IMG-LOGO

ඉන්දියාවේ භූමිකම්පාවෙන් මියගිය ගණන 53 ට නගී

අග්නිදිග ඉන්දියාවේ සිකිම් ප‍්‍රාන්තයට, නේපාලයට හා ටිබැට් දේශයට  පෙරේදා (18) බලපෑ දරුණු භූමිකම්පාවෙන් මියගිය ගණන 53 දක්වා ඉහළ ගොස් ඇති අතර, දැනට එහි පවතින ධාරාණිපාත වර්ෂාව හා නායයාම් නිසා සහන සේවා කටයුතුවලට බාධා එල්ලවී ඇතැයි ඒජන්සි වාර්තා කියා සිටී. කත්මණ්ඩු නුවර බි‍්‍රතාන්‍ය තානාපති කාර්යාල භූමිය අසලින් ගිය පාපැදිකරුවකු හා ඔහුගේ දියනිය, තාප්පයකට යටවී මියගොස් ඇතැයි එම ආරංචිමාර්ග තවදුරටත් කියා සිටී. රිච්ටර් මාපකයේ 6.9 ලෙස සටහන්ව තිබූ මෙම ප‍්‍රබල භූම්කම්පාව හටගත් අවස්ථාවේ ඉන්දියාවේ පාර්ලිමේන්තු සංකීර්ණය තුළ සැසිවාර පැවැති බව වාර්තාවන අතර එම ගොඩනැගිල්ල කම්පනයට ලක්වීම නිසා බියට පත් මැති ඇමැතිවරුන් සභා ගර්භයෙන් එළියට පැන ගත්හ. නායයාම් නිසාද තුවාල ලැබූ බොහෝ පිරිස් ආරෝග්‍යශාලා ගතකොට තිබේ. භූමිකම්පාවේ බලපෑම් නිසා දුරකථන මාර්ග, විදුලි රැහැන් කැඞීයාම හේතුවෙන් පණිවිඩ හුවමාරු ක‍්‍රම හා ගමනාගමන කටයුතු අඩාල වී තිබේ. විපතට පත් ජනතාව අතර බෙදාදීම සඳහා ආහාර හා ඖෂධ රැුගත් ගුවන් යානා දිල්ලියේ සිට බැග්ඩොඞ්රා ගුවන් තොටුපළට යවා ඇතැයි රජයේ බලධාරියෙක් පැවසීය. සහන සේවා කටයුතු සඳහා සෙබළුන් කැඳවා ඇතත්, අධික වැසි හා නායයෑම් නිසා, විපතට පත් ප‍්‍රදේශ කරා යාමට ඔවුන්ට නොහැකිව සිටිති. දින හතරක් තිස්සේ පවතින වර්ෂාව නිසා පාසල්, කඩ සාප්පු, කාර්යාල හා කර්මාන්ත ශාලා වසා දමා ඇත.



අදහස් (0)

ඉන්දියාවේ භූමිකම්පාවෙන් මියගිය ගණන 53 ට නගී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 137 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 675 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site