IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඇමෙරිකාව ඇෆ්ගනිස්ථානයෙන් සිය හමුදා ඉවත්කර ගැනීම අරඹයි

 

ඇමෙරිකාව ඇෆ්ගනිස්ථානයෙන් සිය හමුදා ඉවත්කර ගැනීම ආරම්භ කර ඇතැයි වාර්තා වේ. ඇෆ්ගනිස්ථානයට සාමය ගෙන ඒම අරමුණු කරගෙන තලේබාන් සංවිධානය සමඟ ඇති කර ගත් සාම ගිවිසුමේ එකඟතාවයන් පරිදි හමුදාව ඉවත් කර ගන්නා බව ඇමරිකානු බලධාරීහු පවසති.


ගිවිසුම අත්සන් කිරීමෙන් දින 135 ක් ඇතුළත ඇමෙරිකාව සිය හමුදා 12,000 සිට 8,600 දක්වා අඩු කිරීමට එකඟ වී තිබේ.


ඇමෙරිකානු හමුදා ඉවත් කර ගැනීම, පසුගිය පෙබරවාරි 29 වැනිදා ඇමෙරිකා එක්සත් ජනපදය සහ තලේබාන් සංවිධානය අතර අත්සන් කරන ලද ඓතිහාසික සාම ගිවිසුමේ එක් කොන්දේසියකි.


ඇෆ්ගනිස්ථාන රජය මෙම ගනුදෙනුවට සහභාගී නොවූ නමුත් තලේබාන් සංවිධානය සමඟ සාකච්ඡා පවත්වනු ඇතැයි සඳහන් වෙයි.


ඇෆ්ගනිස්ථාන ජනාධිපති අෂ්රෆ් ඝානි මුලින් කියා සිටියේ සටන්කාමී කණ්ඩායම සමඟ සෘජු සාකච්ඡා සඳහා පූර්ව කොන්දේසියක් ලෙස තලේබාන් සිරකරුවන් නිදහස් කිරීමේ ගිවිසුමට තමන් එකඟ නොවන බවයි.


එහෙත් පසුව නිකුත් වූ වාර්තා සඳහන් කළේ ජනාධිපතිවරයා විසින් අවම වශයෙන් තලේබාන් සිරකරුවන් 1,000 ක් මේ සතියේ නිදහස් කිරීම සඳහා නියෝගයක් නිකුත් කරනු ලබන බවයි.


කෙසේවුවද හැමන්ඩ් පළාතේ ඇෆ්ගනිස්ථාන හමුදාවන්ට පහර දුන් තලේබාන් සටන්කරුවන්ට ප්‍රතිචාර වශයෙන් එක්සත් ජනපදය ගුවන් ප්‍රහාරයක් ආරම්භ කිරීමෙන් පසු සාම ගිවිසුම බිඳ වැටිණි.


සටන්කාමීන් මෙම ගිවිසුම පිළිගන්නේ නම් මාස 14 ක් ඇතුළත සියලු හමුදා ඉවත්කර ගැනීමට ඇමරිකාව සහ නේටෝ මිත්‍රපාක්ෂික රටවල් එකඟ වී තිබේ.


ගිවිසුම යටතේ සටන්කාමීන් ප්‍රහාරවලින් වැළකී සිටීමට මෙන්ම අල්කයිඩා සංවිධානයට හෝ වෙනත් අන්තවාදී කණ්ඩායමකට තමන් පාලනය කරන ප්‍රදේශවල ක්‍රියාත්මක වීමට ඉඩ නොදීමට ද එකඟ වී තිබේ.


ඇෆ්ගනිස්ථානය කේන්ද්‍ර කර ගත් අල්කයිඩා සංවිධානය විසින් 2001 සැප්තැම්බර් මාසයේදී ඇමරිකා එක්සත් ජනපදයට එල්ල කළ ප්‍රහාරයෙන් සති කිහිපයකට පසු ඇමරිකාව ප්‍රමුඛ හමුදා තලේබාන්වරුන් බලයෙන් නෙරපා දැමීය. 

 

තලේබාන් සංවිධානය නැවත එකතු වී කැරලිකාර බලවේගයක් බවට පත්වූ අතර 2018 වන විට ඇෆ්ගනිස්ථානයේ සමස්ත භූමියෙන් තුනෙන් දෙකකට වඩා ප්‍රදේශයක ක්‍රියාකාරී විය.


ගැටුම අතරතුර ඇමරිකා එක්සත් ජනපද හමුදා 2,400 කට වැඩි පිරිසක් මිය ගොස් තිබේ.

 

(බීබීසී ඇසුරිණි - 085)

 



අදහස් (1)

ඇමෙරිකාව ඇෆ්ගනිස්ථානයෙන් සිය හමුදා ඉවත්කර ගැනීම අරඹයි

WCA Tuesday, 10 March 2020 01:32 PM

ඕකම තමයි අපේ රටට කරගන්න ඕනේ වෙලා තිබුණේ බටහිර රටවලට... දැන් 3න් 2ක් දීලා මේ ගොල්ලෝ මාරුවෙනවා. දැන් "අල්කයිඩා සංවිධානය" නමත් නිකන් හොඳ වෙලා වගේ... ඉස්සර ඔහොම නෙවෙයි කිව්වේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site