ඉරාකයේ කාලිස් නගරයේ සිදුවූ කාර් බෝම්බ ප්‍රහාරයකින් අඩු ගණනේ පුද්ගලයන් 9 දෙනකුවත් මියගොස් ඇතැයි විදෙස් පුවත් වාර්තා පවසයි.
ඉරිදා රාත්‍රියේ බැග්ඩෑඩ් නුවර සිදුවූ ප්‍රහාරයෙන් පසු අගනුවරට කිලෝ මීටර් 70ක් පමණ ඈතින් පිහිටි කාලිස් නගරයේදී මෙම ප්‍රහාරය අද එල්ලවී ඇතැයි කියති.
රෝහල් ආරංචි කියනුයේ මිය ගිය පිරිස තවත් ඉහළ යා හැකි බවයි. ඉරිදා බැග්ඩෑඩ් නුවර ප්‍රහාරයෙන් 21 දෙනකු පමණ මිය ගිය අතර එය අයිඑස් ත්‍රස්ත සංවිධානයේ ක්‍රියාවක් බවද කියති. කාලිස් ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුතු අයෙක් සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නැත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඉරාකයේ තවත් මරාගෙන මැරෙන ප්‍රහාරයක්
දම්මි Monday, 25 July 2016 01:35 PM
අර මානව හිමිනම් මහත්තයල මේවට කතා නැත්තෙ ඇයි. (අ)
ධම්මි Monday, 25 July 2016 01:35 PM
අර මානව හිමිනම් උන්නැහේල මේවට කතා නැත්තෙ ඇයි (අ)
අශිකා Monday, 25 July 2016 04:49 PM
ඔවුන් මේ ලෝකයට කරන කෘෘරකම් නිසා ඔවුන් ඉක්මනින්ම විනාශයට යනවා. ඔවුන්ගේ කෘෘරත්වය සහ බල ලෝභය ලොවටම පිළිලයක් වෙලා. (නි)
රවීන් Monday, 25 July 2016 11:04 AM
බෝම්බ තියන තැන්වලට ගිහින් දාන්න ඕනේ බොරු චෝදනා හදාගෙන, යුද්ධ හදාගෙන, කාපු ලෝක හිතවාදී නායකයන් කියාගන්න අයව. අහිංසක දුප්පත් අසරණ අය මැරෙනකන් බලාගෙන ඉන්නවා (ම)