IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඉන්දියා ගුවන තාම සීරූවෙන්

ඉන්දියාවේ සිට ඇෆ්ගනිස්ථානය බලා පියාසර කරන ගුවන්යානයක් පැහැරගැනීමට ඉස්ලාමික අන්තවාදීන් සැලැසුම් කර ඇතැයි ලැබුණු නාදුනන දුරකථන ඇමතුමක් නිසාවෙන් ප‍්‍රධාන ගුවන්තොටුපළ ආරක්ෂාව තර කිරීමට ඉන්දියා බළධාරීන් පියවර ගෙන තිබේ.

ගුවන්යානයක් පැහැර ගැනීමේ සැලැස්මක් තිබෙන්නේයැයිද එම පැහැරගන්නා ගුවන්යානය විනාශකාරී කටයුත්තක් සදහා යෙදවීමට සැළසුම් කර ඇතැයි යැයිද එම ඇමතුමෙන් කියැවී තිබේ.

ඇමතුම බොරුවක් විය හැකිවුවත් අනවශ්‍ය අවදානමක් ගැනීමට වුවමනාවක් නොමැති බැවින් මෙසේ ගුවන්තොටුපොළ ආරක්ෂාව තර කිරීමට කටයුතු කළ බව ඉන්දියා බළධාරීන් කියයි.

ඒ අනුව ගුවන්යානා වල ආරක්ෂක භටයින් රැඳවීමටත්,ගුවන්තොටුපොළ ආරක්ෂාවට සපයා සිටි පොලිස් හා ආරක්ෂක අංශ සාමාජිකයින් ගණනින් වැඩි කිරීමටත් ඔවුන් පියවර ගෙන තිබේ.

මෙසේ ගුවන්යානයක් පැහැර ගැනීමට අන්තවාදීන් උත්සාහ කරන බවට ලැබුණු දුරකථන ඇමතුම හා දින කිහිපයකට ඉහතදී අරාබි මුහුදේ ඉන්දියා නාවික හමුදා ග‍්‍රහණයට හසුව පලාගිය,පසුව නාවික හමුදාව තමන් ලූහුබැඳ එනුදැක පුපුරා විනාශ කරගත් ත‍්‍රස්ත කණ්ඩායමකට අයත් යැයි සැක කෙරෙන බෝට්ටුවක් හා සබඳතාවයක් ඇතැයි ඉන්දියා ආරක්ෂක අංශ සැක කරයි.

සැකකටයුතු බැවින් මෙම බෝට්ටුව පරීක්ෂා කිරීමට අවශ්‍ය යැයි නාවික හමුදාව දැන්වූ කළ බෝට්ටුවේ සිටියෝ එය වහාම හරවාගෙන පලා ගොස් තිබේ.එය ලූහුබැඳ ගොස් තිබෙන නාවුක හමුදා භටයෝ එයට ක‍්‍රමයෙන් ආසන්න වෙද්දී තමන්ට ගැලවීමක් නොමැති බව දැන බෝට්ටුවේ සිටි පිරිස බෝට්ටුවට ගිනි තබා තිබෙන අතර මොහොතකින් එය පුපුරා විනාශව ඇත.

බෝට්ටුවේ සිටි කිසිවෙකුගේවත් දිවිගලවා ගැනීමට හැකිව නොමැත.පකිස්තානයේ කරච්චි සිට පැමිණ ඇතැයි සැකකෙරෙන මෙම බෝට්ටුවේ පුපුරන ද්‍රව්‍ය ප‍්‍රවාහනය කර තිබෙන බවක් පෙනී යන බව නාවුක හමුදා බළධරයින් කියයි.



අදහස් (0)

ඉන්දියා ගුවන තාම සීරූවෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site