පුද්ගලයන් 27 දෙනකු සමග අතුරුදන්වූ ඉන්දීය යානය සෙවීම සඳහා විශාල මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
අද (24) තුන්වැනි දිනටත් යානය සෙවීමේ කටයුතුවල නිරත වුවද කිසිදු සලකුණක් හෝ යානයේ කොටසක් හෝ සොයාගත නොහැකිවූ බව ඉන්දීය ගුවන් හා නාවික හමුදා බලධාරීහු කියති.
ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ පැහැදිලි අහස සහ කාලගුණය යානය සෙවීමේ මෙහෙයුම් පහසුකළ බවයි.
සෙනසුරාදා රළු මුහුද, ඝන මෝසම් සුළඟ හා වලාකුළු සෙනසුරාදා මෙහෙයුම් සඳහා බාධා කළ බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය පැවසීය.
නැව් 16ක්, සබ්මැරීනයක් හා ගුවන්යානා තුනක් අතුරුදන්වූ යානය සෙවීමට යොදවා ඇත.
නැගෙනහිර ඉන්දියාවේ බෙංගාල බොක්කේ දී පසුගිය අතුරුදන්වූ රුසියාවේ නිෂ්පාදිත ඇන්ටනොව් 32 වර්ගයේ යානයේ හමුදාවේ 21 දෙනකු හා කාර්ය මණ්ඩලයේ හය දෙනකු සිටි බව කියති.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
‘ඉන්දීය යානයේ සලකුණක්වත් තවම නෑ‘