ඉන්දියාවේ දුෂණ වංචාවලට එරෙහිව නිරන්තරයෙන් හඬක් නගන මානව කි‍්‍රයාකාරියකු ලෙස සැලකෙන අර්වින්ද් කෙජ්රිවාල් විසින් පිහිටුවාගත් නව දේශපාලන පක්ෂය ‘ආම් ආද්මී පක්ෂය’ ලෙස පෙරේදා (24) නම් කෙරුණු අතර එය ලබන වසරේ පැවැත්වෙන මැතිවරණයට ඉදිරිපත් වීමට ද සූදානම් වෙයි.
පක්ෂයේ ලියාපදිංචි කටයුතු අවසන් කරමින් කෙජ්රිවාල් පැවැසුවේ අගමැති මන්මෝහන් සිංගේ රජයේ දුෂණ වංචා පිටුදැකීමට තම පක්ෂය කටයුතු කරන බවය.
දුෂණ වංචා පිටුදැකීමේ අරමුණින් සකස් කිරීමට සැරසෙන ලොක්පාල් පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට නම් වත්මන් පාලක කොංග‍්‍රස් පක්ෂය ප‍්‍රමුඛ සන්ධාන රජය පරාජය කළ යුතු යැයි ද කෙජ්රිවාල් අවධාරණය කරයි.
1
නියාමනයෙන් පස්සේ ත්රීරෝද රථ ධාවනයේදී පරණ සෙල්ලම් බෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසල්වාසී රට තරමට නම් දූෂණ නැතුව ඇති නේද? (නි)