IMG-LOGO

ඇමෙරිකා රජයට එරෙහිව වොෂින්ටනයේ විරෝධතා රැලි

ජාතික ආරක්ෂක ඒජන්සිය සිදු කරන ඔත්තු බැලීම් සීමා කරන ලෙසටත්, දුරකතන සංවාද හොරෙන් අසා සිටීම නවත්වන ලෙසටත් බලකරමින්, ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර පසුගිය දින කිහිපයේ විරෝධතා රැලි කිහිපයක් පැවැත්විණි.

විරෝධතා රැලි සංවිධානය කර තිබුණේ, ඇමෙරිකන් මානව හිමිකම් සුරැකීමේ සංවිධානයයි. ඒ අතරින් ප‍්‍රමුඛත්වයක් ගෙන සිටියේ ‘ඉලෙක්ට්‍රොනික් ෆ‍්‍රන්ටියර්’ පදනම යැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේය.

විරෝධතා රැුලියට 5,000 කට ආසන්න ඇමෙරිකානුවෝ පිරිසක් එක් වී සිටියහ. ඇමෙරිකානු රජය, ජාතික ආරක්ෂාව ගැන සැලකිලිමත්වෙමින්, ඔත්තු බැලීමේ කටයුතු සඳහා, ‘පේට්රියොට් ඇක්ට්’ පනත යටතේ නව නීති සකස් කළේ මීට වසර 12 කට පෙරය. ඒ, 2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා ඇමෙරිකාවට එල්ල වූ අල් කයිඩා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසුවය.

එවැනි සිදුවීමක් යළි සිදුනොවීම වැළැක්වීමට ඇමෙරිකා රජය සහ සී.අයි.ඒ. බුද්ධි අංශය එරට එන්.එස්.ඒ. හෙවත් ජාතික ආරක්ෂක ඒජන්සියේ උදව් ඇතිව ඔත්තු බැලීම් සිදු කරයි.

එම ඔත්තු බැලීම් ඇමෙරිකාවට පමණක් සීමා වී නැත. මුළු ලෝකය පුරාම එම ඔත්තු බැලීම් කි‍්‍රයාත්මක වෙයි.

මේවනවිට එම ඔත්තු බැලීම් හේතුවෙන් ඇමෙරිකාවට ඇමෙරිකාවේ මිතුරු රටවලින් දොස් අහන්න පවා සිදුවී තිබේ.

 



අදහස් (0)

ඇමෙරිකා රජයට එරෙහිව වොෂින්ටනයේ විරෝධතා රැලි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 138 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 675 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site