IMG-LOGO

2025 නොවැම්බර් මස 21 වන සිකුරාදා


ඇමෙරිකා ශ්‍රේෂ්ඨාධිකරණය-ට්‍රම්ප් අතර ගැටුමක්

වොෂින්ටන්හිදීය (රොයිටර්ස්)
 
ඇමෙරිකා එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණය සමාජ ප්‍රශ්න නව නඩු විභාගයට ගැනීමට අකැමැත්ත පළ කිරීම හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරත් ගැටුමක් නිර්මාණය වී ඇතැයි වාර්තා වේ. 
 
ජනාධිපති ට්‍රම්ප් යටතේ පවතින නීතිපති දෙපාර්තමේන්තුව ඇතැම් නඩු කඩිනමින් අවසන් කිරීමට උත්සාහ කිරීම මෙම අර්බුදයේ මුල වී තිබේ.
 
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් නවදෙනා ඉදිරියේදී එම නඩු විභාගයට ගැනීමට පෙර අභියාචනාකරණ පද්ධතිය ඔස්සේ නඩු විභාග අවසන් කරගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව උත්සාහ කරන බවට චෝදනා එල්ල වී තිබේ.  

ජනාධිපතිවරයාගේ නීතිඥයන් ලබන වසරේදී නඩු විභාග ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඉදිරියට ගෙන ආවෝත් මෙම අර්බුදය තවත් උග්‍ර වනු ඇතැයි පැවසේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල, විනිසුරුවරුන් නවදෙනකුගෙන් සමන්විත වන අතර එයින් බහුතරය මධ්‍යස්ථ මතධාරිහු වෙති. එයින් විනිසුරුවරුන් දෙදෙනකු වන බ්‍රෙට් කවනෝ සහ නීල් ගෝසච් ජනාධිපති ට්‍රම්ප් නම් කරන ලද විනිසුරු වෙති. 
 
ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත්වූ දිනයේ සිට පහළ ෆෙඩරල් අධිකරණ දුන් නඩු තීන්දු බොහෝමයක් ඔහුගේ ප්‍රතිපත්තිවලට හිතකර නොවීය. බොහෝ අවස්ථාවලදී ඔහුගේ තීන්දු, තීරණ ප්‍රතික්ෂේප විණි. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවැති නඩු තීන්දු බොහෝමයක් ඔහුට හිතකර ඒවා විය.
 
මුස්ලිම් ජාතිකයන් බහුතරයක් ජීවත්වන රටවලට පැනවූ සංචාරක තහනම ක්‍රියාත්මක කරන්නට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දීම එයින් විශේෂ විය. පහළ උසාවි බොහෝමයකදී සංචාරක තහනමට එරෙහිව නඩු තීන්දු ලැබිණි. සංචාරක තහනම දිගටම පවත්වාගෙන යෑම සඳහා දුන් තීන්දුවේදී ට්‍රම්ප් පත්කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වූ නීල් ගෝසච්ගේ ඡන්දය ප්‍රධාන විය. 
 
එහෙත් කවනෝ පසුගිය ඔක්තෝබර් මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස පත්වීම් ලැබීමත් සමඟ එම තත්ත්වය වෙනස් විය. සෙනට් සභාවේ පැවැති දැඩි මතභේදාත්මක තත්ත්වයකින් පසුව කවනෝ එම තනතුරට පත්විය. එතැන් පටන් සමාජ ප්‍රශ්න සම්බන්ධ නඩු විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ. 
 
(055)



අදහස් (0)

ඇමෙරිකා ශ්‍රේෂ්ඨාධිකරණය-ට්‍රම්ප් අතර ගැටුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 5 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 131 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site