පෙන්ටනය ඇමෙරිකානු හමුදා සොල්දාදුවෙක් මියගිය විට,මියගොස් දින තුනක් ඇතුළත මියගිය හමුදා සාමාජිකයන්ගේ පවුල් වලට ඩොලර් 100,000ක් ගෙවන අතර ලබන වසර සඳහා අයවැය සම්මත කර ගැනීමට අපොහොසත් වීමත් සමඟ එම මුදල් ගෙවීමට නොහැකි වී ඇත.
මේ සම්බන්ධයෙන් කොංග‍්‍රස් මණ්ඩලයේ සාමාජිකයන් මෙන්ම ඇමෙරිකා වැසියන්ද විරෝධය පළකර ඇත.පසුගිය පළමු වැනිදා අයවැය සම්මත කර ගැනීමට නොහැකි වූයේ, ඇමෙරිකානු මහජන නියෝජිත මණ්ඩලය සහ කොංග‍්‍රස් මණ්ඩලය අතර එකඟතාවක් නොතිබීම මුල්කොට ගනිමිනි.
කථානායක ජෝන් බෝනර් ඔබාමා පාලනය සහ ගෙවීම් මඟහැරීම දැඩි ලෙස විවේචනය කළ අතර තවදුරටත් ඔහු පවසා සිටිියේ ඔක්තෝම්බර් පළමු වැනිදාට පෙර සම්මත කරගත් නීතිරීති මඟින් මරණ පාරිතෝෂිත ඇතුළු ගෙවීම් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශයට පුළුල් බලතල ලබාදුන් බවයි.
ඇමෙරිකාවේ මහජන නියෝජිත මණ්ඩල බහුතර බලය ඇත්තේ ඔබාමාගේ ඩිමොක‍්‍රටික් පක්ෂයට නොව ප‍්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂයටය.
මහජන නියෝජිත මණ්ඩලය සහ කොංග‍්‍රස් මණ්ඩලය අතර එකඟතාවක් ඇති නොවුණේ, ජනපති ඔබාමාගේ සෞඛ්‍ය ආරක්ෂක පනතට මහජන නියෝජිත මණ්ඩලයෙන් විරෝධයක් එල්ල වීමය.
මහජන නියෝජිත මණ්ඩලයේ රිපබ්ලිකන්වරුන් කියා සිටින්නේ සෞඛ්‍ය ආරක්ෂක පනත ඉවත් කර ගැනීමට ඔබාමා කටයුතු කරන්නේ නම්, අයවැය අනුමත කරගැනීමට සහාය දක්වන බවයි.
(වොෂින්ටන්හිදීය - ඒ.පී)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි ඕනේ නම් අපේ ජනාධිපති තුමාගෙන් ඉල්ලා ගන්න . ලෝකයේ ලොකුම කැබිනෙට්ටුව සහ ලොකුම වාහන ආරක්ෂක සේවය තිබෙන අපේ රටේ ඕන තරම් සල්ලි තියෙනවා . (දිල්)
ස්වෛරී ප්‍රජාතාන්ත්‍රික අරවද මේවද රාජ්‍ය කිව්වට ඇමරිකාවේ ප්‍රධාන රස්සාව තමයි මිනීමරන එකයි හොරකම් කරන එකයි නොවෑ. එහෙම කරලා සංදර්ශන තියලා අනිත් රටවලට තග දානවා.(දී)
ලෝකට පරකාසේ, ගෙදරට මරගාතේ ! (දී)
අන්න හොද වැඩක්
ඇමරිකාවේ ජනතාව කියනවලු මේක ලංකාවේ කුමන්ත්‍රණයක් කියල (ත)
ඕක තම කියන්නේ දිට්ට ධම්ම වේදනීය කර්මය කියල. (ත)
තව තෙල් තියන රටක සාමය උදාකරන්න ගියානම් ඒ තෙල් සල්ලි වලින් ගෙවන්න තිබුණා. (දිල්)