IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඉරානයෙන් යුරෝපයට අනතුරු ඇඟවීමක්

ලන්ඩන්හිදීය (රොයිටර්)
 
යුරෝපය ඉරානයට තර්ජනය කළහොත් මිසයිලවල පරාසය වැඩි කරන බව ‘ඉරාන විප්ලවීය ආරක්ෂක බලාකායේ’ දෙවැනියා ප්රකාශ කර ඇතැයි එරට ‘ෆාර්ස් පුවත් සේවය’ වාර්තා කරයි.
 
යුරෝපය දිගින් දිගටම ඉරානයට තර්ජනය කළහොත් ඉරානය අත්හදා බලන මිසයිල ගමන් ගන්නා පරාසය කිලෝමීටර 2,000 දක්වා වැඩි කරන බව ද ‘ඉරාන විප්ලවීය ආරක්ෂක බලාකායේ’ දෙවැනියා ප්රකාශ කර කර තිබේ. සම්මුතියකින් තොරව ඉරානය සමඟ ඔවුන්ගේ බැලැස්ටික් මිසයිල වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු යැයි ප්රංශය ප්රකාශ කර ඇත. එමෙන්ම එම සාකච්ඡා 2015 වසරේදී ඉරානය ලොව බලවත් රටවල් 6ක් සමඟ අත්සන් තබන ලද න්යෂ්ටික ගිවිසුමට පිටස්තර සාකච්ඡාවක් විය යුතු බව ද ප්රශංය තවදුරටත් සඳහන් කර ඇත. 
 
එහෙත් මිසයිල වැඩසටහන තම ආරක්ෂාව වෙනුවෙන් කරන්නක් බැවින් ඒ සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් අවශ්ය නැතැයි ඉරානය ප්රකාශ කරයි. 
“අපි අපේ මිසයිල කිලෝමීටර 2,000 සීමාවේ පවත්වාගෙන යන්නේ තාක්ෂණය නැතිකම නිසා නෙමෙයි. උපායමාර්ගිකව කටයුතු කරනවා” යැයි බි්රගේඩියර් ජෙනරාල් හුසේන් සලාමි උපුටා දක්වමින් ‘ෆාර්ස්’ පුවත් සේවය වාර්තා කර තිබිණි.
“යුරෝපය තර්ජනයක් කියලා අපට මෙතරම් කාලයක් දැනුනේ නැහැ. ඒ නිසා අපි මිසයිල ගමන් ගන්නා පරාසය වැඩි කළේ නැහැ. එහෙත් යුරෝපය තර්ජනයක් වුණොත්, අපි මිසයිල පරාසය වැඩි කරනවා” යැයි ද හුසේන් සලාමි තවදුරටත් කීය.
 
055

 



අදහස් (2)

ඉරානයෙන් යුරෝපයට අනතුරු ඇඟවීමක්

කුමාර් (ගල්ෆ්) Sunday, 26 November 2017 11:34 AM

තවත් හිට්ලර්ලා වගේ ඉරානයෙන් බිහිවෙලා, ඔවුන් ලෝකයටත් ඔවුන්ටත් සාපයක්.

:       443       234

senewi Monday, 27 November 2017 11:34 AM

ගල්ෆ් ගිහිනුත් සුද්දන්ට කඩේ යනවද?

:       90       203

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 259 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site