ලබන වසර සඳහා අයවැය සම්මත කර ගැනීමට නොහැකි වීමෙන්, ඇමෙරිකා රජය මුහුණ දී ඇති අර්බුදය එරට සෙනෙට් මණ්ඩලයේ දී විවාදයට ගැනීමට නියමිතය.
ඇමෙරිකාවේ කොංග‍්‍රස් මණ්ඩලය, නියෝජිත මන්තී‍්‍ර මණ්ඩලය සහ සෙනෙට් මණ්ඩලය ලෙස කොටස් දෙකකි.
නියෝජිත මන්තී‍්‍ර මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමාගේ ප‍්‍රතිවාදීන් වන රිපබ්ලිකන්වරුන් සතුවය. සෙනෙට් මණ්ඩලයේ වැඩි බලය ඇත්තේ ඔබාමාගේ ඩිමොක‍්‍රටික් පක්ෂය සතුවය.
ඇමෙරිකාවේ අයවැය සම්මත කර ගැනීමට නොහැකි වී ඇත්තේ, ඇමෙරිකාවේ ඇමෙරිකාවේ මහජන නියෝජිත මණ්ඩලය සහ ඔබාමා පරිපාලනය අතර මත ගැටුමක් මුල්කර ගනිමිනි.
අයවැය සම්මත කර ගැනීම ඉකුත් සැප්තැම්බර් 30 වැනිදා මැදියම් රැයින් අවසන් විය. ඒ අනුව ඉකුත් පළමු වැනිදා සිට, ඇමෙරිකාවේ මූල්‍ය කටයුතු අඩපණ වී ඇති අතර, රාජ්‍ය ආයතනවලින් කොටසක් වසා දැමීමට ද පියවර ගෙන ඇත.
මහජන නියෝජිත මණ්ඩලය සහ කොංග‍්‍රස් මණ්ඩලය අතර මත ගැටුමක් නිර්මාණය වූයේ, ජනපති බැරැක් ඔබාමාගේ සෞඛ්‍ය ආරක්ෂක පනත මුල්කොට ගනිමිනි. ප‍්‍රතිවාදී රිපබ්ලිකන්වරුන් කියා සිටින්නේ, එම පනත සංශෝධනය විය යුතු බවය.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
741
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඇමෙරිකා අයවැය අර්බුදය සෙනෙට් මණ්ඩලයේදී විවාදයට
නසාර් Tuesday, 15 October 2013 11:57 AM
වෙනත් රටක් අක්‍රමණය කරන්න විතරද අනුමැතිය දෙන්නේ, ලංකාවෙන් උදව් දෙන්න වෙයි ....... (ස)
ආරියසේන Tuesday, 15 October 2013 09:55 AM
රිපබ්ලිකන්වරු තම රටට අහිතකර දේවල් සම්මත කර ගැනීමට ඉඩ නොදේ. (ස)