සිරුරකින් වෙන්කරගත් මිනිස් හිසක් තවත් සිරුරකට බද්ධ කෙරෙන විස්මිත සැත්කමකට ඉතාලි ජාතික ශල්‍ය වෛද්‍යවරයෙකු සූදානම් වෙමින් සිටින බව වාර්තා වේ.
නමින් සර්ජියෝ කනෙවෙරෝ නම් වන මේ වෛද්‍යවරයා ස්නායු ශල්‍ය වෛද්‍ය ක්ෂේත‍්‍රයේ ලොව පිළිගත් ප‍්‍රවීණයෙක් වන අතර අසීරු සැත්කම් කිහිපයක්ම සාර්ථකව නිමා කර අත්දැකීම් ලබා ඇති අයෙකුද වේ.
ඔහු පවසන ආකාරයට මිනිස් හිසක් තවත් මිනිස් සිරුරක් හා බද්ධ කළ හැකිය.සැත්කමේදී වඩාත් සැළකිලිමත් විය යුත්තේ බද්ධ කෙරෙන හිසේ මොළයෙන් පිටතට විහිදෙන සුෂුම්නාව එම හිස සවිකෙරෙන සිරුරේ ඇති සුසුම්නාව හා බද්ධ කිරීමේදී බව කියන ඔහු ඒ සදහා තමන් නව ක‍්‍රමයක්ද සොයාගෙන තිබෙන බවද පවසයි.
බද්ධ කෙරෙන සිරුර සදහා තෝරාගැනෙන්නේ අනතුරකට ලක්ව මොළය මියගොස් නමුත් සිරුර නිරුපද්‍රිතව ඇති පුද්ගලයෙකුගේ සිරුරකි.
අනතුරුව සිදුකෙරෙන බව පැවසෙන්නේ රුධිර වාහිනී ආදිය සම්බන්ධ කිරීමය.මෙසේ හිස හා සිරුර සම්බන්ධ කෙරුණු පසු සති කිහිපයක් රෝගියා කෝමා, එනම් සිහිමුර්ජා තත්ත්වයේ තබා තුවාළ සුවවූ පසු පියවි සිහියට ගැනීම සිදුකෙරෙන බව සදහන්ය.
සර්ජියෝගේ සැත්කම සදහා දැනටමත් පුද්ගලයෙකු ඉදිරිපත්ව සිටින අතර විරල ගණයේ ස්නායු ආබාධයකට ලක්ව අත්පා අඩපණව සිටින ඔහු රුසියා ජාතිකයෙකි.
වැලරි ස්පිව්ඩිනොව් නම් ඔහු පවසන ආකාරයට මේ සම්බන්ධයෙන් වෛද්‍ය සර්ජියෝ හා අවස්ථා රාශියකදී සාකච්ඡා කිරීමට ඔහු කටයුතු කර තිබේ.
සැත්කම සාර්ථකව සිදුකළ හැකිවේයැයි ලොකු විශ්වාසයක් වැලරිගේ සිතේ ඇත.
සැත්කම සදහා වැයවනු ඇතැයි අපේක්ෂිත මුදල පවුම් ලක්ෂ 75 කි.
සාර්ථක ශල්‍ය වෛද්‍යවරයෙකු වුවද, ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයෙකු වුවද සර්ජියෝගේ මේ උත්සාහය දෙස ඔහුගේ සමකාලීනයෝ බලන්නේ අවඥාවෙනි. ඇතැමුන් ඔහු පිස්සෙක් යැයිද හදුන්වාදී ඇත.
අතීතය සැළකුවහොත් 1970 තරම් ඈත සමයේ වදුරෙකුගේ හිසක්,වෙනත් වදුරු සිරුරක් හා බද්ධ කිරීමක් සිදුව තිබෙන අතර එය යම් තරමකට සාර්ථක ප‍්‍රතිඵල අත්කරදී තිබේ.මෑතකදී චීන විද්‍යාඥයින් පිරිසක් මූසිකයෙකුගේ හිසක් වෙනත් මූසිකයෙකුගේ සිරුරක් හා බද්ධ කළ අතර එම සැක්කමද සාර්ථක වුනි.
