IMG-LOGO

2025 ජනවාරි මස 25 වන සෙනසුරාදා


ඇමෙරිකාවෙන් ජෝර්දානයට දිගු දුර මිසයිල - ප්‍රහාරක යානා

සිරියාවේ අසල්වැසියකු වන ජෝර්දානයට ‘පේට්රියට්’ වර්ගයේ දිගු දුර මිසයිල තොගයක් මෙන්ම එෆ් 16 වර්ගයේ ප‍්‍රහාරක ජෙට් යානා ද ලබා දීමට ඇමෙරිකාව ඊයේ (4) තීරණය කළේය.
මේ වනවිට ඇමෙරිකා සෙබළු 200 ක බළඇණියක් ජෝර්දානයේ ස්ථානගත කිරීමට ද ඇමෙරිකාව කටයුතු කර ඇත.
ඇමෙරිකා ආරක්ෂක ලේකම් චක් හේගල්, ජෝර්දානයට එම මිසයිල සහ ප‍්‍රහාරක යානා ලබා දීම සම්බන්ධයෙන් සිය අනුමැතිය ලබා දී ඇති බවත් ජෝර්දානය සමඟ ඒකාබද්ධ යුද අභ්‍යාසයක් පැවැත්වීමට ද ඇමෙරිකාව සූදානම් බවත් පැවැසෙයි.
ජෝර්දානය සිරියාවේ දකුණුදිග අසල්වැසියාය. උතුරින් පිහිටි අසල්වැසියා තුර්කියයි. ජෝර්දානය මෙන් නොව තුර්කිය නේටෝ සාමාජිකයෙකි. නේටෝව මේ වනවිට තුර්කියට ‘පේට්රියට්’ වර්ගයේ මිසයිල ලබා දී ඇත.
යුද විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ සිරියාවට ප‍්‍රහාරයක් එල්ල කිරීමේ අරමුණින් තුර්කිය සහ ජෝර්දානය සූදානම් කිරීම ඇමෙරිකාවේ අරමුණ බවය. තුර්කියේ සිටින ඇමෙරිකා සෙබළුන්ගේ ගණන 400 කි.
පසුගියදා හොර රහසේ තුර්කිය හරහා සිරියාවේ සංචාරය කළ ඇමෙරිකානු සෙනෙට් සභික ජෝන් මැකේන් කියා සිටියේ සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ රජයේ හමුදා රටේ පවතින සිවිල් යුද්ධය ජය ගැනීමට ආසන්න බවය.
සිරියානු කැරැලිකරුවන් පරාජය කිරීමට ජනපති අසාද්ගේ රජයට හැකියාව ලැබී ඇත්තේ ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ගෙන් ලැබෙන සහාය නිසාය.



අදහස් (0)

ඇමෙරිකාවෙන් ජෝර්දානයට දිගු දුර මිසයිල - ප්‍රහාරක යානා

මහින්ද Thursday, 06 June 2013 04:01 AM

හොද යුධ උපක්‍රමයක් කැරලිකරුවන්ට ජයවේවා!(නදී)

:       0       0

පද්මා Wednesday, 05 June 2013 10:03 AM

පෙනෙන විදියට මේ යුද්දේ මුළු උතුරු අප්‍රිකානු රටවලින් පටන්ගත්තත් දැන් දැන් ගුල්ෆ් රටවලටත් එන්න වගේ ලෑස්ති. ගුල්ෆ් රටවලට අවොත් වෙන්නේ අපේ බඩේ පාර වදින එකයි.(නදී)

:       0       0

උදය Wednesday, 05 June 2013 02:05 PM

ලිබියාවේ කළා වගේ කරන්න බැරි වෙච්ච හින්දා ඇමෙරිකාවට දැන් එලිපිටම නටන්න වෙලා (නි)

:       0       0

සුකිරි Wednesday, 05 June 2013 10:07 AM

ලංකාවේ අපනයනයෙන් තනිකර 36% මිලට ගන්නේ ඇමරිකාව. ඇමරිකාවට අස්ථාවර උනොත් අපට වදිනවා. අපේ අය ගොඩක් වැඩ කරන්නේ මද පෙරදිග.එහෙ අස්ථාවර උනත් අපට වදිනවා. ඇමැරිකන් විරෝදියෝ වගේම මුස්ලිම් විරෝදියොත් ඒක මතක තියා ගන්න.(නදී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Wednesday, 05 June 2013 06:51 PM

'වැස්සට තෙමන එළුවා දෙස බලා නරියා දුක් වුනාලු" (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

සයුරෙන් එතෙර

බිලියන ගණනක ආයෝජන ඇතිකර ගන්න කැමතියි
2025 ජනවාරි මස 24 133 0

සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් සල්මාන් කුමරු, ඇමෙරිකාවේ නව ජනාධිපති ලෙස එම ධුරය බාරගත් ඩොනල්ඩ් ට්‍රම්ප්ට සුබ පතමින් පවසා ඇත්තේ ඉදිරි සිවු වසරක කාලය


ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානය එක්ක නෑ
2025 ජනවාරි මස 24 61 0

ඇමෙරිකාවේ 47 වැනි ජනාධිපති ලෙස එම ධුරයට තේරී පත් වුණු ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කළ විධායක නියෝගයකට අනුව, ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙයි. නියෝග


ට්‍රම්ප්ගේ නියෝගයකට අධිකරණය හරස් වෙයි
2025 ජනවාරි මස 24 182 0

ඇමෙරිකානු ජාතික ඩොනල්ඩ් ට්‍රම්ප්, ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් සැණින් ලබා දුන් එක් විධායක නියෝගයකට එරට ෆෙඩරල් අධිකරණය හරස් විය.


මෝදි ට්‍රම්ප්ට ලියයි
2025 ජනවාරි මස 22 243 0

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇමෙරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලිපියක් යවමින් සුබ පැතුම් එක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


ජනපති ට්‍රම්ප්ගෙන් චීනයට නව තීරුබදු
2025 ජනවාරි මස 22 282 0

පෙබරවාරියේ සිට චීනයට සියයට 10 ක තීරුබදු පැනැවීමට තමන් බලාපොරොත්තු වන බව ඇමරිකාවේ 47 වැනි ජනාධිපති ලෙස එම ධුරයේ දිවුරුම් දුන් ජොනල්ඩ් ට්‍රම්ප් පවසයි.


නියෝග රැසකට ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබයි
2025 ජනවාරි මස 22 235 0

ඇමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙමින්, ඇමෙරිකාව ස්වර්ණමය යුගයක් කරා ගෙන යන බවට ප්‍රතිඥා දෙමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ වැඩ බාර ගනිම


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 18 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 537 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 645 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site