
අපිට තේරුම් ගන්න පුළුවන් මේ වීර මොනවගේ පුද්ගලෙක්ද කියා, (දී)
මම නම් හිතන්නේ ඔය ඇමරිකාවේ රගපෑමක්.මොකද කිසිම රටක් සාමකාමී වෙනුවට ඔය බලවත් රටවල් කැමති නැහැ.විශේෂයෙන් ඇමරිකාව වගේ අවි ගනුදෙනු කරන රටවල්......එහෙම වුනොත් ඒ ගොල්ලන්ගේ යුධ අවි විකුණන්නේ කාටද? (නි)