නමුත් කිසිවෙක් මිනිසා ඇසුරින් මෙවන් සැත්කමක් සිදුකළ හැකිදැයි අත්හදා බැලීමක් සිදුකර නොමැති නිසා මේ සම්බන්ධයෙන් කිසිදු අදහසක් පළ කළ නොහැකි බව මධ්‍යස්ථ මතධාරීන් පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැටිපහන අදවත් දැනගන්න. මිනිසා විසින් දෙවියන් මැවුවා මිස මිනිසා පරිණාමයෙන් බිහිවෙන්න පෙර දෙවියන් ඉඳලා නැහැ. ඒ නිසා තමයි බුදු දහමේ හැටියට අපි දෙවියන්ට පින්දෙනවා මිස දෙවියන් අපිට පින්දෙන්නේ නැත්තේ. මේ ලෝකය මැවූ කෙනෙක් නැහැ ස්වාභාවිකව සෑදුන දෙයක්. පිළිගන්නවා නම් පිළිගන්න. නැත්නම් තර්ක ඉදිරිපත් කරන්න එපා. (නි)
අපිත් මෙහෙම එකක් කරලා බලමුකෝ (නි)
අපේ රටේ කෙනෙකුගේ හිසක් බද්ධකරලා බලමුද? (නි)
අහනකොටත් පුදුමයි (නි)
බලමුද අපේ කෙනෙක්ගේ ඔළුවක් සවිකරලා (නි)
ඇසළ, ඔබේ අදහසත් වැරදීම නැහැ. ඔබ ඔය කියන වානරයාගේ පරිණාමය තුළින් බිහිවූවා යැයි සිතන පිරිස වානරයින් මෙන් ක්‍රියාකරන අන්දමත්, තමන් දෙවියන්ගේ මැවිමකයි සිතන මිනිසා ඒ තමාට උපතින්ම හිමිවෙන පුජනීයත්වය පෙරදැරිව දේවත්වයෙන් ක්‍රියා කිරීමට පෙළඹීමත් තුළින් මේ ලෝකය තුළ බිහිවී තිබෙන ගුණාත්මක හා සංසන්දනාත්මක වෙනස ඔබට යම් අවස්ථාවක වැටහී නැද්ද? එසේ නොවැටහුනි නම්, ඔබ විසින්ම ඔබවම පරිණාමයට ලක්කර ගත යුතු කාලය එළඹ ඇත. නමුත් ඔබ වැනි අයෙකුට "කණ කැස්බෑවා විය සිදුරෙන් අහස දකින දිනයක"ට සමාන දිනයක මෙම කරුණු කාරණා ගැන යම් අවබෝධයක් ලබාගත හැකි බව මගේ හැඟීමයි. (නි)
ඒ වගේම මේ සැත්කම සාර්ථක වුවහොත් ඉන් ජීවය ලබන මිනිසාගේ හිස අයිතිකරුවාටයි මතක ශක්තිය හිමි. හිස අයිතිකරුගේ මොළයේ ස්නායු වලින් ශරීරය පාලනය කරන්නේ.හිස අයිතිකරු කය පාලනය කරයි.දෙදෙනාගෙන් කාටවත් අයිති නැති කුණු ශරීරයක් ..!!! (නි)
ඇත්තටම මෙය සාර්ථකවේවායි ප්‍රාර්ථනා කරනවා ..!!!එය එසේම සාර්ථක වුණොත් ලොව ඉතිහාසයේ නොවූ විරු අන්දමේ වෛද්‍ය විද්‍යාවේ මහා පෙරළියක්ම වේවි. මේ වෙනතුරු ලෝකයට අලුත් වගේම විශ්මිත නව සොයාගැනීම් කළ ඒ සෑම බුද්ධිමතෙක්ම තම අභිප්‍රාය ඉටුවෙනතුරු ඔවුන් අප්‍රමාණ කැපකිරීම් කළා.ගොඩාක් මහන්සියෙන් ඔවුන් අපිට ඒ ලබාදුන් දැනුම තමයි අද අපි මේ නිකම්ම අහසින් පාත්වෙලා වගේ භුක්ති විඳින්නේ. ඔහුගේ බලාපොරොත්තුව සාර්ථක වේවා! (නි)
