කියුබාවේ කෙළවරක පිහිටි ඇමෙරිකා හමුදාවට අයත් ග්වන්තනාමෝ බේ සිර කඳවුර වහාම වසා දමන්නැයි ඇමෙරිකන් ජනපති බැරැක් ඔබාමාට බල කරමින් වොෂින්ටන් අගනුවර ධවල මන්දිරය ඉදිරිපිට ඊයේ (19) දැවැන්ත විරෝධතා රැලියක් පැවැත්විණි.
විරෝධතාවට සහභාගී වූවෝ ඇමෙරිකාවේ මානව හිමිකම් සුරැුකීමේ කි‍්‍රයාකාරීහුය. විරෝධතාව පැවැත්වූයේ ග්වන්තනාමෝ බේ රැඳෙවියන් ආරම්භ කර ඇති උපවාසය පෙරේදා (18) දින 100 පසු කිරීමත් සමඟය. එම උපවාසයට රැඳෙවියෝ 100 දෙනෙක් එක් වී සිටිති.
රැඳෙවියන් උපවාසය ඇරැුඹුවේ, සිර කඳවුරේ දී ඔවුන්ට සිදුවන කුරිරු වධ බන්ධනයන්ට එරෙහිවය. උපවාසයේ යෙදන රැඳෙවියන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතළ බව ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය නිවේදනය කර ඇත.
ඇමෙරිකා රජය ත‍්‍රස්තවාදයට එරෙහි සටනේදී, අත්අඩංගුවට ගන්නා සැකකරුවන් රඳවා තැබෙන්නේ මෙම ග්වන්තනාමෝ බේ සිරකඳවුරේය. වසර ගණනක් තිස්සේ එහි සිරගත කර සිටින ඇතැමුන් නිරන්තරයෙන් කුරිරු වධ බන්ධනයන්ට ලක් කෙරෙන බව පැවැසෙයි.
උපවාසයේ යෙදෙන එම රැඳෙවියන් කියා සිටින්නේ තමන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කරන්නේ හෝ නඩු විභාග පවත්වන්නේ හෝ නැතිනම් තමන් වහා නිදහස් කරන ලෙසටය.
ග්වන්තනාමෝ බේ සිර කඳවුර පවතින්නේ ඇමෙරිකානු හමුදා පාලනය යටතේය. එහි නියාමකවරුන් වන්නේ හමුදා භටයන්ය. 2008 වසරේ ජනපතිවරණයට ඉදිරිපත් වෙද්දීත් මීට සති කිහිපයකට පෙරත් සිරකඳවුර වසා දමන බවට ජනපති ඔබාමා ඇමෙරිකානු ජනතාවට පොරොන්දු විය.
එම පොරොන්දුව ඉටු කිරීමට ජනපති ඔබාමාට නොහැකි වී ඇත්තේ සිර කඳවුරේ සිටින එම රැඳෙවියන් මුදා හැරීම ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි නිසාය.
|
ධවල මන්දිරය ඉදිරිපිට පැවැති විරෝධතා රැලිය |
COMMENTS
අපිට කමක් නැහැ
ඇමෙරිකාවේ සාමකාමී විරෝධතා පැවැත්වීමට ඉඩ දෙනවා . නමුත් එය සීමාවක් ඇතිව. පවතින ක්‍රමයට හානියක් නොවෙන. එහෙත් මේ විරෝධතා කන් දීමක් සිදු වන්නේ නැත. නමුත් ඇමෙරිකාව ලංකාව වගේ පොඩි රටවල් වලට බලපෑම් කරනවා, ඔවුන් නොකරන දේවල් අපිට කරන්න කියලා. ඒකයි වෙනස (නි)
කියුබාවට නිදහසේ ඉන්න ඉඩ දීලා ඔය කදවුර ඇමෙරිකාවට අරන් යන්න. ඊට පස්සේ ඕනෑ එකක් (නි)
එක්වර නිදහස් නොකර එක එක්කෙනා නිදහස් කරන්න කලින් කලට. ඉන්පසු සි අයි ඒ එකට බාර දෙන්න හදිසි අනතුරු, ගුවන් අනතුරු හරහා ආරක්ෂක තර්ජන අඩුකරන්න කියලා.නැතිව බැහැනේ ඔය වැඩේ කරන්න. (නි)