බොහෝ තරුණියන් සිහින් සිරුරක් ලබා ගැනීමට ආහාර පාලනය සිදු කරනා සමයක වුවමනාවෙන්ම තරබාරු වීමට තැත් කරනා තරුණියක ගැන වාර්තා වන්නේ ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවරිනි.
විසිතුන් හැවිරිදි ටැමි ජන්ග් නැමැති මෙම තරුණියගේ මේ උත්සාහය කෙසේ හෝ රාත්තල් 420 ක් දක්වා සිට බර වැඩි කර ගැනීමයි.ඒ සදහා ඇය දිනපතාම කැලරි 5000 ක් පමණ අඩංගු වන ආහාර තොගයක් අනුභව කරන්නීය.ආහාර තවදුරත් අනුභව කිරීමට නොහැකි වූ විටෙකදී බලෙන් ඒවා කුසට ‘‘රිංගවා‘‘ ගැනීමටද ඇය කි‍්‍රයාකරන්නීය.මේ වන විට ඇයගේ බර රාත්තල් 231 දක්වා වැඩි වී ඇති අතර ඉක්මනින්ම තම ඉලක්කය කරා ළගා වීමට හැකියාව ලැබෙනු ඇතැයි ඇය විශ්වාසයෙන් සිටී.
බැදපු කුකුල් මස්,චීස්,බිත්තර ආදියෙන් ඇයගේ ආහාර වේල් සමන්විතය.ඇය ළගින්ම සිටිමින් ඇයගේ මේ ‘‘උත්සාහයට‘‘ ඇයට රුකුල් දෙනුයේ ඇයගේ පෙම්වතා බව සදහන්ය.
ටැමිටම වෙන්වූ වෙබ් අඩවියක්ද ඇත.එය තරබාරු කාන්තාවන්ට කැමැති වැඩිහිටියන්ටම පමණක් වෙන්වූවකි.එයිනුදු ඇය මසකට ඩොලර් 3000 ක (රුපියල් 384000)පමණ ආදායමක් ලබන බව කියැවේ.
‘‘කවුරු මොනවා කිව්වත් මම කරන්නේ මට කැමැති දෙය.ඔව් මටම කියලා වෙබ් අඩවියකුත් තියනවා.එයිනුත් මම හොද ගාණක් හම්බ කරනවා.අනික මම කන්න ආසයි.තරබාරු අයට කැමති අයත් ඉන්නවනේ‘‘ යැයි කියන්නේ ටැමිය.
බොහෝ තරුණියන් සිහින් සිරුරක් ලබා ගැනීමට ආහාර පාලනය සිදු කරනා සමයක වුවමනාවෙන්ම තරබාරු වීමට තැත් කරනා තරුණියක ගැන වාර්තා වන්නේ ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවරිනි.
විසිතුන් හැවිරිදි ටැමි ජන්ග් නැමැති මෙම තරුණියගේ මේ උත්සාහය කෙසේ හෝ රාත්තල් 420 ක් දක්වා සිට බර වැඩි කර ගැනීමයි.ඒ සදහා ඇය දිනපතාම කැලරි 5000 ක් පමණ අඩංගු වන ආහාර තොගයක් අනුභව කරන්නීය.ආහාර තවදුරත් අනුභව කිරීමට නොහැකි වූ විටෙකදී බලෙන් ඒවා කුසට ‘‘රිංගවා‘‘ ගැනීමටද ඇය කි‍්‍රයාකරන්නීය.මේ වන විට ඇයගේ බර රාත්තල් 231 දක්වා වැඩි වී ඇති අතර ඉක්මනින්ම තම ඉලක්කය කරා ළගා වීමට හැකියාව ලැබෙනු ඇතැයි ඇය විශ්වාසයෙන් සිටී.
බැදපු කුුකුල් මස්,චීස්,බිත්තර ආදියෙන් ඇයගේ ආහාර වේල් සමන්විතය.ඇය ළගින්ම සිටිමින් ඇයගේ මේ ‘‘උත්සාහයට‘‘ ඇයට රුකුල් දෙනුයේ ඇයගේ පෙම්වතා බව සදහන්ය.
ටැමිීටම වෙන්වූ වෙබ් අඩවියක්ද ඇත.එය තරබාරු කාන්තාවන්ට කැමැති වැඩිහිටියන්ටම පමණක් වෙන්වූවකි.එයිනුදු ඇය මසකට ඩොලර් 3000 ක පමණ ආදායමක් ලබන බව කියැවේ.
‘‘කවුරු මොනවා කිව්වත් මම කරන්නේ මට කැමැති දෙය.ඔව් මටම කියලා වෙබ් අඩවියකුත් තියනවා.එයිනුත් මම හොද ගාණක් හම්බ කරනවා.අනික මම කන්න ආසයි.තරබාරු අයට කැමති අයත් ඉන්නවනේ‘‘ යැයි කියන්නේ ටැම්ය.
COMMENTS
ඇයි ඇමරිකාවේ මෙට්ට හුඟක් ගණන්ද?(නදී)
මොන මහත ව්මක්ද එයා දැනටමත් මහතයි නේද?(නදී)
කරුමේ කියන්නේ ඕක
අපෝ මේකනම් ඉල්ලගෙන කන්න හදන වැඩක් වගෙයි (නි)
මහත කෙල්ලන්ට නම් මමත් ආසයි. (නි)
කොහොමත් ඇමෙරිකාවේ ජනගහනයෙන් 70% කට වඩා ඉන්නේ තරබාරු අය. දුප්පත් සහ මධ්‍යම පන්තියේ අයගේ ආහාර කෘතීම හෝර්මෝන වලින් යුක්ත නිසා අඩු මිලට කන කෑම වලින් එය සිදුවේ . ක්ෂණික ආහාර කන සියලු දෙනා තරබාරුය . එහෙත් යහමින් මුදල් තිබෙන අය තමන්ගේ කෑම බීම තෝරා බේරා ආහාර වේල ගනිති. තමන්ගේ ශරීරය ගැන සැලකිලිමත් වෙති.(නදී)
අනිවාර්යෙන් පෙම්වතා මෙයට ලොකු රක්ෂණයක් දාලා ඇති.(නදී)