නුවන්, දෙවියන් අදහන රටවල් ගව්ගාණක් දුරින් ඉන්නේ අධ්‍යාත්මික දියුණුවකින්ද? කෙළවරක් නැති සසරේ මැරි මැරි උපදින එක දියුණුවක් නොවේ (නි)
දෙයියන්ගේ පිහිටෙන් මේක සාර්ථක වුනොත් අපේ දේශපාලුවන්ට දුරදිග පෙනෙන ප්‍රඥාවන්ත ඔලුගෙඩි ටිකකුයි ,ඊට අමතරව ජනතාවගේ දුක දැනෙන සංවේදී හදවත් ටිකකුයි බද්ධ කරගන්න බැරියැයි....(බ)
ආගම් කියන්නේ හරිම සංවේදී දෙයක්. ආගම නිසා අමානුෂිකත්වය ඇතිවෙන්න යන්නේ තත්පර කීපයක් විතරයි. හැබැයි කියන්නේ නම් ආගම නිසා සාමය, නිවීම ඇතිවෙනවා කියලයි. හොඳට බැලුවොත් තමයි පෙන්නේ ඇත්තටම ආගම් කරලා තියෙන්නේ මිනිසුන් බෙදීම සහ බෙදා පාලනය කිරීමට පාලකයන්ට මෙවලම් සැපයීම කියල. (බ)
ශල්‍යකර්මයට අවශ්‍ය කඳවල් නම් ඕනෑතරම් ලංකාවෙන් සපයන්න පුළුවන්. දැනටත් ලංකාවේ දේශපාලනය කරන්නේ චීන, ඇමරිකන්, ඉන්දියන්, අරාබි ඔලු තිබෙන අය. මොළය මැරිච්ච මන්ත්‍රීවරු රාශියකුත් ඉන්නවා (නි)
මේ අත්හදා බැලීම සාර්ථක වේවායි පතමු (බ)
සාර්ථක වේවා කියලා පතනවා (බ)
ඇසළ , දෙවියන් නැහැ කියන මිනිසුන් ඉන්න රටවලට වඩා දෙවියන් ඉන්නවා කියන මිනිසුන් ඉන්න රටවල් ගව්ගණන් ඉදිරියෙන් ඉන්නේ ඔවුන්ට දෙවියන් බලන නිසා (නි)
මෙහෙම කළොත් ඒ දෙන්නගේ අයිතිකාරයා කව්ද ? (නදී)
මැට්ටපහන මෙතනත් ආගමක් ගාවාගෙන තර්කයක් ගෙනෙන්න හදනවා. ලෝකෙන්ම බුද්ධිමතුන් අදහන ධර්මය අදහන බුද්ධිමතුන් ඉන්න ශ්‍රී ලංකාවේ කියලා ලෝකයේ ඉන්න හැම බුද්ධිමතෙක්ම දන්නවා හොඳට. ඒක හින්දා අපි වැඩිය කතා කළයුතු නැහැ, ඒ ගැන. (නි)
හොඳ උත්සාහයක්. සාර්ථක වේවායි පතමි (නදී)
සෑම් ඔබට බුදු රජාණන් වහන්සේ ධර්මයේ දේශනා කොට ඇත්තේ සිත තිබෙන්නේ අැස, කන, නාසය, දිව, ශරීරය හා මනසේ බවය. ඇස රුපය හා එකතු වීමෙන් සිත හට ගන්නවා නේද? අනික් ඒවා ඔබම සිතන්න. මනස සිතුවිලි සිත සිතා චේතනා පහල කරමින් කර්ම රැස් කරනවා. බලන්න කොතරම් නම් සත්‍යක්ද. බොහෝ සුත්‍ර දේශනා වල මේ බව සඳහන් වෙනවා. (නදී)
