ඉරානය ප්‍රථම වරට ආරක්ෂක කටයුතු සඳහා යොදාගැනිමට චන්ද්‍රිකාවක් දියත් කර ඇතැයි වාර්තා වේ.
නූර් ලෙස කම් කර ඇති මෙම චන්ද්‍රිකාව එරට ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බලකාය විසින් අභ්‍යවකාශ ගතකර ඇත.
ඉරානයේ මධ්‍යම කාන්තාර ප්‍රදේශයේදී ගුවන්ගත කළ චන්ද්‍රිකාව කිලෝමීටර් 425ක් දුරකින් කක්ෂගත කිරීමට සැලසුම් කර තිබිණි.
කෙසේවුවද දියත් කිරීමේ සාර්ථකත්වය සම්බන්දව ඉරානය මෙතෙක් කිසිවක් පවසා නොමැත.
මේ සම්බන්දව අදහස් දක්වමින් ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ කියා සිටියේ ඉරානය එක්සත් ජාතීන්ගේ යෝජනාවක් උල්ලංඝනය කර ඇති හෙයින් එයට වගකීමට ද සිදුවනු ඇති බවයි.
ඉරානය මෙම ප්‍රකාශය ප්‍රතික්ෂේප කර ඇති අතර සිය අභ්‍යවකාශ වැඩසටහන මුළුමනින්ම සාමකාමී බවත් න්‍යෂ්ටික අවි නිපදවීමේ කිසිදු අදහසක් නොමැති බවත් අවධාරණය කර තිබේ.
චන්ද්‍රිකා දියත් කිරීම සඳහා භාවිතා කරන ලද තාක්ෂණය ඉරානයට අන්තර් මහාද්වීපික බැලස්ටික් මිසයිල නිපදවීම සඳහා උපකාරී වනු ඇතැයි ට්‍රම්ප් පරිපාලය අනතුරු අඟවයි.
"අපගේ නැව් වලට හිරිහැර කරන ඉරාන යුධ යාත්‍රා වහාම වෙඩි තබා විනාශ කරන්න කියා මා නාවුක හමුදාවට උපදෙස් දුන්නා." යැයි ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ටවිටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා තිබේ.
මෙය විවේචනය කරමින් ඉරාන හමුදා ප්‍රකාශකයෙක් සඳහන් කර ඇත්තේ "අනුන්ට හිරිහැර කරනවා වෙනුවට ඇමරිකාව මේ අවස්ථාවේ අවධානය යොමු කළ යුත්තේ කොරෝනා ආසාදනය වී ඇති ඔවුන්ගේ හමුදා කණ්ඩායම් බේරා ගැනීම සඳහායි." යනුවෙනි.
(බීබීසී ඇසුරිණි - 085)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඉරානය ප්‍රථම වරට යුද චන්ද්‍රිකාවක් යවයි