උතුරු කොරියාව පසුගිය සිකුරාදා අත්හදා බැලූ බැලැස්ටික් මිසයිලයට ප්‍රතිචාරයක් ලෙස ඇමෙරිකානු බී-1බී බෝම්බ හෙළන යානා සමූහයක්
කොරියානු අර්ධද්වීපයට ඉහළ අහසේ පියාසැරියක නිරත වූ බව ඇමෙරිකානු ගුවන් හමුදාව අද (30) නිවේදනය කළේය.
තමන් සාර්ථකව තවත් අන්තර්මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් අත්හදා බැලූ බව උතුරු කොරියාව සිකුරාදා නිවේදනය කළේය.
එම මිසයිලයට ඇමෙරිකාවට සෘජුව ගමන් කළ හැකි බවත් උතුරු කොරියාව නිවේදනය කළේය. උතුරු කොරියාව මේ මස මුලදී අත්හදා බැලූ අන්තර්මහද්වීප බැලැස්ටික් මිසයිලයට ඇලස්කාවට ළඟාවිය හැකි බව විශේෂඥයෝ ප්‍රකාශ කළහ.
ඇමෙරිකාවට අයත් බටහිර ශාන්තිකර කලාපයේ පිහිටි ගුආම් ගුවන් හමුදා කඳවුරෙන් පිට වූ බෝම්බ හෙළිය හැකි බී-1බී බෝම්බ හෙළන යානා කොරියානු අර්ධද්වීපයට ඉහළ අහසේ ගමන් කර තිබෙන අතර ඉන් අනතුරුව ජපානය සහ දකුණු කොරියාව ප්‍රහාරක ජෙට් යානා යොදාගනමින් පැවැත්වූ ගුවන් හමුදා යුද අභ්‍යාසයට එක්ව ඇතැයි වාර්තා විය.
(රොයිටර්) - 055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd