IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


ඇෆ්ගනිස්තානයට දිගටම විදේශ ආධාර

විදෙස් හමුදා පිටවී ගියත් ඇෆ්ගනිස්තානයට ස්ථාවරභාවයක් ඇති කිරීම සඳහා දිගටම මුදල් ආධාර ලබාදෙන බව ජර්මනියේ ‘බොන් සමුළුවට’ සහභාගී වූ විදෙස් රටවල් ඊයේ (6) පොරොන්දු විය.ජර්මන් චාන්සල් ඇන්ජෙලා මාකෙල්ගේ අනුග‍්‍රහයෙන් ඇෆ්ගනිස්තානය ඇතුළු විදෙස් රටවල් 80 ක සහභාගීත්වයෙන්  බොන් නුවර එම සමුළුව පැවැත්වෙයි. අල් කයිඩා සහ තලේබාන් ඉස්ලාමීය සටන්කාමීන්ට එරෙහිව යුද සංග‍්‍රාම ආරම්භ කර ඇති ඇමෙරිකාව සහ නේටෝ හමුදා 2014 වසරේදී ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමට නියමිතය. මේ වනවිටත් කුඩා කණ්ඩායම් වශයෙන් විදෙස් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑම ආරම්භ කර තිබේ.විදෙස් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යන්නේ ඇෆ්ගන් ආරක්ෂක අංශවලට මනා පුහුණුවක් ලබා දී ඔවුන් ශක්තිමත් කිරීමෙන් පසුවය. ඇමෙරිකාව ප‍්‍රමුඛ විදෙස් හමුදා ඇෆ්ගනිස්තානය ආක‍්‍රමණය කොට තලේබාන් පාලනය පෙරළා දමා ඇරැුඹූ යුද්ධයට මේ වනවිට දස වසරක් සම්පූර්ණ වී ඇත. සංග‍්‍රාමය ඇරැුඹුණු දා පටන් සෑම වසරක් පාසාම ඇමෙරිකාව ප‍්‍රමුඛ යුරෝපා රටවල් ඇෆ්ගනිස්තාන ජනාධිපති හමීඞ් කර්සායිගේ රජයට ඇමෙරිකන් ඩොලර් බිලියන 7 ක මුදලක් ලබා දෙයි. නේටෝ හමුදා ප‍්‍රහාරයකින් පාකිස්තාන හමුදා සෙබළුන් 24 දෙනකු මියයෑමේ සිද්ධිය මුල් කොට ගෙන ඇෆ්ගනිස්තානයේ සමීපතම අසල් වැසියා වන පාකිස්තානය බොන් සමුළුව වර්ජනය කළේය. බොන් සමුළුවට පැමිණි  ඇෆ්ගන් ජනපති කර්සායි ජර්මන් චාන්සල්වරිය සමග...



අදහස් (0)

ඇෆ්ගනිස්තානයට දිගටම විදේශ ආධාර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 111 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 196 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1059 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site