රුසියාවත් ඉරානයත් අතර මින් ඉදිරියට පැවැත්වෙන ද්වීපාර්ශ්වික වෙළෙඳ ගනුදෙනුවලදී ඇමෙරිකන් ඩොලරය භාවිත නොකිරීමට දෙරටම පෙරේදා (21) තීරණය කළේය. න්‍යෂ්ටික වැඩසටහනට මුවාවී පරමාණු බෝම්බ නිපදවනවා යැයි ඇමෙරිකාව ඉරානයට පනවා ඇති සම්බාධක හේතුවෙන් රුසියාව සමඟ පවත්වන වෙළෙඳ ගනුදෙනුවලදී ඇමෙරිකන් ඩොලරය භාවිතයට නොගැනීමට තමන් තීරණය කළ බවත් රුසියාව ද ඊට එකඟ වූ බවත් කියා සිටියේ රුසියාවේ මොස්කව් නුවර සිටින ඉරාන තානාපතිවරයාය. ඇමෙරිකන් ඩොලරය වෙනුවට තම රටවල මුදල් ඒකක වෙළෙඳ ගනුදෙනුවලදී යොදා ගැනීමට ඉරානයත් රුසියාවත් එකඟ වී ඇති බව ද තානාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඇමෙරිකාවේ අනුබලය මැද මේ වනවිට අවස්ථා හතරකදී ඉරානයට එරෙහි සම්බාධක පනවා ඇත. ඊට අමතරව ඇමෙරිකාව ද ඉරානයේ තෙල් වෙළෙඳාමටත් ආර්ථිකයටත් වෙනමම සම්බාධක පනවා තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඉරාන-රුසියා ගනුදෙනුවලට ඇමෙරිකන් ඩොලරය නැහැ
එච්.එම්. සුජිත් ප්‍රියන්ත Monday, 23 January 2012 11:34 AM
ඒක හොදයි