IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඇමරිකාවේ කැන්සාස් ප්‍රාන්තයේ වෙඩි තැබීමක්

ඇමරිකාවේ කැන්සාස් ප්‍රාන්තයේ  කර්මාන්තශාලාවකට කඩා වැදුනු පුද්ගලයෙක් වෙඩි තැබීම නිසා හතර දෙනකු මියගොස් තවත් විශාල පිරිසකට තුවාල සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. තුවාල කරුවන් අසාධ්‍ය තත්වයේ පසුවන බවත් වෙඩි තැබීම සිදුකලේයැයි සැකකරන පුද්ගලයා පොළිස් වෙඩිපහරින් මිය ගොස් ඇති බවත් කැන්සාස් ප්‍රාන්ත බලධාරීන් පවසයි.

පොළීසිය පවසන්නේ සැකකරු ආසන්නයේ පිහිටි හෙසස්ටන් නගරයේ කර්මාන්තශාලාවක සේවය කරන පුද්ගලයෙක් බවයි. වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ කර්මාන්තශාලාවේ 150ක පමණ පිරිසක් සේවය කරමින් සිට ඇත.

 



අදහස් (0)

ඇමරිකාවේ කැන්සාස් ප්‍රාන්තයේ වෙඩි තැබීමක්

සුපුන් Friday, 26 February 2016 10:56 PM

ලෝකේ සිවිල් ජනයාට තුවක්කු මිලදී ගැනීමට පුළුවන් එකම රට ඇමරිකාව නොවේ. යුරෝපයේ හැම රටකමත්, ඕස්ට්‍රේලියාව, නවසීලන්තෙත් මිලදී ගන්න පුළුවන්. නමුත් මෙතරම් මිනී නම් මැරෙන්නේ නැහැ. (නි)

:       0       0

ලුසිත Friday, 26 February 2016 12:37 PM

මේ දේවල් කාටත් පේන්නේ නැද්ද?9හේ)

:       0       0

රොහාන් Friday, 26 February 2016 12:29 PM

අපිට සන්හිදියාව ගැන බණ දෙසනවා අැමරිකාවේ බල්ලෝ බලල්ලු වගේ මිනිස්සු මරනවා (හේ)

:       0       0

පාල Saturday, 27 February 2016 01:36 AM

ලංකාවෙත් තුවක්කු තිබුනනේ දැනට අවුරුදී 20කට පමණ උඩදී. නමුත් යුද්ධ නැති ගොඩක් රටවල තුවක්කු මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා. ඉන්දියාවේත් සිවිල් ජනයාට තුවක්කු ගන්න පුළුවන්. නමුත් ඇමරිකාවේ තුවක්කු නීතිය ලිහිල් වැඩියි (නි)

:       0       0

ජෝයි Saturday, 27 February 2016 01:39 AM

මගේ කළු ජාතික ඇමරිකන් මිත්‍රයා තුවක්කු ගැන ඇතිවුණු කතාබහකදී තර්කකළේ මෙන්න මේ ලෙසයි. වාහනයක් බීමතින් හෝ මෝඩ ලෙස පදවා ජිවිත හානි කළාම වාහන තහනම් කරන්න කියලා කවුරුත් කියන්නේ නැත්නම් ඇයි තුවක්කු තහනම් කරන්න කියන්නේ? මට ඒ වෙලාවේ මතක්වුණේ ලංකාවේ ෆුල්ෆේස් හෙල්මට් නීතිය. (නි)

:       0       0

නාමල් - නිව් යෝර්ක් Friday, 26 February 2016 07:07 AM

හසන්, තේරුමක් ඇති දෙයක් කියන්න. මේවා අපරාදකරුවන් කරන අපරාධ. මානව හිමිකම් කැඩීම් කියන්නේ රජයක් හෝ පොලිසිය විසින් සිදු කලොත්. (ර)

:       0       0

නිපුන Friday, 26 February 2016 07:00 AM

මේවා ආසියාතික රටවල ඕනෑතරම් සිදු වෙනවා.. නමුත් ඇමරිකාවේ උනොත් ලෝකෙටම ප්‍රවෘතියක්.. ධනවත් රටවල මිනිස් ජීවිතවල වටිනාකම වැඩියි වගේ... (ර)

:       0       0

නාමල් - නිව් යෝර්ක් Friday, 26 February 2016 01:31 PM

රොහාන් ඔබ ඇමරිකාවට ගිහින් තියනවාද? ඔය විදිහට බල්ලෝ බළල්ලු වගේ මිනිස්සු මරනවා කොහෙද ඔබ දැක්කේ? ඇමරිකාවේ මිනීමැරුම් සාපේක්ෂව බොහෝ ආසියාතික රටවලට වඩා අඩුයි.. (ර)

:       0       0

රොහාන් Saturday, 27 February 2016 03:15 AM

මට වැදගත් අැමරිකාවේ මිනිස්සු මරණ එක නමේ ඔවුන් අපි රටට කරන අනිසි බලපෑම් ගැන කියන්න මම කොහොමත් පිටරට්ටුන්ට ගොටු අල්ලන්නේ නැහැ (බ)

:       0       0

සුදාර ලොස් ඇන්ජලීස් Sunday, 28 February 2016 01:36 AM

මොහාන්, ඔබ ඇමරිකාව ගැන වැඩිය දන්නෙ නැති නිසයි ඒ. ඇමරිකාවේ හැමෝටම තුවක්කු මිලදී ගන්නට බැහැ. කවදාවත් අධිකරණයකින් අපරාධයකට වැරදිකරුවෙකු නොවූ, වැඩිහිටි පුද්ගලයින්ට ෆෙඩරල් රජයේ පසුබිම් පරීක්ෂාවකින් පසුවයි මිලදීගත හැක්කේ. ඇමරිකාවේ මිනීමැරුම් ප්‍රමාණය ජනගහණය සාපේක්ෂව ලංකාවටත් වඩා අඩුයි. (නි)

:       0       0

පිටිගල Friday, 26 February 2016 09:13 AM

ඇමරිකාව තරම් භයානක රටක් ලෝකේ කොහෙවත් නැහැ. සිවිල් වැසියන්ට තුවක්කු මිලදී ගන්න පුළුවන් පුදුම අනුවන නීති ඇති රටක්.(හේ)

:       0       0

මලිති Friday, 26 February 2016 07:24 PM

ඔබ හරි නාමල්, නමුත් ඇමරිකාව අපේ රටට ඇඟිලි ගහන්නේ නැත්නම් (නි)

:       0       0

හසන් Friday, 26 February 2016 03:52 AM

මානව අයිතිවාසිකම් (බ)

:       0       0

පිටිගල Friday, 26 February 2016 08:07 PM

නාමල්, රොහාන්, ඇමරිකාවේ මිනීමරන්නේ බල්ලෝ බළල්ලු ගානට නොවෙයි, මැස්සෝ මදුරුවෝ ගාණට. (නි)

:       0       0

ගමගේ Friday, 26 February 2016 09:04 PM

නාමල්, මම හිතන්නේ රොහාන් ඇමරිකාව ගැන කියන්නේ හොලිවූඩ් ෆිල්ම් එකක් කියලා වෙන්න ඇති. (නි)

:       0       0

මොහාන් Friday, 26 February 2016 09:29 PM

නාමල් - නිව්යෝර්ක්, සමහරවිට අනෙක් ප්‍රාන්ත වල වෙන්නේ මොනවාද කියලා දන්නේ නැතුව ඇති. පොඩ්ඩක් පහුගිය සතියේ පත්තර අරගෙන බලන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 690 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site