සෑම්, ඔයාගේ අදහස හරිම කුතුහලය දනවන සුළුයි. තව ආගමක කියනවා දෙවියන් විශ්වය මැවුවේ දවස් 6කින් කියල. ඒ කියන්නේ මේ සියලු දේවල් මිනිසත් ඇතුළුව. මම කිව්වා දවස් 6කින් මේ වගේ සංකීර්ණ ලෝකයක් මවන්න බැහැ කියල. එතකොට කවුද කිව්වා ඒවා දෙවියන්ගේ දවස්, ඒවා අපේ සාමාන්‍ය දවස් වගේ නෙමෙයි හරි දිගයි කියල. එන පොට හොඳ නැති නිසා මම හෙමිහිට එතනින් මාරු වුනා. මම එදා තේරුම් ගත්ත විද්‍යාව සම්බන්ද සංවාද හැමෝමත් එක්ක කරන්න බෑ, එහෙම කරන්න ගියොත් විවිධාකාර අපහසුතා ඇති වෙන්න පුළුවන් කියල. (නදී)
මම ඔබට ගරුකරමි..අනෙක් බහුතරයක් හිස් වදන් කියන මෝඩයන් වීම ලොකු දුකක්. (බ)
ඉතාම වටින ප්‍රවෘත්තියක්. නමුත් අවාසනාව කියන්නේ ගොඩක් අය මෙහි ඇති වැදගත්කමට වඩා බෙදාගන්න හැටි කල්පනා කරන එකයි. මෙහෙම උදවිය සමඟ තමයි අපිට අනාගතයට යන්න වෙලා තිබෙන්නේ. ජාතියක අවාසනාව. (නි)
හොඳ උත්සාහයක්. සාර්ථක වේවා කියා පතනවා (නි)
මේක කළහැකි දෙයක්.මොකද තථාගතයන් වහන්සේ දෙසා වදාළ අතිඋත්තම වූ අභිධර්ම දේශනයට අනුව ජීවිතේන්ද්‍රිය කියන එක (සිත ) හෘදය වස්තුව ඇසුරුකොට පහළවන බව දක්වා ඇත.හෘදය වස්තුවේ පිරිසිදු රුධිරය පවතින ප්‍රදේශයේ මෙය ඇති බවයි උන්වහන්සේ පෙන්වා වදාළේ .එහෙම කියනකොට කෙනෙක් කියයි හෘදය වස්තුව යන්ත්‍රයකින් පණගන්වන ඒ කියන්නේ කෘතීම හෘදය භාවිතා කරන කෙනා කොහොමද කියලා.එතකොට වෙන්නෙත් එකම දෙයයිනේ.මොකද එංගලන්තයේ එක්තරා පුද්ගලයෙක් හමුවී තිබෙනවා මොළයක් නොමැතිව.නමුත් හදවතක් නැති පුද්ගලයෙක් හමුවුණු බවක් වාර්තා වෙන්නේ නැහැනේ. (නි)
බෙදාගන්න එක ගැන අපි කලබල වෙන්න ඕන නැ .. ඒක ඔළුවයි කඳයි දෙක එකතු උනාට පස්සේ ඒ පුද්ගලයාම තීරණය කරගනී.. (බ)
ඔලුව පිටිපස්ස දිහාවට හරවල සෙට් උනොත් මාර කෙලිය තමා.(බ)
ඉස්සෙලම වැඩේ සාර්ථකද කියල බලන්න ? බෙදාගන්න එක පස්සේ කරන්න පුළුවන් (නදී)
මැරුණ කෙනාගේ මතකය අනිත් කෙනාට යයිද ? (නදී)
ඕක දන්නා නිසයි ඉස්සර මිනිස්සු ඔලුව ජපන් කඳ ජර්මන් කියලා කිවේ. (නදී)
බද්ද කළාට පස්සේ එයා හිස අයිති කෙනාද ? කඳ අයිති කෙනාද? (නදී)