තුර්කියේ ඉස්තාන්බුල් අගනුවරට එල්ලවූ කාර් බෝම්බ ප්‍රහාරයකින් 11 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ඉස්තාන්බුල් ඵෛතිහාසික මධ්‍යස්ථානයක් ඉදිරිපිට කාර් බෝම්බය පුපුරා ගොස් ඇති අතර එයින් තුවාල ලැබූ පිරිස 36 ක් පමණ වන බව කියති.
ප්‍රහාරය එල්ල කළ අය සම්බන්ධයෙන් මේ වන විට නිශ්චිත තොරතුරක් ලැබී නැතැයිද පිපිරීමෙන් අසල ගොඩනැගිලි හා මෝටර් රථවලට අලාබ හානි සිදුව ඇතැයිද වාර්තා වේ. පොලිස් බසයක් පසුපසින් පැමිණි පිරිසක් ප්‍රහාරය එල්ල කර ඇතැයි කියති.
මෙම ප්‍රහාරය පිටුපස කුර්දිස්ථාන් කම්කරු පක්ෂය ඇතැයි තුර්කි ජනපති චෝදනා එල්ල කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුසියන් ගුවන් යානය බිම හෙළපු එකේ ප්‍රතිඵලය දැන් ලැබෙනවා වගේ (නි)